කාලකන්ණි පල් හොරමුලක් රටේ ජනතාව ගොනාට අන්දවා ඉතාම වංචාකාරි ලෙසට බලය ලබාගෙන ,බලය ලබාගැනීම වෙනුවෙන් සිදුකල මහා මිනිස් ඝාතනයකින් පසු නැවත බලය පවත්වා ගෙනයාමට ද, මිනිස් ඝාතනවලින්ම කටයුතු කරමින් සිටි.
ඊට හොදම උදාහරණය කොරෝනා වසන්ගතය ව්‍යාපත වීමට ඉඩදි රට නිරාවරණය කොට තවත් නොබෝ දිනකින් මහනුවර ඇසල පෙරහැර පවා පැවැත්වීමට සුදානම් කිරීමයි .
මේ සියල්ලම රාජපක්ෂ හමුදා ජුන්ටාවේ න්‍යාය පත්‍රයන්ය. සෞඛ්‍ය සේවා වෘතිකවේදීන් හට රජය පොරොන්දු වු සියල්ල ලබා නොදි මැති ඇමතින් සදහා අවශ්‍ය අසීමිත පහසුකම් වැඩිකර ගෙන ඇත.
ඒ පිලිබදව රවි කුමුදේශ මහතා එම සංගමයේ ප්‍රධාන කැදවුමකරු ලෙසට ලිඛිතව කරනලද ඉල්ලීම පහතින් ඔබට බැලිය හැකිය.
දැනට රටේ දැන් මේ මොහොත වනවිට රෝහල් ධාරිතාවය පිලිබදව විඩියෝ පහතින් නරඹන්න.
මගේ අංකය: HTUC/Gen/2021 (12)
දිනය: 2021-08.01
වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා
සෞඛ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10
සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවයන් නැවත නැවතත් නොසලකා හැරීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
මේ වන විට රටේ පවතින වසංගත තත්ත්වය බරපතල අයුරින් ව්‍යාප්ත වෙමින් පවතින අතරතුර කෝවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. හඹා ගොස් හෝ අහඹු ලෙස රට තුල සිටින ආසාධිතයන් සොයා ගැනීමක් විද්‍යාත්මකව සිදු නොවන අතර, එම තත්වය යටතේදී පවා හමු වන ආසාධිතයන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. එසේම සියළුම රෝහල් වල දැරිය හැකි ධාරිතාව ඉක්මවමින් තිබෙන අතර කෝවිඩ් වාට්ටු වල පවතින ඇඳන් සංඛ්‍යාවට වඩා වැඩිපුර රෝගීන් තබා ගනිමින් කලමනාකරණය කර ගැනීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තනි වගකීමක් වී ඇත. නමුත් මේ සඳහා අනුමත ප්‍රතිපාදන වලින් ලබා දිය හැකි සමහරක් අත්‍යාවශ්‍ය පහසුකම් ලබා දීම පවා අතපසු කොට ඇත.
තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය සම 20 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකවර සේවයට කැඳවීමේ සූදානමක්ද පවතින අතර කෝවිඩ් අනතුරු දීමනාව ඇතුළු පහසුකම් සියල්ල කපා හරිමින් “කොවිඩ් වසංගතය අවසන් වූ බවක්” හැඟවෙන ආකාරයෙන් පරිපාලනමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටී.
මෙම තත්ත්වය කිසිසේත්ම රටේ මහජනතාවගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිතසුව පිණිස නොවන බැවින් පහත ගැටළු විසඳා ගැනීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
1. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.
2. කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබා දීම.
3. සෞඛ්‍ය සේවාවේ වරින් වර මතු වන දීර්ඝකාලීන ගැටළු සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවන් බවට පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම.
4. බහුකාර්ය සංවර්ධන බලකායේ අයවළුන් සමස්ථ රෝහල් පද්ධතියෙන් ඉවත් කිරීම
5. අතිකාල සීමාවන් ඉවත් කිරීම
6. සියළු බඳවා ගැනීම් සිදු කිරීම හා සියළු පුරප්පාඩු පිරවීම
උක්ත අවශ්‍යතා විසඳීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් අගෝස්තු 05 වන දින සිට සේවයෙන් බැහැර වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව කාරුණිකව දැනුම් දෙමු.
රවී කුමුදේශ්
නැඳවුම්කරු
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව