සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා යනුවෙන් දෙසූ ධර්මය අද මෙරට විකාර ඇදහිල්ලක් බවට පත් වී තිබේ.බෞද්ධ දර්ශනය සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ දේශනා කරන ලද්දේ සියළු මානවයන්ගේ හිත සුව පිණිස මිස යම් විශේෂිත මිනිස් කොට්ඨාශයක් පමණක් ආවරණය වන පරිද්දෙන් නොවේ.එහෙත් ඒ විශිෂ්ට බෞද්ධ දර්ශනයට මෙරට වුන් “සිංහල බුද්ධාගම” යැයි විහිළුකාර මුද්‍රාවක් තබා තිබේ.ඉන් ඇඟවෙන්නේ මෙරට ජීවත්වන වුන්ගේ චින්තනමය දුර්වල තාව හා අධ්‍යාත්මික පසුගාමී බව මිස වෙන දෙයක් නොවේ. බුද්ධ දර්ශනය ඇදහිල්ලක් කර ගෙන සිටින මේ උපාසක මහත්වරු හා උපාසක හිමිනේලා අමුතුම ජාතියේ පිරිසකි. මේ පිරිස අනෙක් ආගම්වල ජාතිකයන් පිළිබඳව දැඩි අවිශ්වාසයකින් ජීවත් වන්නෝ වෙති.ළමා කාලයේ සිටම සිය ආගම පිළිබඳව හිතට එබ්බවූ සාහිත්‍ය මැජික් කතන්දර හා තමන් ඉපදුන රට ගැන මනෝ විකාර අදහස් වලින් ගැට ගැහුණු මේ පිරිස සමූහ වශයෙන් සමාජ සංවිධාන ගත වීම් අතරේදී දැඩි ආවේගශීලී හා ආක්‍රමණශීලීව සිය අනෙකා සතුරා ලෙස සිතන ආතතියකින් පෙළෙන ගෝත්‍රිකයන් රැළකි.මොවුන් රැළ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ දෙසූ බෞද්ධ දර්ශනය ලෙස සළකන්නේ බෞද්ධ සාහිත්‍යයයි.මේ පටලැවිල්ලේ මුල එතැනය.මේ සිංහල බෞද්ධ ගෝත්‍රික රැළ අතර සිටින්නේ හරි හමන් අධ්‍යාපනයක් නොලද වුන් පමනක් නොවේ.පොත පතෙහි අධ්‍යාපනය ලැබූ උගතුන් යැයි කියාගන්නා වුන්ද සිටී.මේ උගතුන්ගේ පැටිකිරිය විමසා බැලුවහොත් සැබෑ යථාර්ථය වටහා ගනු හැක.මොවුන් බොහෝ දෙනෙකු කුඩා කාලයේදී සිය දෙමව්පියන් තුල පැවැති සිංහල බෞද්ධ ආගමික ඇදහිලි උන්මාදයට ගොදුරු වූවන්ය.ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය දක්වා දෙමව්පියන් සමග බෝධි පූජා තියමින් පන්සල් ගානේ ගිය කතරගම සීනිගම ආදී දේවාල වලට පුද පඬුරු පූජා වට්ටි තියමින් වන්දනාවේ ගිය වුන් වේ.පොතින් පතින් කෙතරම් දැනුමක් ලබා ගත්තද ඒ ලබා ගත් දැනුම කියවන විට ලිවීමකට පමනක් සීමා කර ගත් අයවළුන්ය.
මොවුන් දෙවියන් භූතයන් පිසාචයන් කෙරෙහි විශ්වාසය තියා සිය ආත්ම විශ්වාසය දැන හෝ නොදැන නරුම ආකාරයෙන් සිරගත කරගෙන සිටින්නෝය.තමන් ලබා ගත් විෂය දැනුම පාවා දෙමින් මානසික ලෙඩුන් ලෙස සැළකිය හැකි කට්ටඩියන් කපුවන් නැකත්කරුවන් හා යකදුරන් සිය දෛවයේ මග පෙන්වන්නන් හැටියට සළකමින් දීන බයාදු මානසික පටලැවිල්ලක මොවුන් ජීවත් වේ.මේ විකෘති ඇදහිලි හා විශ්වාස සමග ගණුදෙනු කරන මෙරට අමාත්‍යංශ ලේකම්වරු විශේෂඥ වෛද්‍යවරු පවා සිටී.සිද්ධාර්ථ ගෞතමයාණන් දෙසූ දර්ශනය මනා ලෙස මොවුන් හදාරා තිබුණේ නමි කට්ටඬි ගුරුකම් මනෝ විකාරයන්ට ඔවුන් ගොදුරු නොවන්නට ඉඩ තිබුණි.මේ කට්ටඩි ඇදහිලි වලට අපේ සංස්කෘතිය ගොදුරු වන්නේ හින්දු ආගම නිසා බව මොවුන් නොදනී.මහනුවර යුගයේ අවසානයේ මෙරට රජකම් කළ රජවරුන්ගේ අග බිසව හා අනෙකුත් පරිවාර ස්ත්‍රීන් ඉන්දියාවෙන් කැන්දාගෙන පැමිණි කුමරියන්ය.රජු බෞද්ධ වුවද බිසෝවරුන්ට සිය ආගම ඇදහීමට බාධාවක් නොවීය.මහනුවර දළදා මාලිගා භූමියේ පිහිටා ඇති සතර මහා දේවාල ඒ බවට හොඳ සාක්ෂියකි. සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ එදවස ඉන්දියාවේ පැවැති මිථ්‍යා දෘෂ්ඨික විශ්වාසයන්ට එරෙහිව විශාල බුද්ධිමය විප්ලවයක් කළ විශිෂ්ට මානව හිතවාදී දාර්ශනිකයෙකි .වර්ගවාදය ජාතිවාදය හා කුලවාදය ප්‍රතික්ෂේප කළ එතුමානන්වහන්සේ පෙන්වා දුන්නේ මිනිස් වර්ගයාගේ තරාතිරම තීරණය කළ හැක්කේ සිදු කරන ක්‍රියාවෙන් බවය.කෙසේවෙතත් මේ මානව වාදී දර්ශනය මෙරටදී පිළුණු වී ගිය අච්චාරුවක් බවට පත් වී තිබේ.මෙරටදී ඇදහිල්ලක් බවට පත් වී තියෙන බෞද්ධ දර්ශනය හරියටම ඉදිරි මුහුණතේ බුදු සරණයි කියා දැන්වීම් අලවා ගෙන හොර හරක් මස් අදින ලොරියක් වැනිය.මේ ගෞතම බුදුන්ගේ දේශයැයි ස්ටිකර් වාහන අලවාගෙන ඇත්තේ ඒ අච්චාරු බුද්ධාගමෙි බැතිමතුන්ය.
ඒ කතා කෙරුවේ මෙරට සිටින අන්ධ භක්තික සිංහල බෞද්ධ යැයි කියාගන්නා පිරිස ගැනය.මේ අන්ධ භක්තිකයන් හසුරවන මෙරට බෞද්ධ භික්ෂූන් යැයි කියාගන්නා ශ්‍රමණ කණ්ඩායම විශ්වාස කරන්න බැරි තරමට තක්කඩියන් රැළකි.
හැබැයි තවමත් මෙරට සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ දේශනා කරන සැබෑ මානව වාදී දර්ශනය අනුවම අර්ථයෙන් හා ධර්මයෙන් සිය උපාසක උපාසිකාවන් දැනුවත් කරමින් සමාජයට මහා මෙහෙවරක් ඉටු කරන සිල්වත් පැවිදි උතුමාණන් වහන්සේලාද සිටින බව මෙහි සඳහන් කළ යුත්තේය.අප ඒ බව මෙහි ලියන්නේ එතුමාණන් වහන්සේලාට දැක්විය හැකි මහත් වූ ගෞරවය සඳහාය.අප මෙහිදී සඳහන් ශ්‍රමණ වේශ ධාරී තක්කඩියන් රැළට ඒ සිල්වත් පැවිදි උතුමානන් වහන්සේලා අයත් නොවේ. සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ සිය භික්ෂූන්ට මාතෘකා තිස් දෙකක් කතා කිරීම තහනම් කර තිබුණි.ඒ අතර වන එකක් වන්නේ රාජ කතාය.රාජ කතා යනුවෙන් එතුමාණන් වහන්සේ අර්ථ කතනය කර ඇති ආකාරයට රජ කෙනෙකුට සීමා වුන කතාය.රජ කෙනෙකුට අයිති කතා වන්නේ පාලන නියෝග යනාදියයි.පාලකයකු විසින් පිළිපැදිය යුතු රාජ ධර්ම දහයක්ද සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ දේශනා කර තිබේ.
මෙතුමාණන් වහන්සේ කවදාවත් යුද්ධය අනුමත කෙරුවේ නැත.යුද්ධය යනු වෛරය ක්‍රෝධය කොල්ලය හා ඝාතනයයි.මේවා බෞද්ධ දර්ශනයට අනුව පාපී ක්‍රියාවන්ය.සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ ඉතාම ආසන්න දායකයකු වූ කොසොල් රජතුමාද යුද්ධ කලේය.එහෙත් කොසොල් රජු කිසි විටක යුද්ධය පිළිබඳව සිද්ධාර්ථ ගෞතමයාණන් ගෙන් උපදෙස් ගන්නට තරම් මෝඩ වූයේද නැත. මේ කොසොල් රජු දක්ෂ පාලකයකු නොවූ බවද ඔහුගේ පාලන කාලයේ කෝසල ජනපදයේ සිදු වූ බොහෝ දේ වලින් සිතා ගන්නට හැක.එහෙත් මේ දුර්වල රජා පලවා හැර ධර්ම රාජ්‍ය පිහිටුවන්නට සිද්ධාර්ථ ගෞතමයානන් කිසිම දිනක මහජනතාව පෙළඹවූයේ නැත.එසේම ඒවා කිරීමට තම ශ්‍රාවකයන්ට ඉඩ දුන්නේද නැත.එබදු දේ ගැන කතා නොකළ යුතු යැයි තම ශ්‍රාවකයන්ට නීති පැනවූයේ එබැවිනි.බිම්බිසාර රජතුමා තම රාජ්‍යය බාර ගන්නා ලෙසට සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට ආරාධනා කළ අවස්ථාවේදී එතුමානන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරන ලද්දේ උපහාසයෙනි.එහෙත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ එම මානව වාදී බෞද්ධ දර්ශනය හා බැඳී බුද්ධ ශ්‍රාවකයන් යැයි ඇඟවෙන පරිදි චීවරධාරීව දූෂිත මෙරට සමාජයේ හැසිරෙණ තක්කඩියන් රැළක් සමාජ සංවර්ධනයට සංහිඳියාවට හා සාමයට වින කටිමින් සිටී.මේ තක්කඩියන් රැළට තවදුරටත් මෙරට සමාජය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දුනහොත් අපේ දරුවන් මිනීමරු මෙලේච්ඡයන් බවට පත් වීමට ඉඩ ඇතැයි අප අනතුරු අඟවා සිටිමු.දැනටමත් මෙරට පවතින නීති පද්ධතියට අභියෝග කරමින් අශිෂ්ට අයිආර්සී කාරයන් ලෙස සමාජය ජාතිවාදීව අවුස්සන මේ තක්කඩියන් රැළ බලයේ සිටින මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කන් වීම තවත් බියකරුය.ජාතිවාදීව අනෙකාට අභියෝග කරන තක්කඩි චීවරධාරීන් රැළ උසි ගැන්වීමට හා මේ තක්කඩියන්ගේ සාහසික මතවාදයන් සමාජගත කිරීමට බලා ඉන්නා බඩජාරී අවලම් මාධ්‍ය අවජාතකයන් පිරිසක්ද මෙරට සිටී.අන් ජාතීන්ගේ ආගමික අනන්‍යතාවට අභියෝග කරන තක්කඩි චීවරධාරීන්ට සිය ශාසනය තුළ පවතින කුල බෙදීම් ගැන අදහසක් නැත.මෙරට ශාසනයේ පවතින බෙදීම් කුලය,ප්‍රාදේශීය ආධිපත්‍ය හා දේපොළ වත්කම් පිළිබඳ ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇති වූ ඒවාය.මේ වන විට මෙරට ශාසනයේ නිකාය බෙදීම් තිස් අටකි.ඒ අතර අමරපුර නිකායේ අනු නිකායන් විසි හතරකි.මේ කුල පාර්ශව ශාසනික බෙදීම් ගැන අපට කියන්නට ඇත්තේ අනෙකාගේ ඇසෙහි තියෙන පොල් කෙන්ද පෙනුනා වුනාට තමන්ගේ ඇසෙහි තියෙන පොල් පරාලය නොපෙනේය කියන කියමනය.එහෙම බලාගෙන යන විට මෙරට ශාසනය පෙඬරල් ආයතනයක් ලෙසද හැඳින්විය හැක.කුලවාදීව සිය කුලය පිළිබඳ අදහස යාවත්කාලීන කොට පවත්වාගෙන යාම සදහා එය කුලය ජාතිය ජන්මය ප්‍රතික්ෂේප කරන බෞද්ධ දර්ශනයට ගැට ගසා තිබීම ඒ උතුම් දර්ශනය සාහසික ලෙස ඝාතනය කිරීමකි.මෙරට පැවිදි සමාජය ලෞකික ජීවිතය අත්හැර දැමූවන් ලෙස සැළකුවද ඔවුන් තමන්ගේ කුලය අත්හැර දමන්නන් නොවේ.ජනාධිපති සිරිසේන මධ්‍යම පලාතේ ආණ්ඩුකාරවරිය ලෙස ලිංඟික සංක්‍රාන්තික කාන්තාවක පත් කරන ලදැයි මහා නායක අස්ගිරි මල්වතු දෙපොළ විරෝධය පෑමෙන් පසුව ඒ තනතුරට ජනපතිවරයා විසින් හිටපු ඇමතිවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ පත් කරන ලදී.එවිට නැවතත් මහානායක ඩබල විරෝධය දැක්වූයේ රෙජිනෝලඩ් කුරේ කුලහීනයකු බව ප්‍රකාශ කරමිනි.තවත් අවස්තාවක මඟුල් මඬුවේ පැවැති ජාතික උත්සවයකදී අමරපුර නිකායේ නායක ස්වාමීන් වහන්සේට මිටි අසුනක් පැනීමට මල්වතු අස්ගිරි දෙපොළ කටයුතු කළහ.නායක දෙපොළ එසේ උද්දච්ච වලව්කාර මහා නිළමේලා ලෙස ක්‍රියා කරද්දී මේ ඉස්සර දවසක මඩකලපුවේ ඉන්නා චණ්ඩි හාමුදුරුවෝ තම පන්සලට රාජකාරියකට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට දේශනා කළ යූ ටියුබයේ සංසරණය වුන බණකි.” පල හුත්තිගෙ පුතා යන්ඩ.අම්මට හැමිනෙන්ඩ.අම්මට හැමිනෙන්ටද අල්ලන්නෙ.පෙන්නපිය විදුලිබල ඇමතිට ගිහිල්ල එක සිංහල හුත්තිගෙ පුතෙක් නැති මේ නැගෙනහිර දැන් ගිහිං බලපියව්.හාල් එක ලිපේ.දන් හැන්දක් දෙන්ඩ හුත්තිගෙ පුතෙක් නෑ වටේ.තොපි එනව අම්මගෙ හුත්ත චෙක් කරන්න.කැරියන්ගෙ හාස්චරිය මඩකලපුටම එකයි.හුත්තිගෙ පුතාලා.අම්මට කපල පලයව්……
කෝමද චීවරයට හැංඟුන අයිආර්සී කාරයාගේ පාතාල රැඟිල්ල.අප වඳින්නේ ඉතින් බුද්ධ චීවරටයැයි කියා ෂේප් වන උපාසකම්මලාට උපාසක මහත්වරුන්ට මෙහිදීීඅපට කියන්නට ඇත්තේ මරදානේ තියෙන සිවුරු අටපිරිකර කඩ වලට වඳින එක මීට නම්බුකාර බවය.
මෙවැනි බොහෝ කරුණු පාදක කරමින් අප සංඝ සමාජය ඇත්තේ දරුණු පිරිහීමකට ලක්වෙමින් යැයි අපට සිතේ.
කෙසේවෙතත් මෙරට සංඝ ශාසනයේ පිරිහීම ගැන සඳහන් කරන විට අප ඉහත සඳහන් කළ ආකාරයේ චීවරධාරී තක්කඩියන් බොහෝ දෙනෙකුට ස්ත්‍රී දූෂණ ළමා අපචාර ඉඩම් ආරවුල් මුදල් වංචා කෞතුක වස්තු සොරකම් ආදී නඩු ඇති බවද සඳහන් කළ යුතුමය.
යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යන්න බුද්ධ දේශනාවයි.යමෙක් මාගේ ධර්මය දකිනවාද ඔහු හෝ ඇය මා දකිනවා යන්න එහි අර්ථයයි.එහෙත් අප සමාජය මේ චීවරධාරී තක්කඩියන් ගෙන් පෙනෙන්නේ කවුද යන්න සමාජය වටහාගෙන නැතිවීම බරපතල කණගාටුවට කරුණකි.පන්සිල් පද පහ සමාදන් වී සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වායැයි භාවනාවෙන් මෛත්‍රී පතුරන දර්ශනයකට හිමිකම් කියන ශාසනයේ පැවිද්දන් සමහර දෙනෙකු පාතාල මැරයන් ලෙස හැසිරීම ගැන අපට ඇත්තේ දැඩි පිළිකුළකි.මේ අයිආර්සී චීවරධාරීන් අතර සිටින ගලගොඩ අත්තේ ඥානසාර නම් තැනැත්තා ගැන සිහිවන විටත් දැනෙන්නේ බඩ ඔක්කාරයට එන අපුලකි.මාධ්‍ය මගින් පාතාල චණ්ඩියකු ලෙස අන්‍ය ආගමිකයන් බිය වද්දන මොහු මැදමුලන කාඩ දේශපාලනයේ නිර්මාණයකි.එල්ටිටී යුද්ධය හමාර වීමෙන් පසුව මෙරට සමාජය සතුරා ලෙස මවා ගත්තේ සිය අසල්වැසි මුසල්මානුවාය.ව්‍යාජ දේශප්‍රේමිත්වයක් රට තුළ වපුරා සිය දේශපාලන බලය තහවුරු කර ගත් කාලකණ්නි රාජපක්ෂ කාඩයන් එල්ටිටී සතුරා නොමැති වීම නිසා ඇතිවූ හිස්තැනට මුසල්මානුවන් අමුණා ගැනීමට සැළසුම් සකස් කරන ලදී.ඒ මූලික සැළසුම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පදනම් කරගනිමින් මහින්ද රාජපක්ෂ බොහෝ දේශපාලන රැස්වීම් වලදී සිංහල ජාතිය වඳ වෙමින් තියෙන බව ප්‍රකාශ කරන ලද්දේය.නේද අපේ හාමුදුරුවනේ නේද අපේ හාමුදුරුවනේ යැයි මහින්ද රාජපක්ෂ සමාජගත කළ මේ අදහස මුසල්මානුවන්ට එරෙහිව වෛරී මතවාදයක් ගොඩ නැගීමේ ඉතා සියුම් අඩිතාලම විය.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ජනගහන අනුපාත සංඛ්‍යා ලේඛන හදාරන්නෙකු නම් මහින්ද රාජපක්ෂ ගේ ඒ ගල් පැලෙන බොරුව සනාථ කර ගෙන සිටින්නට ඇත. .එහෙත් දේශපාලනික උන්මාදයෙන් පෙළෙන වුන්ට ඒ තර්කානු කූල ගනන් හිලව් වැඩක් නැත.මුසල්මානුවන්ට එරෙහිව සමාජ විරෝධයක් ගොඩ නැගීම උදෙසා රාජපක්ෂ කාඩයන්ගේ සියුම් කුමන්ත්‍රණය මෙරට සමාජය තුළ වැපිරීමේ ප්‍රධාන දායකයා වූයේ ගලබොඩඅත්තේ ඥාණසාරය.විටින් විට මාධ්‍ය මගින් මුසල්මානුවන්ට එරෙහිව සාහසික ප්‍රචන්ඩ ලෙද තර්ජනය කරමින් ඥාණසාර හැසිරෙන්නට ගත්තේ බූමිතෙල් ගැසූ ගැරඬියකු ලෙසය.මේ ප්‍රචණ්ඩාකාරී හැසිරීම කිසි සේත්ම කරුණාව මෛත්‍රීය පදනම කරගත් ආගමික ශ්‍රාවකයකුට නම් කිසිසේත්ම නොගැලපෙන්නක් විය.එහෙත් රාජපක්ෂ කාඩයන් බලය ලබා ගැනීම සඳහා සමාජය මත වපුරා තිබූ ජාතික ආරක්ෂාව බිඳවැටීම හා මුසල්මානුන්ගේ ජනගහන අනුපාතය වැඩිවීම පිළිබඳව වූ චේතිය බොරුව නිසා බෞද්ධ සමාජය ගලගොඩඅත්තේ ඥාණසාර ගැන සිතුවේ රට බේරා ගන්නට පහල වූ ගැලවුම් කාරයකු ලෙසය.රාජපක්ෂ කාඩයන් ගේ සිය දේශපාලනික බල ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ පෙර ගමන් කරුවා ලෙස සැළකිය හැක්කේ මේ ගලබොඩඅත්තේ චීවරධාරියාය.ඥාණසාරගේ පෙර පැටිකිරිය විමසා බලන විටද පෙනීයන්නේ රස්තියාදුකාර මදාවියෙකු බවය.එක් අවස්ථාවකදී බීමත්ව වාහනයක් පදවා පාරේ ගමන් කළ මගියකු එම වාහනයට යට කර මරා දැමීමේ වරදට මොහු අධිකරණය මගින් දඬුවම් ලබා තිබේ.ප්‍රංශයේ ජීවත්වන කාන්තාවක හා අඹු සැමියන් ලෙස ජීවත්වන ඥාණසාරට දාව කුඩා දැරියකද සිටී.මේකා සැබවින්ම අමුම අමු තක්කඩියෙකි.මෙවැනි තක්කඩියන් පූර්වාදර්ශයට ගන්නා බෞද්ධ ශාසනයේ අනෙකුත් සාමනේරයන් වහන්සේලා ගේ හෙට දවසේ කෙරුවාව මීට වඩා මදාවිකාර විය හැකි යැයිද අප සමාජයට අනතුරු අඟවමු.මේකාගේ තක්කඩි හැසිරමට මෙරට සමාජය තුළ ආඩම්බරකාර ඇගයීමක් ඇති බවද අපි දනිමු.එහෙත් සිද්ධාර්ථ ගෞතමයානන් දෙසූ අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය ගැන දන්නා කියන විශ්වාස කරන අපට නම් මේ තක්කඩියා ගැන ඇත්තේ විශාල පිළිකුලකි.
අප මෙහි පහත දැක්වෙන උදෘතය උපුටා ගත්තේ මන්ජුල සේනාරත්න ගේ බියුරෝ නම් නව කතා පොතෙනි
“…කිසිදු ආගමකින් ලෝකයට අහිතක් නරකක් සිදුනොවේ.නරක සිදුවන්නේ ආගම මෙහෙයවන අය අතිනි.ආගම තමන්ගේ පාලනයට ගත් අය අතිනි.මිනිසුන් ආගමෙි පාලනයට යටත් වනවා විනා ආගම තමන්ගේ පාලනයට යටත් කර ගත යුතු නොවේ එවැනි මිනිසුන් අතින් සත්‍යය උකහා ගත නොහැකිය…”
පූජ්‍ය දළයි ලාමා ගේ “හෘදයාංඟම උපදේශ නම් වූ කෘතියේ ආගම සම්බන්ධයෙන් මෙසේ ලියවී තිබුණි.
“ආගමේ වැරදි නැත…….. එහෙත් ඒවා අදහනවායැයි කියන සමහර පැවිද්දෝ සෙස්සන්ගේ භක්තිය ප්‍රයෝජනයට ගනිමින් එය දූෂණයට ලක් කරයි.
මෙරට උදාහරණයට ගත් විට මේ විස්තර කිරීම් හරියටම හරිය.අද මෙරට බෞද්ධ දර්ශනය පාලනය කරන්නේ තක්කඩි මදාවියන් රැළක් බව ලෝකයට තහවුරු කරමින් තිබේ.බෞද්ධ ශ්‍රමණයකු වන්නේ ගිහි ජීවිතයේ සියළු බැඳීම් අත්හරිිමිනි.එහෙත් අද මෙරට මාධ්‍ය මගින් සිංහල ජාතිය ආගම හා රට සතුරන් ගෙන් මුදා ගත යුතු යැයිි වහසි බස් දොඩමින් සිටින ගලබොඩඅත්තේ තක්කඩියා ඇතුළු චෞර ශ්‍රමණධාරී රැළ දමස්ත සමාජයම ඇද ගෙන යන්නේ සාහසික ප්‍රචන්ඩ අන්තයකටය.ගලබඩ අත්තේ ඥානසාර පසුගිය යහපාලනය අවදියේ අළුත්ගමදී මුසල්මානුන්ට “අබ සරණයි” යනුවෙන් අනතුරු අඟවා නින්දිත ආකාරයෙන් ජනතාව ඇවිලවීමට ගත් සාහසික ප්‍රයත්නය මහා ලේ වැගිරීමකින් අවසන් වෙන්නට තිබූ නමුත් එවකට රජය ඥාණාන්විතව සිදු කළ නෛතික මැදිහත් වීම නිසා ඒ සමාජ ඇවිලීම එතැනින් නිම විය.අප මෙහිදී ප්‍රශ්ණ කරන්නේ සිත් පිත් නැති මිනීමරුවෙකුට හැර සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ සසුනේ බුද්ධ පුත්‍රයෙකුට මෙවැනි මහා මිනිස් ඝාතනයක් අනුමත කිරීමට හැකිද යන්නය. ඔබගේ පිළිතුර බැහැ යන්න නම් මේ ගලබොඩඅත්තේ යනු අවිහිංසාවාදී බෞද්ධ චීවරය පොරවාගත් මහා මිනිස් ඝාතකයෙක් බව අමුතුවෙන් වටහා දිය යුතු නැත. එපමනක්ද නොවේ .මේ වන විට මේ තක්කඩි සාහසිකයා විට්න් විට මාධ්‍ය වලින් පෙනී සිටිමින් කාලකණ්නි රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටී.මේ වන විට සමාජයේ ලොකු කුඩා බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ හෙංචයියන් සම්බන්ධ බවය.මේ අවිශ්වාසය ජාත්‍යන්තරය දක්වාද විහිදී ඇත්තේය.බෙල්ල මුලට තොණ්ඩුව වැටී සිටින මිල්ටෙරි නන්දසේන ඉන් ගැලවීමට පිටියට හෙලා ඇති තුරුම්බුව ගලබොඩඅත්තේ ඥාණසාර බව අපි දනිමු .වෙනදා මෙන් නොව මේ වතාවේ ගලබඩ අත්තේ ඥාණසාර ගේමට බහින්නේ රාජපක්ෂ කාඩ සමාගමෙන් වැටුප් ලබන කොන්ත්‍රාත් කාර සේවකයකු ලෙස බව අපට අනාවරණය වී තිබේ.මෙහිදී ඔහුට ලැබෙන වැටුප අත්තිකාරමක් විදියට රාජපක්ෂ කාඩ සමාගම දැනටමත් ගෙවා ඇත.ඒ ගිවිසුම් මුදලට අමතරව කෝටි හය හතක් වටිනා වී එයිට් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් ගලබොඩ අත්තේ ඥාණසාර මැරයාට ප්‍රදානය කර ඇත්තේය.තමන්ට රාජපක්ෂ කාඩ සමාගමෙන් ලැබුණු ගිවිසුම් ගත මුදලින් කෝටි අටකට ආසන්න මුදලක් වියදම් කොට ඥාණසාර විසින් මීට දින දෙකකට තුනකට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මැටිවිලිය ග්‍රාමසේවා වසමෙන් කුරුදු අක්කර අටක් මිලයට ගෙන් ඇති අතර එම ඉඩමේ ඡායාරූප මෙහි දැක්වේ.කුරුදු ඉඩම මිලයට ගන්නා ලද්දේ මේ ශ්‍රමන වේශ ධාරියගේ කරන්දෙණියේ පදිංචි සමීපතමයකුගේ නමිනි.එහෙත් ඉඩම සඳහා මුදල් ගෙවන ලද්දේ ඥාණසාර බව විකුනුම් පාර්ශවය සහතික කරන ලදී.හෙට අනිද්දා වෙන විට මේ සාහසික මැරයාගේ හඬ බොහෝ වැඩිවෙන්නට ඉඩ තිබේ.ඒ රාජපක්ෂ කාඩ සමාගමේ ඉදිරි ආරක්ෂාව තහවුරු කිරීම සඳහාය.කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ප්‍රකාශ කළ විට මිල්ටෙරි නන්දසේන තක්බීරි වී ගියේය.දැන් ඔහු සහ ඔහුගේ හෙංචයියන්ගේ කුමන්ත්‍රණය ඥාණසාර ලවා සිංහල බෞද්ධ දේශප්‍රේමිත්වයට කිති කවා චූන් කරවීමය.මුදල් පොදි ලැබෙන තරමට ඥාණසාරද කට්ට කයිරාටික ආකාරයට න්‍යාය පත්‍රය ඉදිරියට ඇදගෙන යනු ඇති බව දනිමු.මෙතැන් සිට මේ මැරයාගේ ගේ කටින් පිටවෙනු ඇත්තේ සිංහල බෞද්ධකමින් පාට ගෑ මදාවි ප්‍රකාශයන්ය.




රට ඉතා කාලකණ්නි අසරණ කමට ගොදුරුව ඇති මෙවැනි අවාසනාවන්ත වටපිටාවක මෙරට සමාජය සිංහල බෞද්ධ ඇමක හසුවී අනාථ වෙන්නේද එසේ නැතහොත් මේ ජාවාරමිකාර රාජපක්ෂ කාඩයන් සමග සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ අවිහිංසාවාදී උතුම් වූ දර්ශණයට නිගා දෙන ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ශ්‍රමණ වේශ ධාරී චෞරයන් වැලිකඩට දක්කනවාද යන්න වහා තීරණය කළ යුතුමය.ඒ තීරණයට එළඹෙන්නට මේ සමාජය මහා සටනක් කළ යුතු බව නම් නිසැකය.
ප්‍රෙමචන්ද්‍ර අල්විස් නම් ලේඛකයා සිංහලයට පරිවර්තනය කුමාරයා නම් කෘතියේ මැකියවෙලි කුමාරයාගේ අදහසකින් අප මේ ලිපිය අවසන් කරමු.
“සටන් කිරීමේ දෙමගක් ඇති බව තේරුම් ගත යුතුය….ඉන් එකක් නීතිය අනුව කරන සටනයි.අනෙක බලය යොදා කරන සටනයි.පළමුවැන්න මිනිසාටද දෙවැන්න තිරිසනාටද යෝග්‍යයය…..”