වෙනත්

ඉතා රහසිගත යටි බිම්ගත ” සන්නද්ධ මෙහෙයුමක්”

Spread the love

රාවය පුවත්පතේ ඡ්‍යෙෂ්ඨ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් විසින් 2020නොවැම්බර් මාසයේ 15වෙනිදා එම පුවත්පතේ පල කරන ලද යුගයක අවසානය නම් ලිපියේ අවසානයේ මෙසේ දැක්වේ…………

“…ගෝඨාභය බලයට පත්වන්නේ අර්බුදය හදාරා එය විසඳා ගැනීමට හැකි තරමේ ප්‍රතිසංස්කරණ පොදියක් සමග නොව ඒකාධිපති තත්වයක් ඇති කරගැනී⁣මෙන් සියලු ප්‍ර⁣ශ්න විසඳා ගැනීමට හැකිවනු ඇතැයි කියන විශ්වාසයෙනි.ඒ නිසා රටේ අර්බුදය සුළු අවකාශයක් හෝ තිබුණි නම් එම අවකාශයද නැති භංග වී ඒ සමගම යුගයක අවසානය ඇතිවන්නේය.එහි තේරුම ලංකාව නිදහස ලැබුණ තැන සිට මෙතෙක් පවත්වාගෙන ආ රාජ්‍යයේ හා එහි දේශපාලන ක්‍රමයේ පැවැත්ම මුළුමනින්ම අවසන් වී ඇති බවය.රටේ ඉදිරිය ඉතාම අවුල් සහගතය.රට කාලකණ්නිභාවයේ උපරිමයකට තල්ලු වෙනු ඇත.රට පූර්ණ බංකොලොත්බවටද පූර්ණ ආරාජිකත්වයටද පත් විය හැකිය.තමන් අතින් සිදුවූ වැරැද්දට සමාජයට ලොකු වන්දියක් ගෙවීම⁣ට සිදු වෙනු ඇත.පරණ දේශපාලන නායකයන් සේම පරණ දේශපාලන පක්ෂවල පැවැත්ම මුළු මනින්ම බිඳ වැටී ඒවා මහජනයාට හාස්‍ය සපයන ආයතන බවට පත්වනු ඇත………”වික්ටර්අයිවන්

මෙහි සඳහන් කර ඇති ආකාරයටම අද රට මහා වියවුලකි.මිල්ටෙරි නන්දසේන බලයට පත් කළ ජනතාව කල්පනා කෙරුවේ ඔහු මෙරටට අළුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙනු ඇතැයි සිතාය.ඒ සඳහා මෙරට ජනතාව මිනුමක් ලෙස ගත්තේ මිල්ටෙරි නන්දසේන සම්ප්‍රදායික දේශපාලඥයකු නොවන බවත් දැඩි විනයගත පුද්ගලයකු බවට වූ විශ්වාසයයි.මහින්ද රාජපක්ෂ වට කර ගෙන සිටි ජාවාරම්කාරයින් රොත්ත මිල්ටෙරි නන්දසේන අසල නොසිටින බවත් මහා බුද්ධිමත් වියතුන් රැළක් ඔහු අසල සිටින බවටද  රාජපක්ෂ මාධ්‍යය  සමාජය මත යහමින් වපුරා තිබුණි.සමාජය තවදුරටත් මිල්ටෙරි නන්දසේන ගේ හමුදාමය පසුබිම ජාතික ආරක්ෂාවට වැදගත් වෙනු ඇතැයි ද දැඩි අවධාරනයෙන් කල්පනා කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතුමය.

කෙසේවෙතත් මේ වනවිට මිල්ටෙරි නන්දසේන ගැන තක්සේරුව නිල් බාල්දියට වැටුණ නරියාගේ කතන්දරයට සමාන කළ හැක.වර්තමානයේදී මිල්ටෙරි ව. නන්දසේන ගේ වියතුන් අතර සිටින්නේද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද අළුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන වැනි මහින්දගේ දේශපාලන දාම් පෙත තුල සිටි මෝඩ තකතිර වාචාල උද්දච්චයන්  රැළය.අළුත් ප්‍රභේදයකට ඇත්තේ නාථ දේව ජයසුමන පමණි.මිල්ටෙරි නන්දසේන ගේ එළකිරි පාලනය ගැන සිහින මැවූවන් වැටී ඇත්තේ අසූචි වලකටය.මේ මිල්ටෙරි නන්දසේන ජනපතිි කරන්නට  බැහැලා වැඩ කළ වියත් මගේ සාමාජිකයකු වූ කැළුම් ජයසුමන ජනපතිවරණයට පෙර මැයි තිස් වෙනිදා මිතුරෙකු විසින් පළ කොට තැබූ  පෝස්ටුක එල්ලූ  කමන්ටුවයි.

“….මෙහෙමයි මචං ගෝඨා ආවට පස්සේ ඔය වටේ ඉන්න හොරු වංචාකාරයො මැරයො ඩීල් කාරයො එකෙකුටවත් චාන්ස් නෑ මචං…හැබැයි මේ ඡන්දෙ දිනවන්න මුං ඕන මොකද උන්ට තමයි මේ ජරා සිසස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිල තියෙන්නෙ. ඒක නිසා මඩෙන් පිපුණ නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නෙ.උන්ගෙ උදව් ඇතුව.හැබැයි මචං ගෝඨ ආවට පස්සෙ ඔය එකෙකුටවත් චාන්ස් නෑ .අඩු ගානෙ ඕකුන්ට නොමිනේෂන් දෙන්නෙත් නෑ ගෝඨ කියන්නෙ හෙන ස්මාර්ට් පොරක්.රට රටවල් දැකලා ඒ වගේ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්.පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්වත් බෑ.උන්ට ෂොට් එක ලැබෙන කම් උන් දන්නෙත් නෑ .උන්ට වෙන වැඩේ ඊට පස්සෙ බලහංකො.ඊට පස්සෙ වියත් මගේ සුපිරි සෙට් එකක් බස්සනවා.උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ වියත් මගේ මීටින් වල අපි ඕව තමයි කතා කරන්නෙ.දැන් බලහං ගෝඨගෙ  කැම්පේන් එක වුනත් කොච්චර ස්මාට්ද කියල.මං කියන්නෙ ගෝඨ ආවහම උඹල අපට වුනත් හොද කාලයක් යයි.ඒක ෂුවර්.මොළයක් තියෙනවනේ උඹට කල්පනා කරල බලල ඡන්දෙ දීපං..”

මේ කමන්ටුව කියවන විට එය ලියූ එකාට දැන් ලැජ්ජා හිතෙන්නේ නැතිනම් පුදුමය.⁣මිල්ටෙරිි නන්දසේන ගැන එදා මේ “වියත් මගා” දුන් රෙකමදාරුව හා දැන් මිල්ටෙරි නන්දසේන ගේ ගොබ්බ කෙරුවාව අසන දකින එවුන්ට බඩ කොරවෙන තරමේ විහිළුවක් වන බව සැකයක් නැත.මිල්ටෙරි නන්දසේන ජනපති වන්නට පෙරුම් පිරූ අතීතය ගැන අප මේ සටහන් කෙරුවේ කාගෙ කාගේත් මතකය අළුත් කරගන්නටය.නමුත් මිල්ටෙරි නන්දසේනගේ ජනපති අපේක්ෂකත්වය හා මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉතා රහසිගත යටි බිම්ගත ” සන්නද්ධ මෙහෙයුමක්” සිදු වෙමින් තිබුණ බව මේ මිල්ටෙරිකාරයාජනපති කරවන්නට පෙළ ගැසුන වුන් නොදැන සිටි කාරණයකි.ඒ යටිබිම් ගත සන්නද්ධ මෙහෙයුමේ අවසානය වූයේ පාස්කු බෝමබ ප්‍රහාරයයි යහපාලනය  තිත්ත වී සි⁣ටි ජනතාව  බය බිරාන්ත වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙනි.එජාපයට බර වැඩියෙන් පැවති කතෝලික ඡන්ද පදනම මිල්ටෙරි නන්දසේන කෙරෙහි විශ්වාසය තබන්නේ මේ බෝම්බ ප්‍රහාරයේ දෝංකාරයෙනි.මුසල්මානුවන් සිංහල බෞද්ධ සමාජයෙන් කුණු බක්කියට විසිවී සිංහල බෞද්ධ ඡන්ද මනස තුළ ජාතියේ ආගමේ හා දේශයේ  ආරක්ෂාව සඳහා මිල්ටෙරි නන්දසේන එකම සුදුස්සා බවට පැළපදියම් වූයේද මෙම බෝම්බ ප්‍රහාරයේ ගෝරනාඩුවයි.

මේ පාස්කු බෝම්බ ප්‍රහාරය අද මිල්ටෙරිි නන්දසේනගේ බෙල්ලට වැටුනු තොණ්ඩුවක් වී අවසානය. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව තමන් තුළ පවතින සැකය හා අවිශ්වාසය සමාජයට මුදා හරින ඕනෑම කෙනෙකු මිල්ටෙරි නන්දසේන තිගැස්සීමකට ලක් කරන විත්තිකරුවකු බවට පත් කරන බව පෙනී යයි.හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා දඩුකඳේ ගසන්නට සැළසුමක් දියත් වූයේ ඒ නිසාය.අද දිනය වන විට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ කතෝලික තරුණයකු CIDයට කැඳවා  ප්‍රශ්ණ කරමින් තිබේ.සැබැවින්ම CIDය ප්‍රථමයෙන් ප්‍රශ්ණ කළ යුතු වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බවට ප්‍රකාශ කළ කාදිනල් තුමාය.

එහෙත් CIDය කෙසේවත් කාදිනල් තැන හමුවීමට ගොස් ප්‍රශ්ණ කරන්නේ නැති බව පැහැදිලිය.ඒ සමගම මෙම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන කොමිෂමේ වූ වාර්තාව විමර්ශනය කළ හිටපු නීතිපතිවරයාද පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැඟවුන කුමන්ත්‍රණයක් පවතින බවට වාර්තා කරන ලදී. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ සීඅයිඩී අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකු මිල්ටෙරි නන්දසේන විසින් මාරු කොට යවා තිබේ.ඒ අතරම මෙම පරීක්ෂණ වලට සම්බන්ධව සිටි SP ජයසිංහ,තිසේරා,ලොකුහෙට්ටි,කළණසිරි,රංජිත් වැදිසිංහ,ASP නුවන් අසංක,ඩබ්පීසී.දර්ශිකා කුමාරි ,ඩබ්සීඅයි.හෙළඋඩගේ,ඩබ්සීඅයි.හේවාපතිරණ,ඩබ්සීඅයි.දීපාණි මැණිකේ,කීර්තිසිංහ,ඇල්ලෙපොළ,විජේතුංග යන නිළධාරීන්ටද ස්ථාන මාරුවීම් දෙන  ලදී.ඒ අතරම ඒ කණ්ඩායමේ සිටි ශානි අබේසේකරටද ස්ථාන මාරුවීමක් ලබා දී පසුව අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලද්දේය.මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ශානී අබේසේකර එම ප්‍රහාරය සිදු වී පැය කිහිපයක් ඇතුළත අයිපී ලිපිනයක් හරහා ප්‍රහාරයට වගකිවයුත්තෙකු අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරියාය.

එහෙත් එම අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුදා බුද්ධි අංශ මගින් ⁣මුදා ගෙන යන්නේ මෙය අපේ ව්‍යාපෘතියක් බව කියමිනි.මේ තොරතුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසූ ජනපති කොමිෂම් වාර්තාවේද දැක්වේ.ලංකා දවස විශේෂ අවධානය යොමු කරන්නේ මේ මුදාගත් සැකකරු හා බෝම්බ ප්‍රහාරයට පැවැති බැඳියාවයි.

සැබවින්ම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුල් පදනම වැටෙන්නේ යහපාලන කාලයේදී රනිල් වික්‍රමසිංහ හා ජනපති සි⁣රිසේන අතර මතුවූ විරසකය මැදි කරගෙනය.2018 ඔක්තෝබර්කුමන්ත්‍රණයේදී සිරිසේන රාජපක්ෂ කඳවුරු එකට එක් වූහ. එහෙත් බලය ලබා ගැනීම සඳහා වූ ඡන්ද පදනම සම්බන්ධයෙන් තක්කඩි රාජපක්ෂලා තුළ සැකයක් පැවතුනි.ජාතිවාදය හා ආගම්වාදය සමාජය තුළ වැපිරීමත් ඒ හා තමන්ට සිංහල බෞද්ධ ගොඩ එකතු කර ගැනීමටත් රාජපක්ෂලා සැළසුම් කරන ලදී .පෙබරවාරි ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව රාජපක්ෂලාගේ කනස්සලට හේතු වී තිබුණේද මුසල්මානු ඡන්ද පොදියයි.

මුසල්මානුවන් ⁣සිංහල බෞද්ධ සමාජයේ වෛරයට ගොදුරු වන ආකාරයේ ව්‍යාපෘති ගනනාවක් ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණි.රාජපක්ෂලාගේ පඬුරු පාඩුක්කම් ලැබූ චීවරධාරීන් රොත්තක් ඒ ව්‍යාපෘති නියාමනය කරමින් සිංහල බෞද්ධ සමාජය කම්පනයට පත් කළහ.ඒ අතර ඥානසාර නම් චීවරධාරියා ප්‍රධානියෙක් විය.ඒ ව්‍යාපෘති තුළ සිංහළ සමාජය තුළ අවධාරණය කරන ලද්දේ මුසල්මානුවන් පිළිබඳව බිය සැකය හා අවිශ්වාසයයි.රාජපක්ෂලා ගේ බලය ලබා ගැනීමේ යටි බිමගත සාහසික සැළසුම ක්‍රියාත්මක වූයේ ඒ මැදිනි.

2004 දීී කරුණා නැගෙනහිර පාර්ශවය ලෙස  එල්ටීටියෙන් බෙදී වෙන්වූ පසුව මුස්ලිම් තරුණයන් ගණනාවක් රජයේ හමුදා බුද්ධිිඅංශයට   බඳවා ගැනීමට කරුණා පාර්ශවයේ සටන් කරුවෙකු වූ ඔටෝ කලීල් යොදා ගත්තේය.මේ මුස්ලිම් තරුණයන්  යුද්⁣දයේදී සෑහෙන වැඩ කොටසක් ඉටු කරන ලද්දේය.මෙම තරුණයන් කරුණා විසින් යුද සටන් සදහා පුහුණු කරන ලද්දෝ වූහ. කෙසේවෙතත් පසුකාලීනව රජයේ බුද්ධි අංශ හා එක්ව මොවුන් විසින් මිනිස් ඝාතන කළ  බවට අනාවරණය වී තිබේ.ඒ ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන ගේද දැනුවත් කම මතය.පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් එක්නැලිගොඩ හා ලසන්ත වික්‍රමතුංඟ ඝාතනයන්ට යෙදවූයේද මෙම බුද්ධි අංශ සාමාජිකයන්ය.පාස්කු ප්‍රහාරයේ සහරාන් ද 2014 වර්ෂයේ සිට  ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ගෙවූ බුද්ධි සාමාජිකයෙකි.මෙහිදී මෙම සිදුවීමට සම්බන්ධ ආමි මොහිදින්ගේ භූමිකාව සළකා බලන විට හමුදාව හා ඔහු අතර පැවැති බරපතල සම්බන්ධතා අනාවරණය වේ.පාස්කු ප්‍රහාරය සිදු වූ වහාම ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ බුද්ධි අංශ ඔහු යන එන තැන හොඳින් දැන සිටි බවය.සිය දිවි නසා ගන්නා බෝම්බ කරුවකු වීමට සහරාන් තුල කිසිම හැඟීමක් නොතිබුණ බව කාතන්කුඩ් හි ⁣සිටින සමීපතම ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ලැබේ.ඔහුගේ කැමැත්ත හා ආශාව වූයේ සිය ප්‍රජාව  අතර නායකයකු වීමය.ඔහු ඒ සඳහා විවිධ අවස්ථාවලදී තම ස්ථානයන් වෙනස් කොට තිබෙන බව දකින්නට ඇත.

සහරාන් පිළිබඳව අඛන්ඩව විමර්ශන කටයුතු කළ  පොලිස් නිළධාරියෙක් සිටී.ඒ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාය.එහෙත් රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන 2018 අප්‍රේල් 8වන දින පොලිස්පති පූජිත ජයසුන්දරට යොමු කළ ලිපියකින්රට තුළ දැනට ක්‍රියාත්මක වන බවට දැන සිටින අන්තර් ජාතික ත්‍රස්ත සංවිධාන සම්බන්ධ අන්තවාදී කොටස් ගැන කෙරෙන විමර්ශන රාජ්‍ය බුද්ධි අංශ මගින් කරගෙන යන විමර්ශන කටයුතු වලට අගතියක් වන බැවින් ඒවා නතර කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ට උපදෙස් දෙන්නැයි ඉල්ලා තිබේ.

2018 වර්ෂයේ ඔක්තෝමබර් මාසයේදී හමුදාවෙන් පැණ ගිය හා පොලිස් ඔත්තු කරුවකු වූ නාමල් කුමාර ජනපති සිරිසේන හා මිල්ටෙරි නන්දසේන ඝාතන කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමා සමග සැළසුම් කරන ලදැයි කරන ප්‍රකාශකයක⁣ට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුව⁣ට ගැනීම සිදු කෙරුණි.ඒ වනවිටත් සහරාන් ගේ පවුලේ දුරකතන වලට සවන් දෙමින් සි⁣ටි බව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පාර්ලිමේන්තු කාරක සභාවට පැවසුවේය.එහෙත් රාජ්‍ය බුද්ධි සේවය සහරාන් ගැන කිසි හෙළිදරව්වක් ඔහු ගේ තොරතුරු හඹා යාමක් වාර්තා වී නැත.පොලිස්පති වරයා ජාතික ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනපති සිරිසේන විසින් කටයුතු කරන්නේද මෙම නාමල් කුමාර භූත විකාර පැමිණිල්ලයි.ඒ වන විට ජනපති නන්දසේන රාජපක්ෂලා ගෙන ගිය මෙම සාහසික සැළසුමේ කොටස් කරුවෙකු වී තිබුණ බව පැහැදිලිය.

සහරාන්ගේ පවුල කාතන්කුඩියෙන් නික්ම යෑම හා අප්‍රේල් 16 වන දින කාතන්කුඩියට දකුණින් පිහිටි පලමුනේහිදී මෝටර් සයිකලයක සවිකරන ලද බෝම්බයක් දුරස්ථ පිපිරවීමක් කළ බවද ඉන්පසු සහරාන් අප්‍රේල් මස 18 වන දින කාතන්කුඩියෙන් පිටව ගිය බවද සිද්ධියෙන් පසුව පලවූ මාධ්‍ය වාර්තා වල සඳහන්ව තිබේ. එම තොරතුර මාධ්‍ය වෙත පවසා ඇත්තේ සහරාන්ගේ සොයුරිය මදනියා වේ.2019 අප්‍රේල් මස 09 වෙනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂගෙන් විදේශ බුද්ධි මූලාශ්‍ර මගින් සිදු කර ඇති ත්‍රස්ත ප්‍රහාරයක් ගැන සදහන් කොට ලිපියක් එවා තිබේ.අප්‍රේල් 09 වෙනිදා සවස බුද්ධි අංශ ප්‍රධානී මෙන්ඩිස් මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පොලිස්පතිට ලිපියක් යොමු කෙරුවේය.එහි සඳහන් වූයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂ්මි හා ඔහුගේ අනුගාමිකයන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කරන බවට සැළසුම් කර ඇති බවය.මෙලෙස පිරිසිදු බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් නිලන්ත ජයවර්ධන පියවර නොගැනීම විමතියට කාරණයකි. පොලිස් පතිවරයා මෙම තොරතුරු ඇඟවීම  පිළිබදව පොලිස් දෙපාර්තමේන්තුවේ සියළු අංශ දැනුවත් කර ඇත.එහෙත් කිසිවෙකු ඒ ගැන නෛතික පියවරක් ගෙන ඇත්තේද නැත.

පොලීසියේ පොලිස් නිළධාරීන්ගේ රාජකාරි හා වගකීම් පිළිබඳව පොලිස් ආඥා පනතේ පනස් හය( 56 ) ඡේදයේ මෙසේ දැක්වේ..”.. හැම පොලිස් නිළධාරියෙකුටම මෙම ආඥා පනතේ අන්තර්ගත සියලු කාර්යයන් සඳහා සැමවිටම රාජකාරියේ යෙදී සිටින්නේ යැයි සැළකිය යුතු අතර ශ්‍රීලංකාවේ සෑම පොලිස් නිලධාරියෙකුටම ඒ බලතල ඇත්තේය.ඔහුගේ රාජකාරිය විය යුත්තේ සියලු ආකාරයේ අපරාධ වැරදි හා මහජන පීඩා වැලැක්වීමට තම උපරිම ශක්තිය සහ හැකියාව යෙදවීම සාමය ආරක්ෂා කිරීම හා කවර හෝ නිසි අධිකාරියක් විසින් ඔහුට නිත්‍යනුකූලව නිකුත් කරන ලද සියලු නියෝග සහ බලපත්‍ර කඩිනමින්  ක්‍රියාත්මක කිරීමය….”

මෙ⁣වැනි  නෛතික බලධිකාරියක් විමධ්‍යගතව පවතින වෙනත්  දෙපාර්තමේන්තුවක් මෙරට නැති තරමේය.මෙහිදී සෑම පොලිස් නිළධාරියෙකුම සමානයන් ලෙස සැළකිය හැක්කේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වන බවට  ලැබුන බුද්ධි තොරතුරු අතපසු කරන්නේ මෙවැනි  නෛතික බලයක් පැවැති දෙපාර්තමේන්තුවකිනි.ඒ නිසා මේ පිළිබඳව රාජකාරි මග හරින ලද නොසලකා හැරි කිසිම පොලිස් නිලධාරියෙකු අරූ මූ නිසා මට රාජකාරිය ඉටු කරන්නට බැරි වුනේයැයි අදෝනා නගන්නට බැරිය.ඔවුන්  සියළුම දෙනා මිල්ටෙරි නන්දසේන ගේ හා ජනපති ⁣සිරිසේනගේ සාහසික කුමන්ත්‍රණයේ දැන හෝ නොදැන සාමාජිකයන් වූහ.

මෙතැන්සිට අප විමසා බලන්නේ මේ පසුතලය සහරාන් ඇඳි බිහිසුණු චිත්‍රය ගැනය.

මරාගෙන මැරෙන ප්‍රහාරයකට සහරාන් හා වෙනත් කිසිවකු පුහුනු වූ බවක් කිසිවිටක වාර්තා නොවේ.එය එසේ වූයේ නම් බුද්ධි අංශ වල⁣ට වාර්තා වන බව නිසැකය.සතියකින් දෙකකින් පුහුණු වී නායකයා සමග මරාගෙන මැරී සිය සංවිධාන කටයුතු අවසන් කරන්නට කල්පනා කළ ලෝකයේ එකම ත්‍රස්ත සංවිධානය සහරාන් ගේ ජාතික තවුහිද් ජමාද් සංවිධානය වන්න පුළුවන.එය අපට අපූරු විහිළුවකි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්  (ෂැන්ග්‍රිල්ලා හෝටලය)මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාප් අහමඩ් සොයුරන් ඉතා ධනවත් ව්‍යාපාරිකයන්ය.සැබවින්ම විශාල⁣ දේපොල වත්කම් ඇති සොහොයුුරන් දෙදෙනෙකු එකවර මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වීමද සැකයක් ජනිත කරන්නකි.දෙහිවල ටොපිකල් ඉන් හි බෝම්බය පුපුරවාගත් අබ්දුුුල් ලතීෆ් අමුතුම ජාතියේ මරාගෙන මැරෙන ත්‍රස්තයෙකි. සිය ඉලක්ක පථය අත්හැර ආ ඔහු මෙලෙස මරාගෙන මැරෙන්නට තීරණයකට එළඹේද යන්න අපට බරපතල ප්‍රශ්නයකි.ඒ අතරේ කාතන්කුඩි සහරාන්ගේ පවුල ස්වයං ඝාතනයට තීරණය කරද්දී සාරා ජෙස්මින් එම ස්ථානයෙන් මග හැර යාම පිළි ගත හැකි කරුණක් නොවේ.

කෙසේවෙතත් අප මේ පිපිරීම් ගැන හදාරා ඇති බෝම්බ විශේඥයකුගෙන් කරුණු විමසුවෙමු.මේ ඔහුගේ හඬය”…මේ පාස්කු බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරරෙන ප්‍රහාරයක් නොවෙයි කියන එකයි මගේ අදහස.පසුගිය යුද්ධ කා⁣ලයේ එල්ටීටිය විසින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කළ ආකාරය අධ්‍යයනය කරා⁣නම් ඕනෑම කෙනෙකුට වැටහෙනවා සහරාන් සහ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරකයන් නොවන බව.ඔවුන්ට මනා පවුල් සබඳතා තිබුනා.ඇතැම් අය ධනවත් ව්‍යාපාරිකයන්.මෙවැනි ප්‍රහාරයක ඔවුන් දාම් ඉත්තන් කර ගෙන තියෙන බව පැහැදිලියි.

මොවුන් ⁣⁣මේ සඳහා යොමු කළ යම් තැනැත්තකු විසින් දුරස්ථ පාලකයක් යොදාගෙන මඩකලපුවෙි බෝම්බ තැබූ යතුරු පැදියක් පුපුරවා හරින්නෙ මොවුන් තුල පවතින දෙගිඩියාව නැති කරන්න වෙන්න ඕන.මේ සියළුම බෝම්බ  සාමාන්‍ය ගමන් මළු වල ගෙන ගිය ඒවා. ම⁣ට නම් විශ්වාසයි ඔවුන්ට පවරා තිබුණ රාජකාරිය වුනේ මේ ගමන්  මළු ඉලක්ක පථයේ තබා ඉවත් වීම.එහෙත් දුරස්ථ පාලකය තිබූ තැනැත්තාට මේ කාරණය අදාල වුනේ නෑ ඔහුට නියෝග ලැබී තියෙන්න ඇත්තේ මේ සියළු දෙනාම බෝම්බ පිපිරීමෙන් විනාශ විය යුතු බවට.එය එසේම සිද්ධ වුනා.මේ කණ්ඩායම සමග ගණුදෙනු කළ ආමි මොහොදීන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බව අමතක කරන්න එපා.ඒ එක්කම දෙහිවල ටොපිකල් ඉන් වලදි බෝම්බය පිපිරීමෙන් මැරුණ අබ්දුල් ලතීප් ජමාල් ඊට පෙර බුද්ධි අංශ සාමාජිකයකු හා කතා කර තියෙනවා.ඔහුගේ ගෙදරත් බුද්ධි අංශ සාමාජිකයන් ඉදල තියෙනවා කාතන්කුඩි පිපුරුමෙන් පස්සෙ සාරා ජෙස්මින් යුධ හමුදා ජිප් රථයකින් රැගෙන ගිය බව කියවෙනවා.ඇය තමා බුද්ධි අංශ සමග මේ සියල්ල සැළසුම් කෙරුවෙ කියලත් හිතන්න පුළුවන්.ඒ එක්කම CID එකේ ශානි අබේසේකර අයි පී ලිපිනයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයෙකු අත් අඩංගුවට ගන්නවා.ඒ එක්කම හමුදාවේ බුද්ධි අංශ ඇවිත් අත්අඩංගුවට ගත් තැනැත්තාව මුදාගෙන යන්නෙ මේක අපේ ව්‍යාපෘතියක් බව පවසමින්.

ඉතින් හරිනේ….තව මොනවටද වෙන විශ්ලේෂණ…එතැනදි මේක අපේ ව්‍යාපෘතියක් කියල කිව්ව නම් සමස්ත ප්‍රහාරයේම  ඇත්ත කතාව මොකද්ද කියල හිතාගන්න පුළුවන්නේ.

මේ ප්‍රහාරයෙන් වාසි ගන්නෙ ගෝඨාභය. කරුණල පිල්ලෙයාන්ල ජෙනරාල් සලේල එකතු වෙලා සිරිසේන ජනපති ගොනාට අන්දල කරපු මාර ගේම් එකක්  මේ……
විදේශ රටවල් ගණනාවක බෝම්බ පිපිරීම් පිළිබදව පුහුණුව ලැබූ හා උතුරු නැගෙනහිර සටන් බිමේ  දීර්ඝ කාලයක් අත්දැකීම් ලද ඔහුගේ මේ කතාව තුල පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැඟවුන රහස්වල අඩිතාලම පවතී යැයි ලංකා දවසද විශ්වාස කරයි.

හිටපු යුධ හමුදා කර්නල්වරයෙකු ලියයි..


Spread the love

Leave a Comment

You may also like