මහා රළු හඩකින් යුධහමුදා කර්නල් වරයෙක් ශාලාව දෙවනත් වීමට කෑගසා සීරුවෙන් සිටින්……… කියන්නේම පැමිණි සිය්ල්ලම භීතියට පත් කොට තමා ගේ ග්‍රහනයට ගැනීමට බව ඉතාම හොදින් පෙනේ
බැලු බැල්මට මෙය යමෙකුට විහිළුවක් වුවත් සෑම බ්‍රාස්පතින්දාවකටම සවස 3.30ට සිදුවන ලෝකයේ එකම කොවිඩ් මර්ධන කොමිටු රැස්වීමක මුල්ම හඩය. ලංකාවේ උතුරේ සිටි දකුණටම මිය යන වසංගතයක් පාලනයට පිහිටවා ඇති කෝවිඩ් මර්ධන බලකාය සෑම බ්‍රාස්පතින්දාවකම රාජගිරිය යුදහමුදා කදවුරේදි රැස්වේ.
ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන ද යුධ හමුදාපති පැමිණෙන විට සිටගෙන සීරුවෙන් සිටි . මෙය ලෝකයේ විහිළුකාර එකම රට ශ්‍රි ලංකාවේ දැන් සිදුවන නාටකයකි. යුධ හමුදාපති ශවින්ද්‍ර සිල්වා පැමිණෙයි
. ……අසුන් ගනි… …ආ…. පොලිසියේ මොනවත් තියෙනවාද කියන්න . සෞඛ්‍ය මොකුත් නෑ නේ හරි දැන් ඔයාලා ඔය ආකාරයටම මේක ගෙනියන්න .
කිසිම ප්‍රශ්ණයක් තියන්න එපා (වේටර් වරුන් තේ ,ක්ට්ලට් ,සැන්විච් අල්ලමින් යයි. ) හරි එහෙනම් කාටවත් ගැටළුවක් නැ ඔයාලා තේක බීලා යන්න
තැන්ක්යු ආවට
සීඉරුවෙන් සිටින් . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන බොමි සිටි තේක මේසය මත තබා දෙ අත් පහලට දමා ඉතාම ගාම්භීරව සිරුවෙන් සිටි. යුධ හමුදාපති ශවින්ද්‍ර සිල්වා රැගත් වාහන පෙල පිටව යයි. .
මෙවනි ආකාරයේ අපුරු කෝවිඩ් මර්ධන බලකායක් සැම බ්‍රාස්පතින්දාවකම දැකිය හැක. මෙම රැස්වීමට මුල් මාස කීපයේ මුලින්ම පැමිණි ආයතන් ප්‍රධානනින් දැන් කිසිවෙකුත් සභාගි නොවීමෙන් පෙනියන්නේ ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව කොරෝනා මර්ධනයට අපුරු තැන්ක් දී ඇති බවයි.
මෙම රැස්වීමේදි ඇසිය හැකි එකම හඩ ශවින්ද්‍ර සිල්වාගේ කට හඩම පමණි. වෙනත් කිසිවෙකු එකා පිට එකා මළත් කටක් අරින්නේ නැත. අපුරු මර්ධනයෙන් පසුව මේ පැමිණි සියලු දෙනාම යන්නේ මැදමුල සනුහරේමෙලොවට ජාතකකල අයට පින් පෙත් අනුමෝදන් කරමින් බව ඊට සභාගි වු එකතරා ආයතන ප්‍රධානියෙකු අපහා පැවසීය. දැන් මේ කොරෝනා රැස්වීම බොහෝ ආයතනවල ඊට සභාගිවන් අය හදුන්වන්නේ “බ්‍රාස්පතින්දා කට්ලට් රැස්වීම කියාය. ” මෙම සමස්ථ රැස්වීම පැවැත්වෙන කාලය සහතිකවම විනාඩි 9කි.
රටේ ජනතාව ගේ ජීවිත වලට රාජපක්ෂලා දැන් ලංසු තබා ඇති බව මින් ඉතාම හොදින් පෙනේ.