රටේ අපරාධකරුවන් සමඟ ඩීල් දමා ඉතාම සුඛෝපභෝගි ජීවිත ගතකරන නිතිඥයන් නැතුවා නොවේ.ඒත් ඒ අතරම අචලා සෙනවිරත්නලා වැනි තවත් හිස් අතින් ජීවිතය ගැටගසා ගෙන යනු ලබන ලද දෙයින් සතුට ලබන, නිතිඥයන් සිටීම රටේත් ජනතාව ගේත් වාසනාවකි. ඔවුන් ගේ දෙයත් මුදලින් පිරී නැතත් මනුෂත්වය අතින් පිරි ඇති නිසාම ඔවුන් ගල් පර අතර මුතු මැණික්ය.
ජනතා නිතිඥයන් ගේ අචලා සෙනවිරත්න නිතිඥ සේනක හා නිතිඥ නාමල් රාජපක්ෂ ප්‍රධාන එම කණ්ඩායම රටේ කොතනක වුවත් සිදුවන මානව හිමිකම් කඩවීමක් හෝ සිදුවන සෑම අසාධාරණයකටම පෙනි සිටීම මේ වනවිට ජනතා නිතිඥයන් ජනතාව අතර මහත් ආදරයට හා ගෞරවයට පාත්‍රව ඇත.
මෙහිදි අචලා සෙනවිරත්න මෙනවිය රටේ දැඩි කතාබහට ලක්වු ජාත්‍යන්තරයට පවා ගෙන ගොස් ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සම්බන්ද කුඩා ළමුන් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියේ එම අතුරු දහන් ළමයින් ගේ දෙමාපියන් ගේ අයිතින් වෙනුවෙන් පෙනිසිටින නිතිඥවරියයි.
මේ වනවිට ඇයට දැඩි ජීවිත තරජනයක් පැමිණ ඇතත් පොලිසිය ඊට ඉතාම මන්දගාමිව කටයුතු කරමින් ඇත. මේවනවිට ඇය ගේ සේවා දායකයෙක් යැයි කියා තවත් සැලසුම් සහගතවම නිතිඥ වෘත්තීයට විරුද්ධවත් ඇගේ කළු කෝට් ඒක ඉවත් කිරීමට පවා සුදානමින් බොරු පැමිණිලි යොදවමින් රටේ ජනතාවත් නොමග යවන ඉතාම සංවිධාත්මක කල්ලියක් ඇත. මේ නිසාම ඇගේ ජීවිතය ඉතාම දැඩි අවදානමකට පත්ව ඇති බවට අප වෙතට තොරතුරු දැනගැනීමට ඇත.

රටේ ජනතාව ගේ මුලික මිනිස් අයිතින් ආරක්ෂා කිරීමට ගොස් ඇයට දැන් ජීවිතයත් මරණයත් අතර ජීවිත්වීමට සිදු වීම ඉතාම කණගාටුදායක තත්වයකි. මේ නිසාම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්අචලලාව රැක ගැනීම රටේ ජනතාව ගේ යුතුකමකි .මේ නිසාම නිතිඥ සංගමය වහාම ඊට මැදිහත්ව ඇයට යම අනතුරක් සිදුවීමට පෙර පියවවර ගත යුතුය.