මිනිස් අවයව / ඉන්ද්‍රිය ජාවාරම නීති විරෝධී ය. අවයව නීත්‍යානුකූලව පරිත්යාග කිරීම සඳහා පුළුල් නීතිමය සීමාවන් නොමැති වීම හේතුවෙන් ඒ යටතේ කිසිදු රෙගුලාසි නොමැත. එහි ප්‍රතිඑලයක් ලෙස සමහර ශ්‍රී ලාංකික වෛද්‍යවරු මෙම නීති විරෝධී වෙළඳාමට ආකර්ෂණය වී ඇත.නීති විරෝධී වකුගඩු ජාවාරම මගින් ඔවුන් අධික මුදලක් උපයති.
සෑම වසරකම 1500 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් තම වකුගඩු විකුණති. නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි.
වකුගඩු හෝ ඕනෑම අවයවයක් විකිණීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී ය. නමුත් වකුගඩු මිලදී ගැනීම සහ බද්ධ කිරීම කිරීම රහසිගතව සිදු කෙරේ . කොළඹ පුද්ගලික රෝහල්වල වකුගඩු ඩොලර් දස දහස් ගණනකට අලෙවි වී තිබේ. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව අවයව, විශේෂයෙන් වකුගඩු සඳහා විශාලතම කළු වෙළඳපොල බවට පත්ව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් බොහොමයක් සිදු කෙරෙන බැවින් ශ්‍රී ලංකාවේ නීති විරෝධී වකගඩු වෙළඳ පොළ ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩු ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබේ. ඉන්දීය මාධ්‍යවේදී නිෂ්තා චුග් පවසන පරිදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් ඩොලර් 53,000 සිට ඩොලර් 122,000 දක්වා විදේශීය වකුගඩු ගැණුම්කරුවන් සඳහා පැකේජ ලබා දෙයි.
විරෝධී වකුගඩු ජාවාරම් වලට සම්බන්ධ බවට ඉන්දියානු පොලීසිය විසින් ලබා දුන් තොරතුරු සහ ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය විසින් කල පරීක්‍ෂණ අනුව වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය , මහාචාර්‍ය රිස්වි ශෙරීෆ් ගේ දියණිය වන වෛද්‍ය හබීබා ෂෙරීෆ් , වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඇතුළු තවත් වෛද්‍යවරු කිහිප දෙනෙකු සම්බන්ධ බව සොයා ගැනුනි. මෙම වකුගඩු ජාවාරම පිලිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ගේ මූලිකත්වයෙන් යුතුව කමිටුවක් පත් කලද සියළු පරීක්‍ෂණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම් මත යටපත් කරන ලදි. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටුව අක්‍රිය කරන ලද අතර නීති විරෝධී මිනිස් අවයව ජාවාරමට සම්බන්ධවූ වෛද්‍යවරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ නැත. එසේම වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු මාෆියාවේ විශාල පුරුකකි. ඔහුගේ අන්වර්ථ නාමය ‘වකුගඩු හන්ටර්’ ය. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන විට ඔහු තැරැව්කරුවන් මගින් ද්‍රවිඩ තරුණයන් වකුගඩු දායකයන් කර ගත්තේය. රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලේ සේවය කල සමයේදී අනියම් සායනයක් පවත්වා ගනිමින් වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්‍ෂා කොට යහපත් මට්ටමේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇති පුද්ගලයන් වකුගඩු දායකයන් ලෙස පුද්ගලික රෝහල් වලට රහසේ යොමු කරන ලද. බව මුලින්ම හෙලි කරන ලද්දේ රාවය පුවත්පත විසිනි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ලේඛනගත කිරීමකින් තොරව වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්‍ෂා කල බව යාපනය රෝහලේ සේවය කල හෙදියකද සනාත කල නමුදු රෝහලට අවමානයක් වන බව කියමින් රෝහල් අධ්‍යක්‍ෂකවරයා විසින් ඇයව නිහඞ කරවන ලදි.
වර්තමානයේ පොලොන්නරුව රෝහලේ සේවය කරන රංග මිගාර වීරක්කොඩි විකල්ප මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස රෝගීන් විශාල ප්‍රමාණයක් ඩයලයිසිස් කිරීම සඳහා කොලඹ සහ කුරුණෑගල පෞද්ගලික රෝහල් වලට යවමින් කොමිස් ලබා ගැනීම ආරම්භ කොට තිබේ. ඩයලයිසිස් කිරීම අත්‍යාවශ්‍ය නොවන රෝගීන් පවා ඔහු පුද්ගලික රෝහල් වලට යවමින් කොමිස් ලබා ගනියි. මිනිස් අවයව ජාවාරම් වලට සම්බන්ධවූ රංග මිගාර වීරක්කොඩි නම් වෛද්‍ය නිලධාරියාව පොළාන්නරුව රෝහලට එවීම පිලිබඳව පොළාන්නරුව ජනතාව විරෝධතාව දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් “අපේ පොලොන්නරුව” සංසදයේ බණ්ඩාර අබේකෝන් මහතා විසින් පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා වෙත ලිඛිතව දන්වා ඇති අතර අක්‍රමිකතා වලට සම්බන්ධ රංග මිගාර වීරක්කොඩි වෙනුවට වෙනත් වෛද්‍යවරයෙකු පොළාන්නරුව රෝහලට ලබා ගැනීමට කටයුතු යොදන ලෙස ඉල්ලා තිබේ.
මානව පටක බද්ධ කිරීමේ (1987 අංක 48) – පනත උල්ලංඝනය කරමින් දිවයිනේ ජාලයක් ලෙස පැතිරී ගිය නීති විරෝධී මිනිස් අවයව ජාවාරම දැන් බෞද්ධ භික්‍ෂූන් ඉලක්ක කර ගනිමින් සිටින බව වාර්තා වෙයි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යන ඇතුලු වෛද්‍යවරුන් ගේ කණ්ඩායමකින් සැදුම් ලත් මෙම මාෆියාව තම තැරැව්කරුවන් ලංකාවේ විවිධ පන්සල් වලට යවමින් වකුගඩු දන් දීමට තරුණ බෞද්ධ භික්‍ෂූන් පොළඹවා ගනිමින් සිටිති. වකුගඩු තැරැව්කරුවන් දැන් පන්සල් වල..අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩිපුරම සිටින්නේ බෞද්ධ භික්‍ෂූන් ය. මොවුන් භික්‍ෂූන්වහන්සේලා වෙත තැරැව්කරුවන් යවමින් භික්‍ෂූන්වහන්සේලා වකුගඩු දායකයන් බවට පත් කරගෙන වකුගඩුවක් රුපියල් ලක්‍ෂ 30- 40 අතර මුදලකට කළු කඩයේ විකුණති. මෙම මාෆියාවේ තැරැව්කරුවන් දැන් පන්සල් වල සැරි සරති. ඔවුන් භික්‍ෂූන්ව වකුගඩු පරිත්‍යාගයට පොළඹවති. මුලදී දානයේ ආනිශංස කීමෙන් ද පසුව මුදල් දීමෙන් ද තැරැව්කරුවෝ බෞද්ධ භික්‍ෂූන්ව රවටා ගනිති. මොවුන් ගේ උපක්‍රම වලට බොහෝ තරුණ බෞද්ධ භික්‍ෂූන් අසුවී තිබේ.
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පවසන ආකාරයට ඔහු පුද්ගලික සේවයේ නොයෙදෙයි. සාමාන්‍ය මධ්‍යම පන්තියකින් ආ රංග මිගාර වීරක්කොඩි මේ වන විට විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබේ. ඔහුගේ මුදල් ඔහු පොම්ප කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටය. ඔහුගේ සහෝදරයා වන සිදත් වීරක්කොඩි ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. මුලදී ඉන්දියානු අවන්හලක වේටර්වරයෙකු සහ කෝකියාගේ සහායකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ වැඩ කල සිදත් වීරක්කොඩි මේ වන විට ඕස්ට්‍රේලියාවේ එපාර්ට්මන්ට් දෙකක හිමිකරුවෙකි. තවද ඔහු තම බිරිඳගේ නමටද දේපළ මිලට ගෙන ඇත. මේ මුදල් සියල්ල රංග මිගාර වීරක්කොඩි ගේ බව පැවසේ.
රංග මිගාර වීරක්කොඩි පිලිබඳ ලැබුණු පැමිණිලි නිසා මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (හදිසි වැටලීම් ) ඩී.එම් .සී.කේ දිසානායක මහතා විසින් ඔහු පිලිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලදි. එහෙත් මාෆියාවේ බලපෑම් මත පරීක්‍ෂණය මේ වන විට යට ගසා ඇත.