
මාධ්‍ය නිවේදනය /සියළුම මාධ්‍ය ආයතන වෙතට,
පාස්කු ප්‍රහාරය සිදුවන විට තමන්ට පැවරී තිබු වගකීම නිසිලෙසට ඉටු නොකිරීම පිලිබදව එවක කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන් මුණසිංහ හා ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල හා ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිලකුමාර ද මුලතිව් සහකාර පොලිස් අධිකාරි නුවන් කුමාර සේකර යන අයවළුන් පාස්කු ප්‍රහාරය පිලිබදව පාස්කු කොමිසමෙන් චෝදනා ලබා ඇත.
ඒ තමන්ට පැවරි තිබු රාජකාරිය නිසි ලෙසට ඉටු නොකිරීම නිසාය. එවක රාජ්‍ය බුද්ධි අංශය භාරව සිටි නිලන්ත ජයවර්ධන ගේ හා මේජර් ජෙනරාල් සලේගේ උපදෙස් අනුව මෙම නිලධාරින් ක්‍රියා කලබව ඉතාම පැහැදිලිය . ඊට හොදම හේතුව එදින දේශබන්දු තෙන්නකෝන් නිවාඩු ලබා පිටව ගොස් ඇත්තේ කෙසේද ? ඒ බවට නියෝජ්‍යපොලිස්පති වික්‍රම්නසිංහ ඉතාම හොදින් මේ පිලිබදව දිර්ඝව පාස්කු කොමිසමට සාක්ෂි ලබාදී ඇත. මෙම නිලධාරින් සියලුම දෙනා රාජ්‍ය සේවකයන්ය ඔවුන් 1999 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආයතන සංග්‍රහයේ 02 වන කාණ්ඩයේ අනුව 01 සිට 37 දක්වා වගන්තිවලින් ද රාජ්‍ය සේවකයන්ට තම ආයතනය පිලිබදව ප්‍රවෘත්ති ආයතන වලට තොරතුරු ලබාදීම කල නොහැකිය,එය විනය සංග්‍රහයේට අනුව විෂමාචාර ක්‍රියාවකි.
එසේම මෙම නිලධාරින්ට විරුද්ධව අධිකරණයකින් චෝදනාවක් එල්ල වෙන්නේ නම් ඊට අධිකරණය හරහාම උත්තර බැදිය යුතුය. පොලිස් දෙපාර්තමේන්තු විනය සංග්‍රහයේ A- 07 B පරිශිෂ්ඨයට අනුව කුමණ තරාතිරමක නිලධාරියෙකුට වුවත් දෙපාර්ත්මේන්තු නිති හා රෙගුලාසි උල්ලංගනය කල නොහැකිය. අදවනවිට පොලිස් දෙපාර්ත්මේතුවේ විනය බලධාරින් වන නියෝජ්‍යපොලිස්පතිවරුන් විනය නියෝග කඩකල ,රාජකාරිය පැහැර හැරීයයි අහිංසක පොලිස් නිලධාරින් කීදෙනෙකුට අසත්‍ය කරුණු මත පුද්ගලික පලිගැනීමට තමන්ට ගතමනාව සපයා නොදීමේවරදට සේවය අත්හිටුවා ඇතිද ?
ඔවුන්ගේ පවුල් පිටින් පාරට ඇද දා නැතුවා නොවේ.. ඒත් දේශ බන්දුලා නනදන් මුණසිංහලා තම රාජකාරිය ත්‍රස්තවාදින් ගේ ඕනෑ එපාකම් මත සිදුකලාට දැඩි දඩුවම්කලයුතුය. එදින සලේලා ගේ නිලන්ත ජයවර්ධනලා ගේ අපේ වීරයා සිංහාසනාරූඩ කරවීමට දැන දැනම අහිංසකයන් බිල්ලට දීමට තම රාජකාරිය නොකර හැරීය. අද දේශබන්දුලා ,මුණ්සිංහලා,අතුකෝරලා කියන සිගිති කතා අනුව රාජකාරි පැවරීමට අපිට කවුරුත් කිවේ නෑ ……”කිසිදවසක පොලිසියේ කොස්තාපල් කෙනෙකු ගොස් අනේ මාව දාපන් පල්ලිය ළගට සහරාන් එනවා යැයි ” නොකියන බව නොදන්න මේ නිලධාරින් දන්නේ දේවකාරියක් සේ උදේ හවස දේශපාලක නඩයේ පස්ස ඉබීමටය.
ඒ නිසා රටට අහිමි වු ජීවිත වල වටිනාකම මේ අයට වැඩක් නැත. එදා තම රාජකාරිය නොකර සිට මල්වත්තට ,අස්ගිරියට රබර්වත්තට,ගොස් අවසානයේ අනුරාධපුරයේ ගොස් ද නතර විය. ඒ තම රාජකාරිය නොකර සිටිම නිසා ලක්ව ඇති චෝදනාවෙන් ගැලවීමටය. ඒත් එදින පාස්කු ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතිබවට පොලිස් මුලස්ථානයෙන් ලද පණිවුඩයට ක්‍රියාත්මක වු ගල්කිස්ස වැඩබලන මුලස්ථාන පොලිස් පරික්ෂක වහාම ඊට නිසි අවධානය යොමු කොට ගල්කිස්ස සියළු පල්ලිවලට ආරක්ෂාව අවි සහිතව යෙදවිය. ඒ අවි සහිතව ආරක්ෂාව යොදවා තම රාජකාරිය දේවකාරියට වඩා වටින්නේ යැයි නිර්භීත එම නිලධාරියා අද ඉන්නේ රැකියාව අහිමිව ගෙදරය. එදා රාජකාරි යෙදවීමේ විපාකයයි.
ඒ දේශබන්දුලා ගේ වැඩසටහන් වලට එහා යන අවංක නිලධාරින් නිසාය. අද එම නිලධාරියා තම රැකියාව අහිමිව පාරට දමා ඇත්තේ එදා පල්ලිවලට ආරක්ෂව ලබාදිමේ විපාකයටය. එහෙව් දේශබන්දුලා අද අනුකාපාව ලැබීමට් සුදුසු අයදැයි මහානායකලා ගෙන් මහානායක හිමිවරුන් ගෙන් අපි අසන්නෙමු. පොලිස් නිලඇදුමකින් තම රාජකාරි නිල රථයෙන් නන්දන මුණසිංහලාට ,දේශබන්දුලාට ජනතාව ගේ මුදලින් තෙල් ගසා ගෙන රටවටේ ගොස් ජාතිවාදය වැපිරීම පිලිබදව වහාම විමර්ෂණයක් ආරම්භ කලයුතුය.
සිසිල කුමාර නැමති මොනරාගල කොට්ඨාශභාර නිලධාරිට හා දේශබන්දුට විරුද්ධව වහාම රාජ්‍යසේවා කොමිසම විමර්ෂණයක් කොට රටේ සංහිදියාව නිසා මුස්ලිම් ඇමතීවරු ඒ ආණ්ඩුවේ සිටියා අපිට රාජකාරිය කරන්න බැරි උනා . අපේ හාමුදුරුවනේ යනුවෙන් අමු ජාතිවාදි ප්‍රකාශ කිරීමට පොලිස් නිල ඇදුම යොදවා ගැනීමට අපි දැඩි සේ විරුද්ධය.
ශ්‍රිලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධනය ලෙසට රටේ පොලිස් නිල ඇදුම අදින සියල්ල සිංහල , දෙමල ,මුස්ලිම් යන මේ සියල්ල සමඟ එක්ව තම රාජකාරිය කල යුතුය .
දේශබන්දු හා නනදන මුණසිංහ දැන් නැවතවරක් ජාතිවාදි කිචිකැවීමට තැටමීම පිලිබදව පොලිස්පති පරික්ෂණයක් සිදුකොට මෙම නිලධාරින් පොලිස් සේවාවෙන් පමනක් නොව සමස්ථ රාජ්‍ය සේවයෙන්ම එලවා දැමිය යුතුය. මේ පිලිබදව අප සංවිධානය ජාත්‍යන්තර පොලිස් ප්‍රජාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය දැනුවත් කොට මෙවනි ජාතිවාදි ප්‍රකාශ නිලඇදුමක් ඇද සිදුකරන කිසිදු පොලිස් නිලධාරියකු එක්සත් ජාතින් ගේ සාම සාධක සදහා හවුල් නොකර ගන්නා ලෙසත් අපි ඉදිරියේදි ඉල්ලා සිටින්නෙමු.
තවද අධිකණමය ගැටළුව විසදා ගතයුත්තේ අධිකරණයෙන්ම බව අපි නැවත් නැවතත් එම නිලධාරින්ට සිහිපත් කරන්නෙමු. මේ නිලධාරින්ගේ මෙම ක්‍රියාව පොලිබදව අපගේ දැඩි අප්‍රසාද හා පිලිකුලද ප්‍රකාශ කරන්නෙමු.
ස්තුතියි
මෙයට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP )
මුලස්ථානය – බ්‍රිතාන්‍ය
21/08/2021
පිටපත්;-
එක්සත් ජාතින් ගේ සාමසාධකකටයුතු කාර්යාලය ජිනීවා,
ස්කොඩ්ලන්යාඩ් පොලිසිය, බ්‍රිතාන්‍ය,
ජාත්‍යන්තර පොලිසිය
පොලිස්ප්ති ශ්‍රි ලංකා පොලිස් මුලස්ථානය කොළඹ
එක්සත් ජාතින් ගේ මානව හිමිකම් සංවිධානය ,
යුරෝපා පාර්ලිමේන්තුව
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව
වතිකානු රාජ්‍ය විශේෂ නියෝජිත.