උණුසුම් පුවත් දේශපාලන වෙනත්

ලංකා දවසේ ගවේෂණාත්මක විමර්ෂණය…….2018 සහරාන්ලා ගේ අවි පුහුණුව රාජ්‍ය බුද්ධි නිලධාරින් සැඟ වුයේ ඇයි….?

Spread the love

පාස්කු ප්‍රහාරය පිලිබදව බොහෝ දෙනා පාරට බසින්නේ මුල මැද අඟ නැති රිටක් අතේ අරන්නය. මේ නිසාම සැඟවුන අපරාධ හෙලි කරගත් විමර්ෂකයෙකු ගේ දැඩි විමර්ෂණයක් සමඟම අපි එදා සිටම මෙම ගවේෂණාත්මක හෙලි දරව්ව සිදුකරමින් නොනවත්වාම යන්නේ අපරාධකරු ලුහුබැදීමටය.

 ඔට්ටාමවඩි  කැලයට නිතර  ආවගිය පිරිසක් වුයේ එම කැලයට ආසන්නව පදිංචිව සිටින ගම්වාසින්ය. තම හරකුන් ගාල් කොට කිරි විකුණා ජිවනෝපය ගෙන ගිය ඔවුනට කැලයේ ගහක් ගලක් ගානේ මතකය . මෙසේ කලය ගෙවෙද්දී 2017 අග භාගයේදි තම ගවයන් කැලේට දක්කාගෙන ගිය තරුණයෙකුට අහඹු සිද්ධියක් දැකිය හැකි විය. ජීවිතයේ වසර 30 ක් LTTE බැට කෑ නිසාම අවි ආයුධවලට ඇති බිය නිසාම මෙම සිදුවීම පිලිබදව ඔහු සැඟවී බලා සිට ඇත .

ඒ සියල්ලම ඔහු විටින් විට කීප අවස්ථාවකදි දැකීම නිසාම මේ පිලිබදව තම කිරි සමිතියේ සභාපතිව දැනුවතකලාය. කිරිසමිතියේ සභාපති වු පුෂ්පරාජ් නැමති අය මෙම විආයුධ පිලිබදව ඉතාම හොද දැනුමක් තිබු අයෙකි. ඔහු තවදුරටත් මේ පිලිබදව සෙවීමට උත්සුක විය.ඒ නිසාම පුෂ්පරාජ් ද ඒ පිලිබදව සොයා බැලීමේදි  ඔට්ටාමවඩි  කැලයතුල මුස්ලිම් අන්තවාදි කීප දෙනෙකු කිසියම් අවි පුහුණුවක් ලබන බවට හෙලිකරගෙන ඇත.

එම පුද්ගලයන් ශ්‍රි ලංකා යුධහමුදාවෙන් වැටුප් ලබන සහරාන සමඟ සිටින අයවළුන් බව පිල්ලයාන් ගේ සංවිධානයේ මෙම පුෂ්පරාජ් නැමති අය  හදුනා ගෙන ඇත. එම පුද්ගලයන්ට අවි පුහුණව ලබාදෙන්නේ කලක් යුධහමුදාවේ  සිටි ආමි මොහිදීන් බවට එම පුද්ගලයන්  සමඟ උෂා මොහිදීන් ද සිටිනබවට හෙලිකර  ගෙන  ඇත. පසුව ඒ පිලිබදව සෝදිසියෙන් සිට   ජාතික නිදහස්  විමුක්ති සංවිධානයට ඒ පිලිබදව දැනුම් දී ඇත. ඒ වනවිට නැගෙනහිර පලාත  මුල් කොට ගෙන ජාතික නිදහස්  විමුක්ති සංවිධානය  බිහිව නැගෙනහිර පලාත තුල ඉතාම සාර්ථක වැඩ කොටසක්  අවතැන් වු පිරිස්වලට මුල් කොට ගෙන සිදු කරමින් ඇත. පසුව පුෂ්පරාජගේ මෙම තොරතුර පිලිබදව තුෂාර පීරිස් නැමති එම සංවිධානයේ ප්‍රභලයෙකුට දැනුම් දී ඇත.

ඒ වනවිට රටේ  විවිධ සංවිධාන   බිහිව තිබු නමුත් ජතික විමුක්ති නිදහස් සංවිධානයට ඉතා වැඩි පිරිසක්    ඒකරාශි වී ඇත. ඒ අතර නාමල් කුමාර නැමති අයෙකු ද වරකාපොල සිට  සම්බන්ද වී සිට ඇත. පසුව තුෂාර පීරිස් ගේ අනු දැනුම ඇතිව නාමල් කුමාරව අවස්ථා කීපයකදීම තවත් පිරිසක් සමඟ ඔට්ටාමවඩි කැලයට ගොස් මේ පිලිබදව සොයා බලා සත්‍යබවට තොරතුරු සමඟ නැවතත් නාමල් කුමාර විසින්තුෂාර පීරිස්ට එම ස්ථානයේ තත්වය පැහැදිලි කොට ඇත. ඒ වහාම ජාතික ව්‍යාපරයක තම වගකීම ඉටුකරමින් තුෂාර පීරිස් මේ පිලිබදව ආරක්ෂක අංශ දැනුවත් කොට ඇත.

ඒ අනුව වහාම ත්‍රස්ත විමර්ෂණ ඒකකය භාර නියෝජ්‍යපොලිස්පති නාලකසිල්වා  මැදිහත්ව නාමල් කුමාර ඇතුළු පිරිසක් සමඟ නැවතත් එම සහරාන්ලා අවි පුහුණුවෙනවා යැයි කියු ස්ථානය නිරික්ෂණයට ගොස් අවශ්‍ය සියළුම කරුණු නාලක සිල්වා විසින් රැස්කොට ඇත. ඒ අවි දුටු පුද්ගලයන් හා එම  පුහුණුවේ සිටිකලමුනේ පිහිටි උෂා මැෂින් වෙලද සැලේ අයිතිකරු ගේ පුතාද මෙම අවි පුහුණුවට සිට ඇත. (ඒත් ආමි මොහිදීන හා උෂා ද නිදහස්ව මේවනවිට ඇත.)   නාලක සිල්වා  සිදුවීමට ඇති විනාශය වලකා ලීමට වහාම පියවර ගැනීමට කොළඹ ගොස් සුදානම්ව ඇත.

නාමල් කුමාර නැමති කයිවාරු කරු ගෙන් ඒ පිලිබදව සියලු තොරතුරු පාර්ලිමේතු මංත්‍රි කණඛ හේරත් දැනගෙන ඇත. කනඛ හේරත් ඒ වහාම එවක පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ සිටි දැඩි රාජපක්ෂ වාදියෙකුවන (ලසන්ත ඝාතනයේ මොහු ගේ නමත් කියවේ )සේවය කල ප්‍රසන්න අල්විස්ට දැනු දී ඇත. 2018 වසරේ දිනයක දි නාමල් කුමාරගේ ගමේ පොලිසිය වු වරකාපොල පොලිසියට කණඛ හේරත් ප්‍රසන්න අලවිස් හා නාමල් කුමාරද තවත් පුද්ගලයෙකු පැමිණ ඇත. මෙහිදි නාමල් කුමාර සහරානලාගේ කදවුර හා ඔට්ටාමවඩි කැලය තුල ඒ වනවිට සිදුවන සියල්ල හෙලිකර ඇත. ඒත් සමඟම ප්‍රසන්න අල්විස් මෙහිදි මේ පිලිබදව නැවත හමුවී ක්‍රියාකිරීමට අවශ්‍ය එකඟතාවය මත පිටව ගොස් ඇත.

ඒ වනවිට ප්‍රසන්න අල්විස් හා නාලක සිල්වා අතර පොලිස් මුලස්ථානයේ අළුයට ගිනි සේ ගැටුමක් තිබී ඇත. එම ගැටුමේ අවසානය නාලක සිරගත වීමය. එහිදි නාලක සිල්වා සහරානලාව වහාම අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය ලිඛිත ඉල්ලිමක් නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට  අමතක නොකලේය. ඒ අතර තුෂාර පීරිස් තම ජාතික නිදහස් විමුක්ති සංවිධානය හරහා නැගෙනහිර පලාත භාර රාජ්‍ය බුද්ධි නිලධාරියාවන මේජර් රොෂාන් ව දැනුවත් කර ඇත.

පුෂ්පරාජ අපරාධපරික්ෂණ දෙපාර්ත්මේත්වට කැදවා ප්‍රශ්ණකිරීමේදි ඉතාම සවිස්තරව කියා ඇත්තේ තමාගේ නිවසට පැමිණි අක්කරපත්තු  රාජ්‍ය බුද්ධි අංශයේ  මේජර් රොෂාන්ට ප්‍රංශයේ සිටින ජාතික නිදහස් විමුක්ති සංවිධානයේ ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් ඇමතුමක් ගෙන  මාගේ දුරකථයෙන් සියල්ලටම ඇසෙන සේ ස්පීකර් ෆෝන් දමා ඔට්ටාමවඩි අවි පුහුණුවක් වෙනබවත් ඒ පිලිබදව වහාම සොයා බැලීමට යුධ හමුදාව දැනුවත් කරන ලෙසට ඉල්ලා ඇත. සිදුවනබවත් ප්‍රහාරයක් එල්ලවෙන බව මුලින්ම රාජ්‍ය බුද්ධි අංශයට කියා ඇත.

ඒත් එම රාජ්‍ය බුද්ධි නිලධාරියා යවා ඇති වාර්තාවේ සදහන් කොට ඇත්තේ නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක එම ජාතික විමුක්ති සංවිධානය දෙමළ  LTTE සමඟ කටයුතු කරන බවත් මෙවනි කදවුරක් අක්කරපත්තු කැලය තුල නොමති බවයි. එසේ කියා සහරාන්ලාව හෙලි වීම හිතාමතාම වසා ඇත. එදා රාජ්‍ය බුද්ධි නිලධාරින් ඊට ලබා දි තිබෙන දායකත්වය මෙයින් ඉතාම හොදින් පෙනියයි.

මෙහිදි සහරාන්ලා ගේ මෙම අවි පුහුණුව 2018 වසරේ දි හෙලිවීමට ඉඩ නොදී ඇත්තේ පැහැදිලිවම මෛත්‍රිපාල ආරක්ෂක ඇමති භාරයේ සලේලා ඒවනවිටත් බුද්ධි නිලධාරින් ලෙසට සිටි රාජ්‍ය බුද්ධි අංශයයි. ඒ වනවිට අධ්‍යක්ෂක ජෙනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයි. පසුව මේ පිලිබදව පිටු ගනනාවක ප්‍රකාශයක්දෙන පිල්ලයාන් ගේ පක්ෂයේ පලාත් සභා මංත්‍රි සියල්ල හෙලිකර ඇත.

ආණ්ඩුවට අවංකවම පාස්කු ප්‍රහාරකයන් ඇල්ලීමට උවමනානම් කලයුත්තේ මේ වාර්තා සියල්ල එකතු කොට විමර්ෂණයක් කිරීමය.

නාමල් කුමාර ගේ සෑම කුමන්ත්‍රනයකදීම නිතිසහායට මෛත්‍රි ගුණරත්න  යෙදවීමට මෛත්‍රිපාල සිරිසේන එවක ජනාධිපති ක්‍රියාකලේය.

( නාලක සිල්වා අත් අඩංගුවට ගත්තේ ඇයි……….?මීළඟ ලිපියෙන්)

 

 


Spread the love

Leave a Comment

You may also like