උණුසුම් පුවත්

රට අනතුරට හෙළන ගෝත්‍රික අපරාධකරුවන් පිටුදකිමු.

Spread the love

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වල ගෝත්‍රික මෝඩ තකතිරු කම තහවුරු කෙරෙන පුවතක් අද මවුබිම පුවත්පත පළ කර තිබේ.මේ ප්‍රවෘත්තිය එම පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු විසින් මවුබිමට යොමු කරන ලද පුවතකි.කෝවිඩ් රෝගයෙන් රට මේසා අවදානම් අනතුරුදායක බැරෑරැම් තත්වයකට මුහුණපා සිටියදී හා නොදියුණු අධ්‍යාපනික මට්ටමින් අඩු විශාල පිරිසක් සිටින මෙරට මෙවැනි අන්තරායකාරී ප්‍රවෘත්තියක් පල කිරීම පවා බරපතල සාහසික අපරාධයක් ලෙස සැළකිය හැක.

එලෙසම මේ ප්‍රවෘත්තියේ පවතින බිහිසුණු කම විවිධ ආකාරයෙන් පෙන්වා දිය හැකිය.ඒ උසස් අධ්‍යාපනයක් ලබා ඇති විද්‍යාත්මකව සමාජ කරණු හැදෑරීමක් සිදු නොකරන ආචීර්ණ කල්පික මතවාදයන් තුල ගැලී සිටින නාමික බුද්ධිමතුන් පවා මේ පශු ⁣වෛද්‍ය මහචාර්ය වරයාගේ නිර්දේශය පිළි ගැනීමට ඉඩ පවතින බැවිනි.මෙහිදී මේ බාග බුද්ධිමත් හංවඩුව ඇති තැනැත්තන් විමසා බලන්නේ ඖෂධය නිර්දේශ කළ එකාගේ මහචාර්ය පට්ටම විතරය.එහිදී මේ මහචාර්ය වරයාගේ පශු වෛද්‍ය පට්ටම අදාල කර ගන්නේ නැති බව නිසැකය.නැතිනම් පසුගියදා මෙරට සමාජය කැළඹූ මේසන් බාස් කෙනෙකුගේ කාලිපැණියට ⁣⁣මිනිස් ගඟක් පෝලිම් ගැසෙන්ට ඉඩක්  නැතිය.මෙර⁣ට ආචාර්ය  මහචාර්ය වරු යැයි කියාගන්නා උන්ට වැළඳී ඇති තවත් රුදාවක් තිබේ.ඒ තමන් හදාරා ඇති විෂය කේෂත්‍රයට කිසිදු සම්බන්ධයක් නැති විෂය කාරණයක් පිළිබඳව තමන්ගේ සිතළු සමාජය වෙත මුදා හැර මං පොර වීමේ රුදාවයි.එහිදී මෙරට වකුගඩු රෝගයට හේතුව නාථ දෙවියන් අසා විමසූ මහචාර්යවරයෙක් සිටි බව අපට මතකය.කෝවිඩ් රෝගයට රහස් බෙහෙතක් ඇතැයි පැවසූ වෛද්‍ය විශේෂඥ ඇමතිනියක් සිටී.මේ සියල්ලන්ගේම ⁣කෙරුවාව හා කයිවාරුව තුලින් අනාවරණය කර ගත හැක්කේ මොවුන්ගේ මංඥං මන්ද බුද්ධික මිස මානසිකත්වය මිස අන් යමක් නොවේ.   
  එය එසේ වන්නා සේම අද දින මවුබිම පල කරන ලද මෙම පුවතෙන් අනාවරණය කරන්නේ සතුන් ගේ පණු රෝග සඳහා භාවිතා කෙරෙන ඖෂධයක් කෝවිඩ් රෝගයට සුදුසුයැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය අශෝක දංගොල්ල පවසා ඇති බවයි.මවුබිම පුවත්පත මේ ප්‍රවෘත්තිය පල කර ඇත්තේ සිය මාධ්‍ය සදාචාරාත්මක වගකීම තුට්ටුවකට නොසළකා හරිමිනි.මෙරට කිසිදු ජනමාධ්‍යයකට වගකීම් විරහිතව රෝගී ප්‍රතිකාර සඳහා නිර්දේශිත ඖෂධ නාමයන් ප්‍රචාරය කිරීමට නෛතික අයිතියක් නොමැත.එහෙත් ⁣මෙහි හොඳම හා විහිළු සහගත එහෙත් ඉතා බරපතල අනතුරුදායක විශේෂිත ප්‍රකාශනය ලෙස දැක්විය හැක්කේ හිරු වාහිනිය මගින් දිනපතා උදෑසන ප්‍රචාරය කෙරෙන පත්ත⁣රේ විස්තරේ වැඩ සටහනේදී පුවත්පත් ශීර්ෂයන් කියවන විට මවුබිම පුවත්පතේ පල වී තිබූ  එම ප්‍රවෘත්තිය වගකීම් විරහිතව ඉතා “බරසාර වැදගත්” ප්‍රවෘත්තියක් ලෙස පෙන්වා එයට ප්‍රචාරයක් ලබා දීමය.එම පුවත හිරු වාහිනිය මගින් ප්‍රචාරය කරන ලද්දේ එසේ මෙසේ මාධ්‍යවේදියකුද නොවේ .ඒ මෙර⁣ට අසාධාරණයට අයුක්තිය එරෙහිව බිය නැතුව පෙනී සිටින මාධ්‍යවේදියකු යැයි කියවෙන මුදිත සමරවික්‍රමය.⁣මෙරට  මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින මේ තැනැත්තා යූ ටියුබ චැනලයක්ද පවත්වාගෙන යන්නෙකි.එම යූ ටියුබ් චැනලය මගින්ද ගෝත්‍රික හා අවිද්‍යාත්මක විශ්වාසයන් මෙරට සමාජය තුළ පැතිරවීමට ඔහු ප්‍රයත්න දරමින් සිටින බවට අපට නිරීක්ෂණය වී තිබේ.සැබවින්ම අපට නම් චමුදිත සමරවික්‍රම යනු වාචාල මෝඩ තකතිරුවෙකි.එසේත් නැතහොත් මුළු රටම මී හරකුන්ට අන්දන අමු තක්කඩියෙකි .

පැණි පොවා ,සතුන් ගේ බෙහෙත් ගිල්ලවන ජඩ-මාධ්‍ය චමුදිත හා රෙනෝ

එය තහවුරු කිරීමට එක් සාක්ෂියක් ලෙස අද හිරු මගින් ප්‍රචාරය කරන පත්තරේ විස්තරේ වැඩ සටහනේදී මොහු විසින් ඉතා බරසාර ලෙස අනාවරණය කළ මෙම ප්‍රවෘත්තිය පමනක් ඉදිරිපත් කිරීම හොඳටම සෑහේ.දෙරණ වාහිනිය මගින්  ධම්මික පැණියෙන් මෙරට සමාජයට කළ විනාශයට වඩා බරපතල අන්තරායකාරී විනාශයක් අද දින  චමුදිත සමරවික්‍රම නම් ගොබ්බයා සිදු කළ බව ලංකා දවසේ  අදහසයි.මේ වන විටත් මෙම වැඩ සටහන නැරඹූ විද්‍යාත්මකව නොසිතන හා හැදෑරීමක් නොකරන අඩු අධ්‍යාපනයක් ඇති මෙරට බොහෝ ගෝත්‍රිකයන් හිරු වාහිනියේ චමුදිත  අනාවරණය කළ  සත්වයින් ගේ පණු අමාරුවට ගන්නා ඖෂධය මිලයට ගැනීමට ඖෂධ හල්වල පෝලිම් ගැසෙන්නටත් ඉඩ තිබේ.අවිද්‍යත්මකව ජීවත්වන බො⁣හෝ පිරිසක් ⁣රට තුළ පවතින මෙම බරපතල අනතුරුදායක වටපිටාවෙන් මිදීම සඳහා වෛද්‍ය නිර්දේශයන් නොතකා කටයුතු කරන බවට මෙරටින් නිතර අසන්නට ලැබේ.එය එසේ තිබියදී අහවල් පත්තරේ තිබුණා අහවල් වාහිනියෙත් කිව්වා යැයි අවධාරණය කරමින් මෙම සත්ව ඖෂධය ලබා ගන්නා හා සිය ⁣අනෙකාද ඒ සඳහා පොළඹවන බොහෝ මිනිසුන් මෙරට සිටී.මෙම සත්ව ඖෂධය පිළිබඳව ලංකා දවස මීට දවසකට පෙර ප්‍රවෘත්තියක් පල කරන ලදී.අද මවුබිම පුවත්පතේ මෙම ප්‍රවෘත්තිය පල කිරීමට පෙර අන්තර්ජාලයේ මෙය පල කර තිබුනේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සී නිවුස් නම් අන්තර්ජාල ප්‍රකාශනයේය.මෙම අවිද්‍යාත්මක පදනම් විරහිත ප්‍රවෘත්තිය පල කොට ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් සෘජුවම විමල් වීරවංශට චෝදනා කොට අදාල සත්ව ඖෂධය ගැන  අප ලංකා දවස මගින්  සත්‍යයය අනාවරණය කරන ලදී.සත්වයින් සඳහා දෙන ඖෂධයක් මිනිසුන්ගේ රෝගයකට ලබා දීමට ජනමාධ්‍ය මගින් නිර්දේශ කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙම පශු වෛද්‍ය මහචාර්යවරයා පිළිබඳව ලංකා දවසේ  ඇගයීම වන්නේ මොහු සාහසික අපරාදකරුවකු බවය.විමල් වීරවංශගේ දේශපාලන හෙංචයියක් ලෙස කටයුතු කරන මෙම පශු වෛද්‍ය මහචාර්ය වරයා මෙලෙස සත්ව ඖෂධ වගකීම් විරහිතව මෙරට සමාජයට මුදාහරින්නේ ඇතැම්විට දේශපාලනික තක්කඩි කමකට විය හැකිය.නැතිනම් අදාල ඖෂධ සමාගම හා බැඳුණු ජාවාරමකට විය හැකිය.⁣එය කෙලෙස විග්‍රහ කළද මේ සිදුවීම සමස්ත සමාජයම නොමගයවන හා අනතුරට හෙළන බිහිසුනු සාහසික ක්‍රියාවක් බව ලංකා දවස චෝදනා කර සිටී.මෙරට වෛද්‍ය සභාව හා සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට  අන්තරායකාරී   විය හැකි  සත්වයන් සඳහා වූ මෙම ඖෂධය පිළිබඳව ජනතාව වහා  දැනුවත් කළ යුතු වන අතරම අදාල පශු වෛද්‍ය මහචාර්ය වරයාට එරෙහිව නීතියද ක්‍රියාත්මක කළ යුතු වන්නේය.ඊනියා එඩිතර මාධ්‍යවේදියකු යැයි කියා ගන්නා කට වාචාල අබ්බගොබ්බ චමුදිත සමරවික්‍රමත් මවුබිම පුවත්පතේ තක්කඩි කර්තෘවරයාත් සමාජය අවදානම්කාරී අනතුරෙහි හෙළන මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශනය⁣ට පත් කිරීම පිළිබඳව වගකිවයුත්තන් වේ.

කෙසේවෙතත් අප මේ මේ මොහොතේ මෙරට සිටින බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයට ගොස් ඇමරිකානු ආහාර නියාමන අධිකාරිය මෙම සත්ව ඖෂධය සම්බන්ධයෙන් ජනතාවට අනතුරු අඟවා ඇති ආකාරයත් එම ඖෂධය ලබා ගැනීමෙන් සිදුවිය හැකි පල විපාකත් කියවා දැනුවත් වන ලෙසය.මෙම සත්ව ඖෂධය ගැනීමෙන් වලකින ලෙසට ඇමරිකාවේ බොහෝ ජාතික පුවත් පත් මගින් එරට වෛද්‍ය විශේෂඥයන්ද ඉල්ලා තිබේ.ඇමරිකානු ආහාර නියාමන අධිකාරිය මෑතකදී මෙම සත්ව ඖෂධය ගැන සයිබර් අවකාශය⁣ට මුදා හැරි ටුවිට් පණිවුඩයක  ඇති අදහස අපේ ගමේ ගොඩේ භාෂාවෙන් ලියා තැබුවොත් කියවෙන්නේ

මේ විදියටය”….උඹලා අශ්වයොත් නොවෙයි උඹලා එළදෙන්නුත් නොවෙයි….ඒ නිසා මේ සීරියස්ලි කියන්නෙ ඔය බෙහෙත ගන්න එපා…….ගන්න එපා …”එහෙත් චමුදිත සමරවික්‍රම වැනි කේප්ප වස්සන්ට හා මවුබිම කර්තෘ වරයා වැනි මී හරකුන්ට  මෙවැනි විද්‍යාත්මක උපදෙස් වලට වඩා අවශ්‍ය වන්නේ තණ කොල හා පූනක්කු පමනක් බව අපගේ නිර්දේශයයි.

(ඔබ බුද්ධිමත්ව හා විද්‍යත්මකව සමාජය ගැන හදාරන සමාජ යුතුකම් වගකීම් දන්නා පුරවැසියකු නම් මේ ගැන ඔබගේ අනෙකා දැනුවත් කරන ලෙස ලංකා දවස ආයාචනාත්මකව ඉල්ලා සිටී)  


Spread the love

Leave a Comment

You may also like