වෙනත්

“පාස්කු ප්‍රහාරය උඩු යටිකුරු” වෙයි, ජනාධිපති විසින් අපරාධ චෝදනා ලැබු නිලන්ත ජයවර්ධන සාක්ෂිකරුවෙකු කරයි – පුහුල් හොරා කරෙන් දැනේ

Spread the love


රජයේ නිතිපති හා ජනාධිපති විසින් පත්කල විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් කල විමර්ෂණයෙන් අනතුරුව අපරාධ චෝදනාවට ලක්වියයුතු පොලිස් නිලධාරින් නම් කලේය. ඒ අතර ප්‍රධානම අයෙක් වු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධනහට වහාම අපරාධ චෝදනා මත නඩු පැවරිය යුතු බවත් ඊට නිතිපතිද නඩු පැවරිමට අවශ්‍ය සියලු නිර්දේශ පසු ගියදා නිකුත්කර තිබුණි.

ඒ ගැන කණ වැකුණු දේශබන්දු තෙන්නකෝන් නන්දන මුණසිංහ ,වැනිපුද්ගලයන් අස්ගිරි මල්වතු නාහිමියන් බැහැ දැක තම අපරාධ චෝදනා ඉවත් කිරිමට රජයට බලපෑම් කිරීමට ඉල්ලා සිටියේය. නිතිපති ගේ නිර්දේශ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලද වහාම ජනාධිපති නිති අධ්‍යක්ෂක ජෙනරාල් හරිගුප්තා සේනාධීර නිතිපති අමතා ජනාධිපති ගේ විශේෂ දැනුම් දීම මත වහාම නිලන්ත ජයවර්ධන නැමති පාස්කු ප්‍රහාරයේ අපරාධකරු රජයේ සාක්ෂිකරුවෙකු කිරීමට නියෝග කර ඇත.

මෙය සමස්ථ නිති පද්ධතියම ගෝඨාභය අල්ලේ නැටවීමකි. මේ පිලිබදව වහාම නිතිඥ සංගමය හා සමස්ථ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ම ඊට විරුද්ධව හඩ නැගිය යුතුය. රාජපක්ෂලා ගේ මෙහෙයුම් තොරතුරු ඉතාම හොදින් දන්න තවත් එක් ප්‍රධානම පුද්ගලයා නිලන්ත ජයවර්ධනය. තම රාජ‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙසට පත් කිරීමට ඔහුව ලබාදී ඇත්තේත් එවක ගෝඨාබහයමය. උග්‍ර ශ්‍රි ලංකා ශ්‍රි ලංකා නිදහස්පක්ෂ පවුලක් වන නිලන්ත ජයවර්ධනව මෛත්‍රි ජනාධිපති වෙතට භාර දෙන්නේම ගෝඨාබහය ඒවනි කෙනෙකු පාස්කු ප්‍රහාරයේ ඇත්ත ඇති සැටියෙන්ම නොකියන බව අපිට සහතිකය.

අද වන විට නිලන්ත ජයවර්ධන ගේ දුරකථන හා ලැප්ටොප් පරිඝණකය වෝහාරික පරික්ෂණයකට යොමුකල යුතු වුවත්, සිදුව ඇත්තේ තමා ඒම තොරතුරු සියල්ලම මැකු බව නොබියව නිලන්ත ජයවර්ධන ප්‍රසිද්ධියේ පිලිගැනීමය. දැන් කලයුත්තේ කාදිනල් හිමිලාම රෙදිනැතුව කඩේ ගිය ආණ්ඩුවට විරුද්ධව දැන්වත් පාරට බැසිය යුතුය. දේශපාලන හරිගුප්තාට රටේ නිතිපති අභිබවා යාමට ඉඩදි බකන් නිලාගෙන් සිටිනවාදැයි මෙරට නිති විශාරදයන් ගෙන් අපි අසන්නෙමු.

කෙසේ වුවත් තවත් දින කීපයකින් 350 දෙනෙකු ඝාතනය වෙන බව දැන දැනම ඊට අඩු වැඩි ලෙසට සහරානලාට උදව් කල නිලන්ත ජයවර්ධනලා , දේශ බන්දුලා,නන්දන් මුණසිංහලා අතුකෝරලා, සාක්ෂිකරුවන් වී ,ඊට එරෙහි හඩනගන සියල්ලම කෙසේ හෝ නිහඩ කරලීමට සුදානම් බව ගොබ්බ පොලිස්පති ගේ කතාවෙන්ම හෙලිවිය.

දැන්වත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් කව්දැයි කාදිනල් හිමිට වැටහෙනු ඇත. අපේ මුතුන් මිත්තන් කීවේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා ඒ නිසාය…


Spread the love

Leave a Comment

You may also like