උණුසුම් පුවත්

මේ ඡන්ද ක්‍රමය ජනතා ” පරමාධිපත්තියට ” වහලා ගැහිල්ලක්…….!!

Spread the love

1978 ආණ්ඩුක්‍රමයෙන් උරුමකර දුන්න සමානුපාතික ඡන්දක්‍රමය වෙනුවට යහපාලන ආණ්ඩුව ජනතාවට ගෙනවිත් දී තිබෙන්නෙත් තවත් නින්දිත ඡන්ද ක්‍රමයක් බව දැන් දැන් මෙය විමසීමේදී පෙනියයි.

මෙහි ප්‍රධානම කරුමය නම් ඒ ඒ පක්ෂ පස්සේ යන අපතයන්ට ලැබෙන හොද රැකියාවකි.

මේ ඡන්ද ක්‍රමය නිසාම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයකට පත්වන සභිකයන් ගනන අසීමිත් ලෙසට ඉහළ ගොස් ඇත. මෙම කාලකන්නි කරුමයට කර ගැසීමට සිදුවන්නේත් බුලත් විටක් විකුණා ජිවතවන අහිංසකයා ගේ සිට වරිපනම් ගෙවන්නා තෙක් පලාතේ ජනතාවටය.

මේ ඡන්ද ක්‍රමය තුල ඇති බරපතලම කරුණ පලාතේ කුඩුකාරයා ,අසික්කිතම දුෂිතයා , යන කුමන හෝ ඒ පක්ෂයට ඔනිම හෙන්චයියෙකු තමාගේ මංත්‍රි කලහැකිය. මෙය ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ එක්ව ජනතාවගේ පරමාධිපත්තියට මහ දවල් කෙලීමකි.

උදාහරණයකට ගතහොත් ස්ත්‍රි දුෂණ 100 සම්පුර්ණ් කල සාරුවා සුනිල් වෙනුවට මෛත්‍රිපාලගේ ලැයිස්තුවේ ඉන්න සාරුවා සුනිල්ගේ ගෑනිව පත් කිරිම භාර ඒ පක්ෂයටය. මෙයට තම පලාතේ මොකාවත් කැමති නැති උවත් මෛත්‍රිට රුදාවක් නැත.

ජනතාව කැමති නියෝජිතයා නොව පලාතේ ඒ පක්ෂයේ ඇමතියාගේ පස්සෙන් යන එහෙයියන් පිරිසකට කල්ල මරේය.

මේ වනවිටත් පොලිස් මුලස්ථානයේ අපරාධ ලැයිස්තු ගත පුද්ගලයන් 14 දෙනෙකු ඡන්දයට ඉදිරිපත්ව ඇත.

මේ නිසා ජනතාවට දැන් සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තාට නොදවෙනි දෙයකි. මෙය සියලුම දේශපාලන පක්ෂ කතාවී ජනතවගේ පරමාධිපත්තිය කොල්ලකෑමකි.


Spread the love

Leave a Comment

You may also like