වෙනත්

වෙන රටවල SEX මිනිස්සුට මහ ලොකු මැජික් නෙමෙයි, මාද්‍ය වලට news සුත් නෙමෙයි,

Spread the love

මම ඉන්නෙ සිංගප්පුරුවේ,මගෙ අපාර්ට්මන්ට් එකට මීටර ගානක්‌ එහායින් ගෙලාන් මායිම පටන් ගන්නවා, ගෙලාන් කියන්නෙ සිංගප්පුරුවේ නීතියෙන් ගණිකා වෘත්තිය කරන්න අවසර දීලා තියන පැත්ත.

හවසට ඔෆිස් ඇරිලා ගෙදර එනකොට, රෑට  ඇවිදින්න යනකොට, බඩු ගන්න කඩේකට යනකොට විසිතුරු ඇඳුම් බාගෙට ඇඳගත්ත සුරූපී ගැහැණු තමන්ගේ සේවය ගැන ඉඟි මරමින් අදාළ තැන්වල ඉන්නවා අපි නිතරම දකිනවා.

සේවය අවශ්‍ය අය ගණුදෙනු කථා කරගෙන අදාළ තැන් වලට යනව මිසක් පාරෙ යන කොල්ලෝ කුරුට්ටෝ ඒ ගැහැනුන්ට කෝචෝක් කරනවා නම් කවදාවත්ම දැකල නැහැ.

ටීනේජ් තරුණ දරුවෝ පාරවල්වල, බස් වල බදාගෙන යනවා එනවා, සිප වැළඳ ගන්නවා,ආදරේ කරනවා, ලංකාවේ මිනිස්සු අඩ නිරුවත් කියලා හිතන් ඉන්න ඇඳුම් ඇඳගෙන මිනිස්සු සාමාන්‍ය ගමන් බිමන් යනවා,
කවුරුත් ඒවා වීඩියෝ කරන්නේ නැහැ, ඒවා දිහා බලන්නෙත් නැහැ,

ලොකු shopping මෝල් ඇතුලේ, රෙදි කඩ, සපත්තු කඩ වගේම කෘතීම ලිංගික උපකරණ විකුණන කඩ සාප්පු ඕන තරම් තියනවා.අවශ්‍ය මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව ගිහින් ඒවා මිලදී ගන්නවා.

දෙමව්පියන්ට අවශ්‍යනම් ළමා වයසේ දරුවන්ට නුසුදුසු web අඩවි රහිතව අන්තර්ජාල පහසුකම් දරුවන්ට ලබාදීමට පහසුකම් තියෙනවා, හැබැයි අවුරුදු 10 පනිනකොට ලිංගිකත්වය ගැන, අවයව ගැන, වගේම ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවලි ගැනත් පාසලේදීම දරුවන්ට උගන්වනවා.

කෙල්ලෙක් කොල්ලෙක් film එකක් බැලුවට, පාර්ක් එකකට ගියාට, වැඩිහිටි වයසේ තරුණ තරුණියෝ ලිංගික ක්‍රියාවක නිතර උනාට,කෙල්ලෙක් කොට කලිසමක් ස්කිනියක්‌ ඇඳගෙන පාරෙ ඇවිද්දට,මෙහෙ මිනිස්සුට මහ ලොකු මැජික් නෙමෙයි, මාද්‍ය වලට news නෙමෙයි, රටට මාතෘකාත් නෙමෙයි,
ඒවා හරිම සාමාන්‍ය සරළ මූලික මිනිස් අවශ්‍යතා විතරයි.

ලිංගිකත්වය කියන මූලික අවශ්‍යතාවයට නීති දාලා කොටු ගහලා, ඒක හෙනම හෙන මැජික් එකක් බවට පත් කරලා නැති නිසා, කවුරුත් කාටවත් බලෙන් අතවර කරන්න ගිහින් නිකන් පීචන් වෙන්න යන්නෙ නැහැ,හැබැයි එහෙම කලොත් නීතියෙන් ගැලවුමකුත් නැහැ.
ඒ නිසා බස් වල ජැක් ගැහිලි, වාචික හිරිහැර වගේම ස්ත්‍රී දුෂණ ගැන ඇහෙන්නෙ නැහැ.

අවශ්‍ය මිනිස්සු අනිත් අවශ්‍යතා වගේම ඒ අවස්ථාවයත් මිලදී ගනිමින්, රටේ මිනිස්සුන්ට කරදරයක් නැතුව තමනුත් පීඩනයක් නැතුව ජීවත් වෙන නිසා සෙක්ස් කියන්නේ මෙහෙ  ලොකුවට කථා කරන පට්ට මාතෘකාවක් නෙමෙයි.

ලංකාව සිංගප්පුරුවක් කරනවා කියලා පාලකයෝ හැමදාම කියන හින්දයි සිංගප්පුරුව ගැන මුලින්ම ලිව්වෙ,

විවාහ නොවී සෙක්ස් කරන එක ලෝකෙ ලොකුම වැරැද්ද විදිහට සලකන අපේ රටේ තත්වය ඊට වඩා වෙනස්,

ඉස්කෝල වල ඕවා ගැන උගන්නනවා තියා කථා කරන්නෙත් නැහැ, කෙල්ලෙකුට කොල්ලෙකුට පාර්ක් ඒකක, බීච් එකක නිදහසේ ආදරේ කරන්න බැහැ,
ඒ තියා වෙන රටවල් වල industry එකක් විදිහට කරගෙන යන අලෙවිකරණ ලිංගික වීඩියෝ එකක් බලන්නත් බැහැ,ඉතින් මිනිස්සු හිතන් ඉන්නෙ Sex කියන්නෙ, ලිංගිකත්වය කියන්නෙ පට්ටම පට්ට හොර වැඩක්  කියලා,

සීමා මායිම් නීති රීති තද කරන්න කරන්න වෙන්නේ ලිංගිකත්වය මැජික් එකක් වෙලා උඩ යන එක විතරයි,ඒකේ රහස වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගැන තියන කුතුහලය වැඩිවෙලා පීඩනයක්‌ බවට පත් වෙනවා, අන්තිමට ඒ පීඩනය අතවරයක් වෙලා අහිංසක දරුවෙක් ගේ, ගැහැණියෙක් ගේ, පිටින් යනවා.

රටක්  දියුණු වෙනවා කියන්නෙ පාරවල් හදලා, පාලම් හදන එකටම නෙමෙයි, ඒක ඊට එහා ගියපු  පුළුල් මානුෂිය සංවර්ධන ක්‍රියාවලියක්.

දැන් මේ  එක එක බ්‍රෑන්ඩ් වල ඇඳුම් ඇඳන් ඇඟ වහගෙන හිටියට යුග ගානකට කලින් අපිත් යටට කොළ අත්තක් එල්ලගෙන උඩට මුකුත් නැතුව, ජීවත් වෙන්න මිනිස්සු, අහු වෙච්ච දේ කාලා කැමති කෙනෙක් එක්ක කායිකව සතුටු වෙච්ච මිනිස්සු ,

ටික ටික දියුණු වෙනකොට මිනිස්සු වැඩිපුර ඩීසන්ට් වෙන්න කියලා හිතාගෙන ලිංගිකත්වය කියන මූලික මිනිස් අවශ්‍යතාවයට විවාහය කියන සීමාව දාලා හිරකලා.
ඒත් ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා,

රටක් විදිහට දැන් අපි ඒ සීමාව පහු කරලා,

ඒකෙ ප්‍රතිපල විදිහට Sex කියන මූලික මිනිස් අවශ්‍යතාවය  විෂ බීජයක් වෙලා සමාජය පුරාම පැතිරිලා උඩු දුවලා ඉවරයි.

රට කරවන ඇත්තෝ මේකේ යතාර්ථවාදී පැත්ත තේරුම් අරන් තරුණ දරුවන්ට අවශ්‍ය දැනුම නිසි විදිහට ලබා දීලා, ලිංගිකත්වය ගැන පවතින නීති රීති  සංශෝදනයක්‌ ගැන හිතන්න ගත්ත දවසක්‌ වෙනකම් , වෙඩින් පොටෝ ග්‍රැෆි වලින් නිල් පාට වීඩියෝ වලට මාරු වෙන තරුණයෝ අඩු වෙන එකක් නැහැ.

රටේ ආකර්ෂණිය තැන් වලට ගිහින් ශරීර සන්ත්රපනය කරලා ප්‍රසිද්ද කරලා ජීවිතේ ගොඩ දා ගන්න හිතෙන තරුණියෝ අඩු වෙන එකක් නැහැ.

ඒ වගේ සිල්ලර සිද්ධි රටේ ප්‍රධාන නිව්ස්  එකක්‌ විදිහට ප්‍රසිද්ධ කරලා රේටින්ට්ස් හොයන මාධ්‍ය කාක්කෝ අඩු වෙන එකකුත් නැහැ.

මිනිස්සු විදිහට, රටක් විදිහට අපි  ඉස්සරහට යන එකකුත් නැහැ,එච්චරයි.

උපුටා ගැනීම අනිශා ජයකොඩිගේ පිටුවෙන්



Spread the love

Leave a Comment

You may also like