සර්ප්‍රයිස් ලොක් ඩවුන් ක්‍රමය ඉදිරියේදී හෝ නැවැත්වීමට පියවර ගත යුතුයි. තරු තෝරන වැඩසටහන් වල්දී මෙන් “ලොක් ඩවුන්ද-ලොක් ඩවුන් නැද්ද” ලෙස අවිනිශ්චිත තත්වයක් ඇති කර එකවර ලොක් ඩවුන් කිරීම හේතුවෙන් ලොක් ඩවුන් රැලි පවා ඇතිවීමේ ප්‍රවණතාවක් මතුවී තිබේ. එමගින් මහ ජනතාවද අනවශ්‍ය අපහසුතාවන් රැසකට ලක්වන අතර වසංගතය ව්‍යාප්ත වීමේ සාධකයක් ලෙසද එය ක්‍රියාත්මක වේ. ඒ නිසාම ඉදිරියේදී හෝ වසංගතය වෙණුවෙන් රටතුල ගණු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය විද්‍යාත්මක නිරිමිතයන් වලට අදාල ප්‍රතිපත්තියක් නිර්මාණය කල යුතුය. ලොක් ඩවුන් කිරීමක් සිදුවන ආකාරය පිළිබදව ක්‍රමාණුකූලව අවබෝධවන විද්‍යානුකූල ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුය.
රටේ මහජනතාවට ලබා දී ඇති එන්නත් ප්‍රමාණය පිළිබදව රජයේ විශ්වාසය පිළිබදව සහ එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබදව නැවත සලකා බැලිය යුතු තත්වයක් මතුවී තිබේ.
බහුතර වශයෙන් ලබා දී ඇත්තේ එක එන්නත් මාත්‍රාවක් පමණක් ලැබීම හේතුවෙන්, භාගෙන ප්‍රතිශක්තිය ලැබීම හේතුවෙන් මතුවිය හැකි තත්වයන් පිළිබදව අප රටක් ලෙස වඩා සංවේදී විය යුතුය.
අර්ධ ප්‍රතිශක්තිකරණය සහිතව සමජයට අනවශ්‍ය නිවාරණය වීම හේතුවෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාව ඉහල බව මේවන විට සමහර පර්‍යේෂණ මගින් හෙලි දරව් කර ඇති බැවින් ඒ පිළිබදව ශ්‍රී ලංකාව වඩාත් සැලකිලිමත් විය යුතුය.
මේ වන විටත් ඩෙල්ටා ප්‍රභේධයේ විකෘත්ති තුනක් රට තුලින් හදුනා ගෙන ඇති බැවින්, ආර්ථිකය ගැන පමණක් උණන්දු වෙමින්,වස්ංගතය අතහැර දැමීමේ පාළණ ක්‍රමය විසින්, නව “ශ්‍රී ලාංකේය ප්‍රභේධයකට” අත වනමින් සිටින බව පැහැදිළිය.
කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් හදුනා ගත් ඉහත ව්කෘත්ති “නව ප්‍රභේද” ලෙස සැලකිය නොහකි නමුත්, ඩෙල්ටා ප්‍රභේදය විකෘත්තිවලට ලක්වීමෙන් නව ප්‍රභේදයක් ඇති වුවහොත් එමගින් ඇතිවිය හැකි තත්වය අතිශය බරපතල විය හැක