මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ අළුත්ම නාට්‍යය දැන් රඟ දැක්වේ.නන්නපෝල් වී සිටි පොහොට්ටු මැම්බර්ලා මේ නාට්‍යය දැක මාර ආතල් එකක් ගනිමින් සිටී.අපේ ස ඔන්න වැඩ පටන් ගත්තා යැයි ආඩම්බරයෙන් පවසති.ඉහළට ගන්නා හුස්ම හිරකරගෙන බොඩිය පුම්බා වටපිට බලති.දිලිත් දෙරණ පීචං වී සිටින මිල්ටෙරි නන්දසේන සීනි කිලෝ එකකින් හරි ගොඩ දාන්නට ට්‍රයි එකක් දෙයි.මෙි නාට්‍යය බලන හා එහි ඇතුළත කුමන්ත්‍රණය ගැන අනාවරණය කරගත් අපට මතක් වන්නේ අන්දරේ රජගෙදර සීනි කාපු හැටි කියවෙන රස කතන්තරයයි.
පහුගිය යුද සමයේ ප්‍රභාකරන්ගේ බංකරයක් වැටලීමට යන ආකාරයෙන් කඩා පනින සීනි ගබඩා වැටලීමට යන පාරිභෝගික වෙළඳ අධිකාරියේ චෙයාර්මෑන් මිල්ටෙරි පොරගේ ඇක්ටිං පාර දෙරණ දිලිත් නිවුස් වලින් දැක්කාම කාගේත් ඇඟ හීතල වෙනවාය.මේ මනුස්සයා ඒ සීනි ගබඩා වලට කඩා පනින්නේ මරුමස් විදියටය.ඉන්පසු අරෙහෙට මෙහෙට කෝල් ගන්නා සීන්ස්ය.ඒ අස්සේ කවුදෝ මීඩියා පොරක් පාරිභෝගික මිල්ටෙරියා මිල්ටෙරියා චෙයාර්මෑන් ගෙන් මංඥං ප්‍රශ්ණයක් අසයි.
ඒ චෙයාර්මෑන් බොසා දැන් මේ සීනි තොග රාජසන්තක කරනවායැ කියාය.
මේ ප්‍රශ්ණයට පාරිභෝගික අධිකාරියේ මිල්ටෙරියා චෙයාර්මෑන්ගේ ආන්සර් එක ලක්ස් සබන් ඇඩ් එකේ ඉන්න නිළිය හීනියට ඇස් වහලා දානා ඇක්ටින් පාර වගේය.
..නෑ නෑ අපි මේ තොග වෙළඳුන් එක්ක සාකච්ඡා කරලා මේ සීනි මිලයට අරගෙන බෙදා හරින්න කටයුතු කරනවා..”
මිල්ටෙරියා චෙයාර්මෑන්ස්ගේ ආන්සර් එක එහෙමය.දෙරණ දිලිත් ගේ වාහිනියේ පෙන්නූ සීනි ගබඩා වලට ඇටෑක් කළ මයිල් ස්මයිල් වෙන සීන්ස් එක ඒ ආන්සර් එකෙන් නාකි උන්දෑ කෙනෙක් චූස් ගා යවන අධෝවාතයක් හා සමාන වන්නේය.බලාගෙන යන විට මේ සීනි බන්කර් රේඩ් එක රට රවටන ගජ මිතුරු ජාවාරම් ගේම් එකකි.මේ රටට ගෙන ආ සීනි තොග කෙතරම් ප්‍රමාණයක්ද යන්න ඒවා ගබඩා කර ඇත්තේ කවර බන්කර් වලද යන්න රේගුව දනී.ඒ නිසා ඔය තරමේ හති දාගෙන තුන් මුල්ල පනිමින් සීනි බංකර් වැටලීමට ඕනෑ නැත.
සීනි ගෙන්වූ එවුන් එක තැනකට කැඳවා මෙතෙක් වෙළඳපොළට නිකුත් නොකළ සීනි තොගය ගැන දැනුවත් කොට මේ සීනි තොග වහාම මුදා හරින ලෙසට උපදෙස් දෙන්නට තිබුණි.හැබැයි දැන් වෙන්නේත් ඒ ටිකමය.සීනි බංකර්වලට ඉබ්බන් දමා ලාකඩ තියන පික්චර් එක පෙන්නුවාට පාරිභෝගික චෙයාර්මෑන්ස් මීඩියා වලට දුන් හුරතල් ආන්සර් එක ඇහැව්වාම ඉදිරියේදී සිද්ධ වෙන කෙරුවාව ඕනෑම බබෙකුට හිතාගන්න පුළුවන්ය.ඒත් කරුමෙි කියන්නේ මේ රටේ ගොන් වස්සන්ට මිල්ටෙරි නන්දසේනගේ මේ මැජික් සංදර්ශන තේරුම් ගන්න බැරි එක ගැනය .
ගැසට් පත්‍රයේ හැටියට සීනි බංකර් වල හංඟාගෙන සිටි මුදලාලිලා සැට් එකමඅළුත්කඩේට දැක්කිය යුතු වන්නේය.වැටලූ සීනි බංකර් වල තිබුණු සීනි තොග මෙහෙමය
පිරමීඩ් විල්මා සමාගම මෙට්‍රික් ටොන් 6,000යිග්ලෝබාල් ට්‍රේඩින් සමාගම මෙට්‍රික් ටොන් 8,900 යිවිල්සන් ට්‍රේඩිං සමාගම මෙට්‍රික් ටොන් 14,000 යිආර්ජී ස්ටොර්ස් මෙට්‍රික් ටොන් 800
මේ සීනි බංකර් වලට මෙච්චර සීනි ගොඩ වල් ගොඩ ගැහුනේ කාලි අම්මා ඉර්ධියෙන් ගෙනවිත් දැමූ නිසා නොවේය.
සැබවින්ම මේ සීනි පික්චර් එක ආණ්ඩුවේ අමුම අමු නිශ්පාදනයකි.මේ පික්චර් එකේ වැඩ පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේය. ඒ පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සීනි කිලෝ එකක මිල රුපියල් අසූ පහකට ගැසට් කරමිනි.ඒ සමගම සීනි සඳහා අයකෙරුණු රුපියල් බද්ද රුපියල්විසිපහකට අඩු කරලාය ඒ වනවිටත් බංකර් ගතව පැවැති සීනි තොගය මෙට්‍රික් ටොන් අසූ අට දාහ ඉක්මවා තිබූ බව අනාවරණය වේ.මෙලෙස සීනි බදු රුපියල් විසිපහට අඩු කරමින් සිදු කෙරුණ බදු වංචාව කෝටි එකදහස් පන්සියයක් බව කියවේ.මින් ගොඩ ගියේ මිල්ටෙරි නන්දසේනගේ මැන්ගෝ ප්‍රෙන්ඩ් වෙන ෂැන්ග්‍රිල්ලා හෝටලය අයිතිකාර මුසල්මානු මුදලාලිය.සීනි ආනයනය කරන විල්මා ට්‍රේඩිං කම්පැනිය මේ මුසල්මානු මුදලාලිගේය.
මෙි අතර ආණ්ඩුව සීනි ආනයන කරුවන් සමග උපරිම මිල සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹෙන ලදී.මෙහිදී ආණ්ඩුව සමග ගිවිසුමකට ආවේ වෙළඳ සමාගම් දොළොස් දෙනෙකු පමණි.මේ වෙළඳ සමාගම් දොළහේ හිමි කරුවන් මිල්ටෙරි නන්දසේනගේ ගජ මිතුරු ජාවරම්කරුවෝය.මේ නිසා මෙරට සීනි ආනයන මාෆියාවක් ගොඩ නැගුණි.පහුගිය අප්‍රේල් මාසයේදී සීනි පාලන මිල ගැසට්ටුව රිවස් කරන ලදී. ආණ්ඩුව මෙලෙස ගන්නා තීන්දු තීරණ ගජ මිතුරු ජාවරම්කරුවන්ට කල්ල මරේ සපෝට් කරන ඒවා විය.සීනි පාලන මිල ඉවත් කිරීමෙන් පසුව වෙළඳපොළ සීනි කිලෝව රුපියල් එකසිය විස්සක් විය.සිනි බදු වංචාවෙන් ඇට්ටි හැලෙන ලාභයක් උපයාගත් මුදලාලිලා මේ අතරේ සීනි වෙළඳාමෙන්ද පොකට්ටුව තර ගත්හ.සීනි බදු වංචාව ගැන විපක්ෂයෙන් දෝස් මුර එල්ලකරන්නට ගත්තේ මේ බදු වංචාව බැදුම්කර වංචාවටත් වඩා වැඩි තක්කඩි වංචාවක් බව රටට හෙළිදරව් කරමිනි.
මේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුඛ පූට්ටු වූ බව පෙනෙන්ට තිබුණි.මාධ්‍ය වලින් මේ මුසල්මානු වංචාව ගැන ප්‍රශ්න කරන අවස්ථා වලදී පොහොට්ටු මැම්බර් ඇමතිලා කිරි පණුවන් දඟළමින් අනන් මනං කියවමින් ප්‍රශ්ණයෙන් ෂේප් වෙන්නට ට්‍රයි කෙරුවා පමණි.මේ වංචාව සිද්ධ කරන ලද්දේ මිල්ටෙරි නන්දසේනගේ මැන්ගෝ ප්‍රෙන්තො බව ඒ කවුරුත් දැන සිටියහ.ඒ නිසා ඒ වංචාව වුනා නොවුනා වගේ ෂේප් එකේ ඉන්නට ආණ්ඩුවේ ඇමති මැම්බර්ලාට සිද්ධ වියලංකා දවසට අනාවරණය වූ අන්දමට ආණ්ඩුවේ මුඛ පූට්ටු වූ මේ බදු වංචාව ගොඩ දාගන්නට මිල්ටෙරි නන්දසේනට ඕනෑ විය.සීනි බංකර් වටලා සීනි තොග අත්අඩංගුවට ගන්නා පික්චර් එක එළියට එන්නේ ඒ සඳහාය.මේ පික්චර් එක ජනප්‍රිය වන තරමට මිල්ටෙරි නන්දසේනගේ ගජ මිතුරු තක්කඩි ජාවරම්කරුවන් ලබන ලාභයද මයිල් ඉස්මයිල් වන තරමේය.බදු වංචා කොට රටට ගෙනා සීනි කිලෝ එක රුපියල් එකසිය තිහ ගණනේ ආණ්ඩුව මිලයට ගනී.වැඩේ මරුය.ආණ්ඩුව මහජනතාවගේ මුදල් වියදම් කර ගජ මිතුරු තක්කඩියන්ට කිසිම අවුලක් නැතුව බිස්නස් වලින් ගොඩයන්නට ඉඩ දී මාර චාන්ස් එකය.දඹුළු ගොහින් තලගොයින් මරා ගෙන එනවාය කියන්නේ මේකටය.දැන් මිල්ටෙරි නන්දසේන ගොඩය.
ගජමිතුරු ජාවාරම් මාෆියාවත් ගොඩය.මිල්ටෙරි නන්දසේන මේ වගේ තක්කඩි වැඩ වලින් මේ රටේ ඉන්නා මී ගොන් වස්සන් රැවට්ටුවාට අප රවටන්න බැරිය.මේ රාජපක්ෂ තක්කඩියන් හැමදාම කෙරුවේ මේ වගේ නරුම වැඩය.සීනි බංකර් රේඩ් කරන විට අපේ ස වැඩ පෙන්නනවාය කියන ගැලරි පොහොට්ටුවන්ට නම් මේවා සීරියස් වැඩ වෙන්නට පුළුවන.ඒත් ඇත්ත දන්නා අපට මේවා තනිකර තක්කඩි ගේම්ය.මේ සීනි කේස් පික්චර් එක අස්සේ මිල්ටෙරි නන්දසේන හදිසි නීති ගැසට්ටුවක්ද අච්චු ගසා තිබේ.දැන් මේ රට අරාජිකය.හෙට අනිද්දාම ජනතාව පාරට බහින සයිස් එකක් තිබේ.මිල්ටෙරි නන්ද සේන හදිසි නීති ගැසට්ටු එළියට දාන්නේ මේ ආරවුල් ගොඩින්ම බේරාගන්නට හිතාගෙන වෙන්නට ඕනෑය.හැබැයි පුතෝ දැන් රටේ ජනතාවට මේ කෙලවී ඇති සයිස් එකට හෙට අනිද්දා වන විට ඔය ගැසට්ටු වලින් වැඩක් නැති වෙන බව නම් අපි මිල්ටෙරි නන්දසේන හා හෙංචයියන්ට දැන ගන්නට ලියා තියමු.
ඒ එක්කම කරන කලට පව් මීරිය මීසේ වුවද ළඟ ළඟ එයි එයි මරු පින් කරගන්නේ කියාද ලියා දන්වමු .ඒ විඳවන විඳවිල්ල ඔළුව උඩට පාත් වෙන දාට ඥාණා කාලි අම්මා නම් ඔය තක්කඩියන් බේරාගන්න නොඑන බව සහතිකය.
මගේ සසම්බන්ධතාව SLT හා Mobitel . ඒ හරාහා මේ ලින්ක් එක වැඩ නැත.ඩයලොග් හරහා වැඩ කරන බව පෙනේ SLT හරහා ලින්ක් එක open වෙන්න සකස් කරන්න බැරිද .
ගොඩක් ස්තුතියි අපට සම්බන්ධ වුනාට . ඒත් ඔබේ ඉල්ලීම කරන්න බෑ ඒ ගැන සමාවෙන්න. දැනට අපේ පුවත්පත ….. වලින් බලන්න බැරි වෙන්න බ්ලොක් කරලා ඒ කයි.
ස්තුතියි