දේශපාලන

පාස්කු ප්‍රහාරයේ හවුල් කරුවන් වු අගමැති මහින්ද ට වතිකානුවේ දොර වැසේ

Spread the love


අහිංසක කිතුණු බැතිමතුන් 350 කට ආසන්න පිරිසක් මරා දේශපාලන කුමන්ත්‍රණ තුලින් බලය ලබාගත් මෛත්‍රිපාල- ගෝඨාභය සුසංයෝගය අද ශ්‍රි ලංකාවට මහත් පිලලයක් වී ඇත. ඒ අහිංසකයන් ගේ ශාපය වැදි බලයට ගෙනා හා බලය ලබාදුන් සියල්ලටම දඩුවම දෙමින් ස්වභාව ධර්මය ලංකාව පුරාම සැරි සැරීම සිදුවන බව ඉතාම කණගාටුවෙන් වුවත් ලිවිය යුතුම සත්‍යයි.

අපරාධකරුවන් හා කුමන්ත්‍රණකරුවන් කවරෙක්දැයි යන්න ඉතාම පැහැදිලිව පෙනි පෙනි සත්‍ය විකෘති කරමින් රටේ ජනතාව එදා සිටම ගොනාට අන්දන රාජපක්ෂ කාලකණියන් දැන් ලෝකයත් ගොනාට ඇන්දවීමට සුදාමන්වෙමින් ඇත.පසුහිය දා වතිකානුවේ සුද්ධෝත්තම පාප්වහන්සේව ශ්‍රි ලංකා අගමැති මහින්ද රාජපක්ෂට බැහැ දැකීමට අවසර ඉල්ලා ඇත. ඒත් අද නිලවශයෙන් අපට දැන ගැනීමට හැකි වුයේ ඒ සදහා කිසිදු අවස්ථාවක් වතිකානුවෙන් ලබා දී නොමති බවයි.

ඇත්ත බොරුව කොට පාස්කු ප්‍රහාරය පිලිබදව පට්ට කෙබර ඇද බෑමට මහින්ද රාජපක්ෂට ඉඩ ලබා නොදිම පිලිබදවත් ඊට එරෙහිව වතිකානුවේ සිටින ශ්‍රි ලංකාවේ කාදිනල් හිමිපාණන න් ගේ නියෝජිතයා විසින් ගත් ක්‍රියා මාර්ගය මිය ගිය හා ජිවත්ව සිටින යුක්ති ගරුක පුරවැසියන් ගේ ප්‍රසාදයට ලක්ව ඇත.

එසේම මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා අගමැති නැමති පට්ට හොර දෙටුවෙකු ඉතාලියේ Bologna විශ්වවිද්‍යාල සිසුන්ට දේශනයක් ලබාදීමට පැමිණිමට සුදානම් බවත් මේ වනවිට ආරංචි මාර්ග තහවුරු කර ඇත. ඉතාලියේ එම විශ්ව ද්‍යාලයෙන් මේ පිලිබදව හෙට අපි විමසීමට සුදානම්ව සිටින්නෙමු.

කෙසේ වෙතත් මේ පිලිබදව අද කදිනල් හිමිපණන් විසින් නිර්භීතව මාධ්‍ය හමුව්ක් පැවැත්වීම පිලිබදව් අප ද අගය කරන්නෙමු. දැන්වත් රාජපක්ෂලා ගේ පච රෙද්ද ගැලවීමට සියල්ලෝම එකතු වෙනු ඇතැයි අපි සිතන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like