උණුසුම් පුවත්

ඩෝබි කෙහෙළියගෙන් ආතල් ගන්නා කාළකන්ණි රාජපක්ෂවරු.

Spread the love

කාලකණ්නි රාජපක්ෂවරුන්ට ජනතාව විහිළුවකි.ජනතාව අද වැටී සි⁣ටින මාරාන්තික අවදානම ගැන මේ කාලකණ්නි රාජපක්ෂ පවුලට ඇත්තේ සතුටකි.ප්‍රීතියකි. ඉහ වහා ගිය සොම්නසකි.මේ කාලකණ්නි පවුලේ වුන්  හා උන්ගේ ජාවාරාම්කාර තිරිසන් ගජ මිතුරු නඩය සැලසුම් සකස් කරන්නේද  ඉව අල්ලමින් සිටින්නේද සිද්ධකරමින් පවතින්නේද වසංගතයෙන් ලබා ගත හැකි ලාබය ගැන ගණන් හිලව් හදමිනි.

මුහුණු ආවරණයේ සිට සියළු සෞඛ්‍ය උපකරණ වලින් දක්වාද කිරි පිටි පැකට්ටුවේ සිට ගෑස් ටැංකිය දක්වාද රාජපක්ෂ කාලකණ්නියන් හම්බ කරගනිමින් සිටී.මුළු රටම වසංගතයෙන් පීඩා විඳිද්දී රාජපක්ෂ කාලකණ්නියන්ගේ මන්දිර තුළ උන්ගේ පවුලේ වුන් එක්ව පවත්වන රාත්‍රී සාද නොපැවැත්වෙන දවසක් නැති තරමේය කිසිත් කර කියා ගත නොහැකි අසරණයන් ගෙවල් වල ප්‍රතිකාර නොමැතිව කෝවිඩ් රෝගයෙන් අවසන් හුස්ම අයදින විට රාජපක්ෂ කාලකණ්නියන් උන්ගේ මාලිගා වල ජය.පැන් බොමින් සිටී. කාලකණ්නි   රාජපක්ෂ වරුන්ගේ   ආරක්ෂක අංශ වලින් ලැබෙන තොරතුරු අනුව මේ කාලකණ්නියන්  හමුවීමට ඇමතිවරයෙකුටවත්  ඉඩ ප්‍රස්ථාවක් නැත.මේ කාලකණ්නියන් ගේ ආරක්ෂාවට සිටින සියළුම ආරක්ෂක නිළධාරීන් දිනපතා පීසීආර් පරීක්ෂණ පැවැත්වේ.ඒ අතරම මේ මන්දිර තුළ කට්ටඩියන්ගේ ගුරුකම් වැඩද සිද්ධ වේ.රාජපක්ෂ කාලකණ්නියන්ට කවුරු මිය ගියද කමක් නැත.උන්ගේ ජීවිත ආරක්ෂා වුනා නම් ඒ හොදටම ඇතිය.
මෙවර දළදා පෙරහැර පැවැත්වෙන්නේ රාජපක්ෂ කාලකණ්නියන්ගේ අපල උපද්‍රව දුරුවීමටය.මේවා විහිළුකාර අතේ රෝල් ප්‍රවෘත්තියැයි ඇතැමෙකුට සිතෙන්නට ඉඩ තිබේ.එහෙත් රාජපක්ෂ කාලකණ්නියන් නිතරම විශ්වාසය තබන්නේ කට්ටඩි යකදුරුකම් ගැනය.මෙය ලියන ලියුම්කරු රාජපක්ෂ කාලකණ්නියන් ඉතා සමීපව  අවුරුදු ගානක් ඇසුරු කළ අයෙකු නිසා මුන්ගේ චර්යාවන් වල මෝඩ තකතිරු කම් ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි.සඳහිරු සෑයේ කොත රට වටා ගෙන යන්නේද ⁣කාලකණ්නි රාජපක්ෂ පවුලට ඇති අපල උපද්‍රව දුරු කිරීමටය.රට වටේ සිටින මෝඩ බෞද්ධයන් පෝලිම් ගැහී සාදුකාර  කාර දෙමින් සඳ හිරු සෑය වන්දනා කරනු ඇත්තේය.
ඒ තව කෝවිඩ් පොකුරක නිර්මාණයකි.ආගම විකුනාගෙන කන තුච්ඡ පාහර රාජපක්ෂවරුන්ට පව් පින් වල වැදගත් කමක් නැත්තේය.මේ අසික්කිතයන් අදහන්නේත් විශ්වාස කරන්නේත් කාලි දේවතාවිය විතරමය.මුන් හැත්ත රහසිගතව නිතර දෙවේලේ පුද පූජා පවත්වන්නේ කාලි දේවවතාවියටය.ඊයේ යාල අභය භූමි අඩවියේ ඇතකු මරා උගේ දත් දෙක ගලවා වල්ගය කොටස කපා ගෙන යන්නට ඇත්තේ මේ කාලකණ්නි රාජපක්ෂවරුන් වෙනුවෙන් උන්ගේ මන්දිරයක පැවැත්වෙන ගුරුකමක් බවට මේ ලියුම්කරු සැක කරයි.
හෙට අනිද්දා ⁣වන විට බබා නාමල් ගේ යෝෂිතගේ චිචීගේ මිල්ටෙරි නන්දසේනගේ අත්වල මැතිරූ කට්ටඬි පළඳනාවක් ලෙස ඒ මරා දැමුන අලියාගේ වල්ගයේ කෙඳි තිබෙන ආකාරය බලාගන්න⁣ට ඕනෑ කෙනෙකුට හැකි වෙනු ඇත.මේ අලියා මරා දමා කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ ගුරුකම් වලට සහයෝගය දක්වන්නට ඇත්තේ උඩුවේ පොන්සි  චීවරධාරී තිරිසනාගේ ගෝලයා වන මහරගම අලි සුරංගයා විය හැකි යැයි අපිි සැක කරමු.

මුළු රටම කෝව්ඩි වසංගතයෙන් වලපල්ලට ගියද රාජපක්ෂ තිරිසනුන්ට කිසිදු හැඟීමක් නැත්තේය.සිදුවන සෑම  කණගාටු දායක සිදුවීමකින්ම මේ කාලකණ්නි පවුල විනෝදවෙමින් සිටී.අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයද මේ කාලකණ්නියන් ගේ  විනෝදය සඳහා සිදු කරන ලද්දකි.ඒ අතරම මේ බබා නාමල් සියළු සංවර්ධන කටයුතු අධීක්ෂණ අමාත්‍ය වරයාලෙස පත් කර ඇත්තේ සෑම අමාත්‍යංශයක සංවර්ධනය සඳහා වැය කෙරෙන ප්‍රතිපාදනයන් වලින් යම් කොටසක් රාජපක්ෂ කාලකණ්නියන්ට හා  ජාවාරම්කාර ගජ මිතුරුන්ට  ඩැහැ ගැනීමට බව සිතා ගත හැකිය.
ඒ කෙසේ වෙතත් රාජපක්ෂ කාලකණ්නියන් සමාජය විහිළුවට ගන්නා ආකාරය ගැන අතීත කතාවක් ඔබට සිහිපත් කරමු.මෙය සිද්ධ වූයේ ජනපති මහින්ද ගේ කාලයේදීය.
එ දවස ජනපති මහින්දගේ සමීපතම ඔඩොක්කු කුක්කා වූයේ සජින් වාස් වේ.⁣මේ සජින් වාස් එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නෝනිස්ට පහර දෙන ලදී.මෙම අශිෂ්ට සිදුවීම ජාත්‍යන්තර කතා බහට ලක්වූ  උනුසුම් සිදුවීමක් වූ  අතර ලංකාවේ බුද්ධිමත් ජනතාවද බොහෝ සංවිධානද ඒ පිළිබඳව මාධ්‍ය තුළින් සජින් වාස් කෙරෙහි අප්‍රසාදය පල කෙරිණි.ඒ සියළු අදහස් දැක්වීම් වලින් රජයෙන් ඉල්ලා සිටින ලද්දේ බිුතාන්‍ය මහ කොමසාරිස් නෝනිස් වෙත යුක්තිය හා සාධාරණය ඉටු විය යුතු බවය.
මේ පහරදීම් සිදුවීමෙන් සතියකට පසු ජනපති මහින්දට පාප් වහන්සේ හමුවීමෙි සංචාරයක් යෙදී තිබුණි.මහින්ද ජනපති වරයා ඒ සංචාරයට සජින් වාස්ද  සහභාගි කරවා ගත්තේ මුළු රටටම කොකා පෙන්වමිනි. සජින් වාස් ඒ සංචාරයට සහභාගිකරවා ගැනීමෙන් ජනපති මහින්ද රටට දුන් පණිවිඩය වූයේ උඹලා කියන විදියට නටන්නට අපිි සූදානම් නැති බවය.එහෙත් මහින්ද ජනපතිවරයාට මෙම සංචාරයේදී නොසිතූ විරූ සිදුවීමකට මුහුණ දෙන්නට සිඳුවිය.ඒ පාප් වහන්සේ හමුවීම සඳහා සජින් වාස්ට ඇතුළු වීමට වතිකානු කාර්ය මණ්ඩලය විසින් අවසරය නොදීමයි.
අද සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයද කාලකණ්නි තිරිසන් රාජපක්ෂ වරුන්ගේ ආතල් ගැනීමක් පමණක් බව ඉහත අතීත කතාව හා ගලපා ගැනීමෙන් ඕනෑ කෙනෙකුට තහවුරු කර ගන්නට පුළුවන.
ඩෝබි කෙහෙළිය පහුගියදා කිව්වේ දැන් කෝවිඩ් වසංගතය දෙවියන්ට බාරය කියාය.මේ කියවිල්ල කාලකණ්නි රාජපක්ෂ වරුන්ට මාරම මාර ⁣විනෝදය ගෙන දුන්නක් බව අද සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් තහවුරු වේ. ඩෝබි කෙහෙළියගේ  දෙවියන්ට බාර කියවිල්ලට මුළු රටම එරෙහි වෙද්දී ඒකාට සෞඛ්‍ය ඇමතිකම බාර දීමෙන් මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ පවුල ලබන සතුට විනෝදය හා මේ තිරිසන් පවුලේ සිතුම් පැතුම් කෙතරම් තිරශ්චීනද යන්න මේ රටේ ගොබ්බ සමාජය තවමත් තේරුම්⁣ නොගැනීම හරිම කණගාටු ⁣දායකය.
රටම අමු සොහොනක් බවට පත් වෙමින් තිබියදී මේ රාජපක්ෂ තිරිසන් කාලකණ්නියන්ට වගේ වගක් නැතිය.උන් හොදට කාබී සාද පවත්වති.ඔන්න උඹලා කෝචෝ⁣ක් කෙරූ දෙයියන්ට සෞඛ්‍ය ඇමතිකම බාර දුන්නේ යැයි කියමින් මේ කාලකණ්නි රාජපක්ෂ වරු මේ වන විට ආතල්  ගනිමින් සිටී.

මේ තිිරිසන් පාහරයන් ඉතා ඉක්මනින්ම ආණ්ඩු පාලනයෙන් එළවා දැමීම නොකළ හොත් එය රටේ අවාසනාවම වන්නේය. 

 


Spread the love

Leave a Comment

You may also like