අජිත් නිවාඩ් කබ් රාල් යනු මෙරට ආර්ථිකට විශාල විනාශයක් කල තවත් එක්තරා දුෂිතයෙකි. 2015 වසරට පෙර පැවති අජිත් නිවාඩ් කබ් රාල්ලාගේ බැන්දුන්කර සියල්ල පිලිබදවම එදා එලියට පැමිණියේ එවකට පාර්ලිමේන්තු කෝප් කොමිටුවේ සභාපති ලෙසට කරන ලද වෝහාරික විගණන පරික්ෂණයෙන්ය.
එදා මහින්ද රාජපක්ෂ පාලන කාලයේදි මහබැංකු අධිපති ලෙසට වසර ගනනාවකම කටයුතු කලේ අජිත් නිවාඩ් කබ් රාල්ය. ඒ වෝහාරික විගණන වාර්තා පිලිබදව පසුව වහාම නඩු පැවරීමට ක්‍රියාකරන ලෙසට එවකට නිතිපති දැනුම් දුන් නමුත් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන ගේ උවමනාව හා බාධාකිරීම මත අජිත් නිවාඩ් කබ් රාල්ට නඩු පැවරීම නතර විය. ලංකාවට ඔලිම්පික් මලල ක්‍රිඩාතරඟාවලිය ලබාගැනීමට යැයි කියා අප්‍රිකානු දුපතකට ඒවක නාමල් රාජපක්ෂ සමඟ ගිය අජිත් නිවාඩ් කබ් රාල් තවත් කෝටි 10 කට වඩා මුදලක් විනාශ කොට අසීමිත විනෝදයක් ලබා මෙරටට පැමිණි පුද්ගලයෙකි.
අජිත් නිවාඩ් කබ් රාල්ලා දැනුදු සිදු කරනුයේ දුෂණයන් අසීමිතව මුදල් හම්බ කිරීමකි. පසු ගිය දා තම විශ්‍රාම වැටුප රුපියල් ලක්ෂ 19 කට වඩා වැඩි කර ගත්තාය. ඒ සියල්ලම තමාට අවශ්‍ය ආකාරයට සකස් කොට නැවත මහබැංකු අධිපති කමට තවත් නොබෝදිනකින් යනු ඇත. ඒ පසු ගිය කාලයේ ආකාරයටම බැන්දුම්කර මඟඩිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නිසාය. අජිත් නිවාඩ් කබ් රාල් ගේ ඉවත්විමෙන් පසුව එම පාර්ලිමෙන්තු අසුනට ජයන්ත කැට ගොඩ හා මහින්ද රාජපක්ෂ ගේ පුත් රෝහිත දැනටම ඉල්ලීමක් කර ඇත. ඒත් ඊට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය දෙදෙනාම එක හෙලාම විරුද්ධ වී ඇත.
ඒ නිසාම බොහෝදුරට දැන් යන එනමන් නැතුව සිටින ජයන්ත කැට ගොඩ ඊට නම් කිරීමට ඉඩ ඇති බවට අපවෙත වාර්තා වේ.