අපරාධකරුවන් වෙනුවෙන්ම පෙනිසිටීමට නිතිපති දෙපාර්තමේන්තුවක් ඇතැයි යමෙකිට කිවහොත් ලෝකයේ කිසිවෙකුත් එය පිලි නොගනි.
ඒත් ශ්‍රි ලංකාවේ නිතිපති දෙපාර්තමේන්තුව සැදි පැහැදි සිටිනේම අපරාධකරුවන් වෙනුවෙන් තම සේවාව සැපයීමටය. ඒ ලැබෙන අතයට ගතමනාව හෝ වෙනත් තාන්නමාන්න හා වරදාන ,වරප්‍රසාද නිසාය. ඒ අපරාධකරුවන් මිලියන පතියන් හා දේශපාලකයන් නිසාය.
දැන් රටපුරාම ඉඩම් කොල්ලයක් යමින් ඇත්තේ වර්තමාන ලැව් ගින්නක් සේය. ඉතිහාසික අනුරාධපුරය පුජානගරය, මිහින්තලාව හා ඊට තදාසන ප්‍රදේශ සියල්ලම දැන් ඉඩම් කොල්ලකරුවන ගේ ග්‍රහනයට හසුව ඇති බව දිනපතාම අපට දැන ගැනීමට ලැබේ.
පසු ගියදා මහමෙව්නාවක් ගොඩ නැගීමට අපුරු තැනක අක්කර 15 කට වඩා වැඩි භුමියක් එලි, පෙහෙලි කලෝය. ඒ සියලලම සිදු වුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතිහාසික මිහින්තලාවට ඉතාම ආසන්නයේය. ඒ ඉඩම් සුද්ධකරන බවට මිහින්තලේ ගම්වාසින් විපරම් කොට බැලීමේදි කොළඹින් පැමිණ සම්බුද්ධ ධර්මය තුල නොමති කුණුහරුප බුද්ධ ධර්මයක් වදාරමින් මිනිමරු රාජපක්ෂලාට හෙළුවෙන් කඩේ යන කිරිබත්ගොඩ ට නෑකම් කියන එකෙක් බවට අවට ගම්වාසින් සොයාගෙන අහිංසක ගම්මුන් තම ජීවිතය දෙවනි කොට දිව්වේ මිහින්තලේ පොලිසියටය.
ඒ යනවිටත් පොලිස් ස්ථානාධිපති කිරිබත්ගොඩින් ලැබුණ ජරාව කමින් සිට ඇත. අවසානයේ පැමිණිල්ල ලියගත්තේම නොකර බැරි කමටය. කෙසේ හෝ අනුරාධපුර සුද්ධ නගරයම ජරාකරමින් සිටින කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එල්.කේ ගීගනගේ නැමති නිලධාරියාවද ඒ වනවිටත් කිරිබත් ගොඩට වහවැටි ඇත. වහාම ඉඩම් සුද්ධය නතර වුවත් එම ස්ථානයේ තිබු ඉතිහාසික පුරාවිද්‍යා නටබුන්වලට අලාභය සිදුව හමාරය.
ඒ ඉඩම් ඇල්ලීම නතර වුයේ පොලිසියේ තිබු දක්ෂතාවයකට නොව ගමවාසින් ඒකම පොදියට පොලිසිය වැටලීම නිසාය. හරකා, බානා දැක්කීමට ඉඩ නොදෙන පුරාවිද්‍යා සංරක්ෂණ භූමි කොළඹ සිවුරුකාරයන්ට කැපය. ඒත් ගමේ එකාලට ඒවා අකපැය. පසුව පුරාවිද්‍ය නිලලධාරින් පැමිණ තම සංරක්ෂිත කොටසක් වු මිහින්තලේ එම ස්ථානයට අනවසරෙන් ඇතුළුව , අලාභානි කොට ඇතිබවට 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධිත (188 වන අධිකාරිය වු )පුරාවස්තු ආඥාපනතට අනුව අනුරාධපුර පුරාවිද්‍ය භාරකාර නිලධාරි විසින් පැමිණිල්ලක් කරන ලදි.
ඊට ක්‍රියාත්මක වු මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂකපුංචි බංඩා විසින් පැමිණිල්ල අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට B. අංක 2701 /2021 යටතේ කරුණු වාර්තාකලේය පොලිසිය එසේ කලේ පලාතේ ගම්මුන්ගෙන් එල්ල වු දැඩි පිඩනය නිසාය. මේ B. වාර්තාවත් සමඟම අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි ගේ හා මිනින්තලේ පොලිස් ස්ථානාධිපති ගේ බලළා මල්ලෙන් එලියට පැන්නාය. ඒ B වාර්තා වේ “පුරා විද්‍යා දැන්වීම් පුවරුවක් ඇති නිසා මෙය පුරා විද්‍ය භුමියට අයත් නැති යැයි සිතමි ” යනුවෙන් ලියා වැනෙන්න ගැහුවේ කිරිබත්ගොඩට ගොඩ වැඩි කිරීමට සිතාගෙනය.
ඒත් ඒ සියල්ලම දැන් අප සතුව ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරි ගීගනගේ රුපියල් ලක්ෂ 25 ක් ද මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිට ලක්ෂ 10 ක් හා තවත් කීප දෙනෙකු අතරේ ලක්ෂ ගනනක් බෙදා ගෙන ඇති බව අපි දනිමු.
පොලිස් ස්ථානාධිපති හා කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වහාම අත් අඩංගුඉවට ගෙන පුර්ණ විමර්ෂණයක් කලයුතුය. ඒ 1998 අංක 24 දරණ පුරා වස්තු සංශෝධිත පනතේ අංක 15 ඈ වගන්ති ප්‍රකාරව ඇප දිය නොහැකි වරදකි. මෙවනි අපරාධ බල අපරාධ 21 තුලට ගැනෙන බවවත් මේ ජරා බායිලා දන්නේම නැත. අවට පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති ලාගෙන් සනුහරේම ජීවත් වෙන මෙවනි උසස් නිලධාරින් පොලිස් සේවාවෙන් පහකොට එලවා දැමිය යුතුමය. තමාට ඇප දිය නොහැකි වරදක් පිලිබදව වාර්තා වු විට පොලිස් ස්ථානයට නිතිඥ වරුන් සමඟ පසුව භාර විය.
එම සැකකරුවන් අනුරාධපුර අපරාධ අංශයට රැගෙන පැමිණියේ එක් නිතිඥවරයෙකුට රුපියල් ලක්ෂ් 15 ක් බැගින් ගෙවා නිතිඥවරුන්ට ලක්ෂ 30 ක් ගෙවා සැකකරුවන් අනුරාධපුර පොලිස් ස්ථානයට භාර වී ඇත.
ඒවන විට වේලාව උදේ කාලය උවත් අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ගීගනගේ විසින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ඉඩ දී නොමැත. ඒ කා ගේ වුවමනාවද……?
පොලිසියට 1998 අංක 24 පුරාවස්තු සංශෝධන පනතෙන් එවනි බලතල තිබෙනවාද…?
අත් අඩංගුවට ගෙන නොතිබුණ සැකකරුවන්ට චේතිය ගුණවර්ධන නැමති රජයේ ජේෂ්ඨ නිතිඥවරයා ඇපලබාදීමට නියෝග දෙන්නේ කෙසේද….?
පුද්ගලයෙක් සිදුකල අපරාධයක් පිලිබදව අධිකරණයට කරුණුවාර්තා කිරීමෙන් පසුව එම පුද්ගලයා අත් අඩංගුවට නොගෙන සිටීමට නිතිපතිට බලපැම් කල හැකි නිතිය දන්නේ චේතිය ගුණසේකරය.
නිතිපති ගේ ලිපිශිර්ෂය හරහා වහාම එම පණිවුඩය එන්නේ එදිනම සවස 05ට පමණය. අපරාධකරුවන් වෙනුවෙන් ඕනැම මොහොතක තම පශ්චාත් භාගය ඇල්ලීමට පුල පුලා බලා සිටින මෙවනි නිතිපතියක් ලෝකේම නැත. ඒ ඇත්තේත් අපේ රටේ අහිංසක ජනතාවගේ අවාසනාවට ශ්‍රි ලංකාවේය.
කෙසේ වුවත් දැන් පැමිණි නිතිපතියා බැසිල් ගේ “මචංය” බැසිල් අමතන්නේ උඹ බං බොලන් කියාය . නිතිපතියෙක් වු මු ” කැහි ගෑනි දීහොටු ගැනි ගත්තා ” හා සමානය. දැන් පුරාවස්තු පනතට අත් අංගුවට ගැනීමට මින් ඉදිරියට පොලිසියට අයිතියක් නැත ඒ කියන්නේ නිතිපතිය.
ඒ උන්ගේ කුට්ටිය ලැබුනොත් පමණි. මේ පිලිබදව සියළු ලිඛිත සාක්ෂි අප සතුව ඇත.




