ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සිරිමාවෝ බණ්ඩාරනායක විසින් වසර 50 කට ආසන්න කාලයකට පෙර පිහිටුවන ලද්දේ එක්තරා පැහැදිලි කාර්යක් සිදුකිරීම සඳහා පමණි.
එනම්, එවක පවුල් 6000කට අයිතිව තිබු, අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන රජය යටතට පත්කිරීමට. එය සිදුකරන ලද්දේ රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන රජයට ඉඩම් පවරාගනීමටය. එනම් මෙම ඉඩම් රජයේ ඉඩම් වේ. එමනිසා නීත්‍යනුකුලව මෙම ඉඩම් රජය සතු බැවින් අදාළ ඉඩම් පවරාගැනීමට ස්ථාපිත කළ කොමිසම පවා තාවාකාලික කාර්යකට ස්ථාපිත කළ කොමිසමකි.
එබැවින් අද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යනු කිසිඳු අවශ්‍යතාවක් නොමැති මිලියන සිය දහස් ගණන් මාසිකව සහ වාර්ෂිකව කා දමන සුදු අලියෙකි. රජයේ ඉඩම් කළමනාකරණය ඉඩම් අමාත්‍යංශය යටතේ ඉඩම් කොමසාරිස්ට කළහැකිව තිබියදී මෙවැනි ආයතනයක් පවත්වාගෙන යම් යම් දේශපාලුවන්ට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරීන්ට සහ ව්‍යාපාරිකයින්ට ඉඩම් කොල්ල කෑමටය.
දුප්පත් ඉඩම් අහිමි මිනිසුන්ට කිසි ලෙසකින්වත් ඉඩම් ලබාදීම සිදුනොවන අතර දේශපාලන හෙන්චයියන් වන ඉඩම් කොල්ලකරුවන් ඉඩම් අහිමි අයවලුන් ලෙස පෙනී සිට දේශපාලකයන්ගේ ලියුමක් ගෙන ඉඩම් ලබාගන්නා අතර මෙහි අලුත්ම නාටකය වන්නේ තරුණ ව්‍යවසායිකයින්ට ඉඩම් ලබාදෙන ව්‍යාපෘතියක මුවාවෙන් ඉඩම් අමාත්යංශය හරහා තම දෙස්පාවලන හිතවතුන්ට අක්කර 5 බැගින් ලබාදීම ආරම්භ කිරීමට හොර රහසේ අයදුම්පත් කැඳවීමය.
අප දන්නා හඳුනන ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් පවසන්නේ එසේ නිර්දේශ ලබාගැනීමට පැමිණෙන සියල්ලන්ම යමක් කමක් ඇති වර්තමාන ආණ්ඩුවේ දේශපාලකයෙකුගේ ඥාතියකු හෝ හිතවතෙකු බවය. ඔබත් යහපත්, දුෂණයට එරෙහි දේශපාලන බලපෑම් වලින් හෙම්බත් වී සිටින රාජ්‍ය නිලධාරියකු නම් ඔබ සතු මෙවන් LRC ඉඩම් හොරකම් සහ කොල්ලයන් පිලිබඳව අප දැනුවත් කරන්නට කාරුණික වන්න. ඔබගේ රහස්‍යභාවය සම්පුර්ණයෙන් සුරකින අතර ඒවා මත පදනම්ව අප මෙම ඇමතියන් සහ නිලධාරීන්ට එරෙහිව ඔවුන්ගේ නම්වලින්ම නඩු පැවරීමටත්, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමටත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අදාළ පාර්ලිමේන්තු කමිටු හරහා COPE/COPA/PSC/SPC/CPP ඇතුළු කමිටු විශාල ප්‍රමාණයකට මෙම නිලධාරීන් ගෙන්විය හැකිය) මේවා පැමිණිලි ලෙස විභාගයට ගැනීමටත්, එමෙන්ම පාර්ලිමේන්තුවේ අදාළ සභිකයින් හරහා මේවා ලිඛිත සහ වාචික පිළිතුරු බලාපොරෝත්තුවෙන් ප්‍රශ්න කිරීමටත් බලාපොරොත්තු වෙමු.
කෙසේනමුත් මේ වනවිටත් LRC ආයතනයේ විශාල අකාරයේ ඉඩම් මංකොල්ලයන් ප්‍රමාණයක් අප වෙත වාර්තාවී ඇති අතර, අමාත්‍යවරුන් මුදල් ලබාගැනීම්, නිලධාරීන් අල්ලස් ගැනීම් සහ තම හිතවතුන්ට ඉඩම් ලබාදීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඉඩම් පවරාගත් පාර්ශ්වයන්ට ඉඩම් ලබාදීම පවා සම්පුර්ණ කරනොමැති පසුබිමක, (තමන්ගේ ඉඩම් ගත්තායි බොරු ලේඛන ඉදිරිපත් කර දේශපාලුවන් සහ ව්‍යාපාරිකයින් ඉඩම් හොරාකා ඇති බවටද අප වෙත තොරතුරු ඇත) ඉඩම් නොමැති දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අවශ්‍යතාව සඳහා ඉඩම් වෙන්කර නොමැති පසුබිමක, මෙසේ හිතෙන හිතෙන ආකාරයට ව්‍යපාරික දේශපාලන අවශ්‍යතා මත ඉඩම් බැහැරකිරීම මහා අපරාධයකි.

යම් යම් පාර්ශව මෙසේ ලබාගන්නා ඉඩම් වනසා මුදල් හම්බකරගැනීමත්, එසේ නොමැතිනම් වෙනත් පාර්ශ්වවලට අධික ලාබහයකට නැවත බදුදීමත් මෙන්ම මෙවැනි ඉඩම්වල පස්කැපීම, කළුගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැනීම්ද, LRC ඒක විසින් ලබාදිය යුතු ඉඩම් වෙනුවට JEDB ඉඩම් ලබාදීමට/විකිණීමට උත්සාහ කිරීම, (එසේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ කරන ලද එවන්
එවන් ඉඩම් මංකොල්ලයක් සම්බන්ධව මේ වන විටත් විභාගයක් සිදුවෙමින් පවතින බවට වාර්තාවේ. ඒ සම්බන්ධව ඉදිරියේදී වෙනම කොටසක් ලෙස ගෙන එන්නෙමි) මේවා බහුතරයක් පසුපස සිටින්නේ චන්ද්‍රසේන ඇමතිවරයා විසින් මෙවැනි සොරකම් සඳහාම සුදුසු තමන් හොරෙකු බව හඬ පටයක් ලීක් කරගත්තා යයි කියන නිලධාරියා ඇතුළු කීප දෙනෙකි.
මෙම මංකොල්ල අමුතුම එකකි. ඉන් ඒක් ආකාරයක් නම්, එක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මාෆියාව විසින් තමන්ගේ ගොනු තුල සිටින ඉඩම් ලබාදිය යුත්තන් සොයා (අක්කර 5 සිට 50 දක්වා) සොයා තෙවන පාර්ශවයක් හරහා ඒවායේ පැරණි ඉඩම් ලබාදීමට තිබෙන ඉඩම් හිමියන් සොයා ඔවුන් වෙත ගොස් ඔවුන්ට මුදල් ගෙවා Power of attorney ලබාගෙන පසුව ඒ හරහා තමන්ට අවශ්‍ය ඉඩම් නොයෙක් සුන්දර කඳුකර ප්‍රදේශ සහ වටිනාකම වැඩි වෙනත් ප්‍රදේශ සොයා ලබාගනී. (මේවා ගැනද සිද්ධි කීපයක් අප ඉදිරියේදී හෙලිකරන්නෙමු).
මෙවැනි ඉඩම් ගනුදෙනුවලදී ඇමතිවරුන්ට හා නිලධාරීන්ට නොයෙක් ආකාරයේ අල්ලස් ලබාදේ. එය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ක්ෂේත්‍රයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ට ලබාදෙන රුපියල් 10,000 20,000 සිට ඉහළ නිලධාරීන්ට ලබාදෙන මිලියන ගණන් මුදල්ද, ඇමතිවරුන්ට ලබාදෙන මිලියන 10, 20, 40 සිට මිලියන සිය ගණනක් දක්වාද වේ. මෙවැනි දුෂිත ඉඩම් ගනුදෙනු සම්භන්ධ පරවුර්ති වාර්තා ඔබ අධ්‍යනය කර ඇත්නම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අතීතය හදාරා ඇත්නම් අමුතුවෙන් කිව යුතු නොවේ. එසේත් නොමැතිනම් විඝනකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධව කර ඇති විඝනනයන් අධ්‍යනය කරන්න.
එතෙක් ලොකුම ගැටළු පසෙක තබා කුඩාම සහ අලුතෙන්ම වාර්තාවන ගැටළු කිහිපයකින් LRC ඉඩම් මංකොල්ලය ගැන සහ LRC වනවිනාශය ගැන පටන් ගන්නෙමි. ඉඩම් ප්‍රතිසන්කරන කොමිසම, ජනාධිපති කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන විශාල ප්‍රමාණයකට අප විසින් මෙම ඉඩම් අවභාවිතාවන් සහ කොල්ලයන් සම්බන්ධව එකින් ඒක පැමිණිලි ඉදිරිපත් කරන අතර එහි පළමුවැන්න මේ වන විටත් යවා අවසානය.
ඒ අනුව මෙම පළමු ඉඩම් කොල්ලය නම් රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්ලිදුවාව ග්‍රාමසේවා වසමේ ඇඹිලිපිටිය ඉඩම් ප්‍රථිසංස්කරන කොමිෂන් සභා කාර්යාලයට අයත් ප්‍රදේශයේ (අධ්‍යක්ෂ රංජන් වීරසිංහ සහ ක්ෂෙත්‍ර නිලධාරී සමන්ත) යන අය විසින් අයුතු ලෙස ඉඩම් අල්ලාගැනීමට යම් යම් පාර්ශ්වයන්ට අවසර ලබාදීමයි. ගම්මුන් අප වෙත ලබාදුන් ප්‍රකාශ අනුව මෙලෙස ඉඩම් ලබාදීමේදී සන්තෝෂම් ලෙස දශ ලක්ෂ ගණනක් (ඔවුන්ට අනුව ලක්ෂ 60 ත් – 70ත් අතර මුදලක් මුදලක්) ලබාගෙන ඇති බව පවසයි. එලෙස,
01). නිහාල්.
02). සරත්.
03). සනී.
04). ඉන්දික.
05). සුනිල්.
06). එරන්ද.
වැනි නොයෙක් නම්වලින් හඳුන්වන අයට මෙසේ ඉඩම් ලබා දී ඇති අතර ඒ මුළු
අක්‍රමවත් ලෙස ඉඩම් බැහැරකළ ප්‍රමාණයෙන් සුළු පිරිසක් පමණි. මින් ඇතැමෙක් ප්‍රාදේශීය ලේකම්ට පවරන ලද සහ රක්ෂිත ලෙස නම්කිරීමට පැවරීමට ඇති ඉඩම් පවා අල්ලලාැනීමට කටයුතු කරමින් සිටී.
එසේම මෙම ප්‍රදේශය ගින් ගඟේ පෝෂකයක් වන අතර වන සංරක්ෂණයට පවරාදී වනාන්තර ලෙස පවත්වාගෙන යාම විනා වෙනත් කටයුත්තක් සිදුකළ හැකි භූමියක් නොවන්නේ මෙම බෑවුම නාය යාමේ අධි අවධානම් කලාපයක් ලෙස නම් කර අවදානම් දැන්වීම් පවා නිකුත් කර ඇති නිසාය.
එසේම, අප විසින් කළ සොයාබැලීමේදී ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලයෙන් දැනගැනීමට ලැබුනේ ප්‍රධාන කාර්යාලයෙන් එවන ලද ලැයිස්තුවකට අනුව ඉඩම් ලබාදෙන්නේට කටයුතු කළ බවත් එය මේ වන විට අක්කර 100 ක පමණ ප්‍රමාණයක් බවත්, තමන් මේ සම්බන්ධව තීරණ නොගත් බවත්ය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිටත් එක් එක් අය විසින් තමාගේ යයි සලකුණු කර ඇති ප්‍රදේශය අක්කර සිය ගණනක් බවයි. එසේනම්, මෙසේ ඉඩම් අවභාවිතාකර කොල්ලකෑමට හැරීමෙන් මුදල් ගරන්නෝ කවරහුද? ඉඩම් ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේද මොනවාද? ලැයිස්තු සැකසුවේ කවුරුන්ද? එසේම ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයින්ට ඉඩම් ලබාදුන්නේ කෙසේද?
LRC සතුව සිංහරාජය වටා සහ අවශේෂ කලාප වන මෙම ප්‍රදේශයේ වනාන්තර සහ අධි සංවේදී ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත (හේස්, මතුරට සිට ඇබරෆොයිල් වතුයාය දක්වා සහ ඒවා අවට). ඊයේ පෙරේදා “ඉත්තෑකන්දේ” හිමිද LRC ඉඩමක් අලාගන්නනට කරක් ගසන ලද අතර එය ඉතා හොඳින් වැදුණු ඝන වනාන්තර කොටසකින්ද යුතු ඉඩමක් වූ අතර ගම්මුන්ගේ විරෝධය හමුවේ LRC ය අකුලාගෙන යන ලද නමුත් එක් එක් අයගේ අවශ්‍යතාවන්ට LRC ඉඩම් වැනසීම සහ lRC වනාන්තර ඉඩම් වැනසීම දිගටම සිදුවෙයි.
කෙසේ නමුත් ඉදිරියට මේවා එකින් එක ගේන එන අතර LRC (Land RIP OFF commission) මේවාට උත්තර දිය යුතුය. රටේ සම්පත් දේශපාලන අවශ්‍යතා මත හෝ තමන්ගේ මඩිය තර කරගැනීමට දුෂිත නිලධාරීන්ට හෝ ආයතන ප්‍රධානීන්ට වැනසීමට ඉඩදීමට අයිතියක් නැත.
මෙම පළමු ගැටලුව සම්බන්ධව අදාළ ආයතන ගන්නා පියවර සම්බන්ධව අප අවධානයෙන් බලාසිටින අතර, LRC ඉඩම් කොල්ලය සහ ඉඩම් අවභාවිතාව සම්බන්ධව කළ හැකි ඉහලම මැදිහත්වීම සහ ක්‍රියාමාර්ග ගැනීමටද, අප බලාපොරොත්තු වෙමු .