වෙනත්

කුජීත රාජපක්ෂ පැටිකිරිය ඉහළට එසවීමට යලි ආගම් තුරුම්බුව පිටියට.

Spread the love

මේ වන විට මෙරට පවතින්නේ රාජපක්ෂ පැටිකිරිය කුජීත වෙමින් පවතින වටපිටාවකි.ජනපති මිල්ටෙරි නන්දසේනගේ ගොබ්බ කෙරුවාව  අද මෙරට කුඩා වුන් ගේ පවා හාස්‍යයට ලක් වී තිබේ.මුළු රටම මී හරකුන්ට අන්දා මහජන ධනය කෙල කෝටි ගනන් වංචා කළ කාලකන්නි රාජපක්ෂ වරුන් ජාතිවාදය හා ආගම්වාදය රට පුරා වපුරමින් සිය පැවැත්ම තහවුරු කර ගත්තෝය.
ඒ දේශපාලනික බලය සදාකලික යැයිද පරම්පරාවෙන් පරම්පරාවට රාජ්‍ය බලය තම පරපුර  සන්තකයේ  තබා ගන්නට හැකි යැයි  මේ කාලකණ්නින් විශ්වාස කර ගෙන සිටින්නට ඇත.සිය දේශපාලනික වුවමනාවන් සඳහා ආගමික උන්මාදය ඉතා කුමන්ත්‍රණකාරීව හසුරවමින් පාස්කු බෝම්බ පිපිරවීම හරහා සිදුකළ  මහා මනුෂ්‍ය  ඝාතනය තුළින් කාලකණ්නි රාජපක්ෂ වරුන් සිය බලය තහවුරු කර ගන්නා ලද්දේය.
සැබවින්ම පාස්කු ⁣බෝම්බ ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් රාජපක්ෂ වරුන්ය.මිල්ටෙරි නන්දසේන විසින් මෙහෙයවන ලද මේජර් ජනරාල් සලේ ඇතුළු බුද්ධි අංශයේ නසරානින්  පිරිසක් මේ මහා තිරශ්චීන අමානුෂික මනුෂ්‍ය ඝාතනයට වග කිව යුත්තෝ වෙති.මේ මහා මනුෂ්‍ය ඝාතන සැලසුම පිළිබදව යහපාලනයේ ජනපති මෛත්‍රී සිරිසේනද ඉතා හොඳින් දැනුවත්ව සිටි බව පැහැදිලිය. එවකට ජාතික බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ තවත් ප්‍රධාන වග උත්තරකරුවෙකි

මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කෙකු  වූ මෙම නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කරවීමට දායක වූ පාහරයෙකි.

යහපාලන සමයේදී ජාතික බුද්ධි ප්‍රධානී වූ මෙම පාහරයා මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපාකම් අනුව රාජකාරිය  ඉටු කරන ලද්දේය.ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැතිරනිල් වික්‍රමසිංහ  අතර ඇතිවූ පෞද්ගලික  මත ගැටුම් නිර්මානයේ නිර්මාතෘ වරයා මේ පාහර නිලන්ත ජයවර්ධනය.ඔහු විසින් එම අර්බුදය නිර්මාණය කරන ලද්දේ මිල්ටෙරි නන්දසේන දෙන ලද උපදෙස් බව අප හට අනාවරණය වී තිබේ.

යහපාලනය ආණ්ඩුව බලය⁣ට පත් වූ දින සිටම මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ ජාවාරම්කාර රොත්ත රටේ සිවිල් පරිපාලනය අවුල්කිරීම සඳහා රහස්‍ය වැඩපිළිවෙලක් දියත් කර තිබූ අතර එහි ක්‍රියාත්මක පදනම පැවැතියේ ජාතික බුද්ධි සේවාව කේන්ද්‍රීය කර ගනිමිනි. මුසල්මානු විරෝධය එහි එක් ව්‍යාපෘතියකි.ඒ ජාතිවාදී ව්‍යාපෘතිය  ඇවිලවීම සදහා ඔවුන් රාජපක්ෂ නිකායේ ගොබ්බ චීවරධාරීන් පිරිසක් හා ⁣දේශප්‍රේමී මුද්‍රාව යටතේ දේශපාලන කටයුතු කළ කැනහිළුන් පිරිසක් සමාජය වෙත මුදාහරින ලද්දේය.

මේ කැත හා අවලස්සන අමානුෂික ව්‍යාපෘතිය  නිලන්ත ජයවර්ධනගේ දැනුවත් කම මත හා මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපාකම් මත ක්‍රියාත්මක වුවකි. කාලකණ්නි රාජපක්ෂ වරු මැකියාවෙලි දර්ශනය මැනවින් අනුගමනය කරන්නෝ වෙති…….

“බලය අවශ්‍ය කරයි නම් එය අවශ්‍ය වෙලාවේදී ඩැහැගත යුතුය.එහිදී ලැජ්ජාවට පත් විය යුතු නැත.ප්‍රතිපත්තිවලට හා ආචාරධර්මවලට යටත් විය යුතු නැත.පිළිපදින මාර්ගය කුමක් වෙතත් පරමාර්ථය ප්‍රයෝජනවත් නම් සියල්ල යහපත්ය .තමාගේ ආරක්ෂාව තමා සළසා නොගතහොත් ජනතාව කරේ නැඟීමට එති.ජනතාව යනු සාමාන්‍යයෙන් ගත් විට අකෘතඥ වැනෙන සුළු බියගුළු කුහක තන්හාධික රොත්තකි.කවුරු හෝ ඔබට යහපතක් කොළොත් ඊට නොරැවටෙන්න.ඒ උදව්ව මායාවකි.මන්ද යත් තමන්ගේ අවශ්‍යතාවක් සඳහා මිස මිනිස්සු කවදාවත් ⁣අනෙකාට යහපතක් නොකරති.”……….

කාලකණ්නි රාජපක්ෂවරුන්ගෙ කට්ට කයිරාටික කෙරුවාවට  මැකියාවෙලි ගේ මේ කියමන අපූරුවට ගලපාගන්නට හැකිය.
මේ කාලකණ්නියන් හැමදාම රට රැවටුවේ තමන්ගේ මගෝඩි ජාවාරම් නිදහසේ කරගන්නටය.මේ කාලකණ්නියන් රටට සිදු කළ විපත ආගමික හා ජාතිවාදී උන්මාදයෙන් ඇවිළුන ජනතාවට වගේ වගක් නැති විය.
හැට නව ලක්ෂයක අපේක්ෂාව වූයේ මොනවා නැතත් රට තිබෙන්නෙට ඕනෑය කියන සංකල්පයයි.මේ මතවාදය හැට නව ලක්ෂයකගේ ඔළු වලට ඔබා  කාලකණ්නි රාජපක්ෂවරුන්ට පාලන බලය ලේසියෙන් ඩැහැ ගන්නට හැකි විය.මොනවා වුනත් රට තියෙන්න ඕනෑය කිවු හැට නව ලක්ෂයට දැන් සිද්ධ වී ඇත්තේ දෙන දෙයක් කා බොන දෙයක් බී නිදි වදින්ටය.කාලකණ්නි රාජපක්ෂ වරු රට විදේශිකයන්ට විකිණීම සඳහා ඉඩම් වෙන්දේසි පොළක්දා තිබේ.මේවන විට ගුවන් හමුදා මූලය කටාර් රාජ්‍යයට අනූනව අවුරුද්දට බදු දීමට සියල්ල සූදානම්ය.⁣මේ ගණුදෙනුවෙන් රාජපක්ෂ පවුල ලබා ගන්නා කොමිස් කුට්ටිය කෝටි ගනනක් විය හැකිය.එහෙත් මේ ඉඩම් වෙන්දේසි ගැන එක දේශප්‍රේමියෙක්වත්  කිසිම හාවක් හූවක් නැත. වැඩේ සිද්ධ වෙන්නේ කාලකණ්නි රාජපක්ෂ පවුලට ඕනෑ විදියටය.
ජනපති මිල්ටෙරි නන්දසේනට එරෙහිව වෘත්තික⁣යන් දැන් රට පුරා පාරට බැස තිබේ.කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගොවි බිම් තුල සටන් පාඨ හඬ නැගේ.එහෙත් රාජපක්ෂ කාලකණ්නියන් ඒ සටන් වැදගම්මකට ඇති ඒවා ලෙස නොසළකන බව ⁣අපේ විශ්වාසයයි.අසංවිධානාත්මකව හා මතවාදීව අසමගිව සිදු කරන විපක්ෂ විරෝධතාවන් තුළින් තමන්ගේ මයිලකටවත් හානියක් නොවන බවට කාලකණ්නි රාජපක්ෂ වරුන් දැනුවත්ය.හිසක් නැති යෝද විපක්ෂයකට කරන්නට පුළුවන් කෙං ගෙඩියක් නැති බව දේශපාලනයෙන් තෙම්පරාදු වූ රාජපක්ෂ කාලකණ්නියන් හොඳින් දනී.ඔවුහු ඉර පෙන්වා හඳ විකුනන්නට පුළුවන් ජාතියේ  අජරාමර හොර දෙටුවන්ය.
දැනට රට පුරා ඇවිලෙමින් තිබෙන සටන් නිවා දැමීමට  කාලකණ්නි රාජපක්ෂ වරුන් අපූරු රහස් සැළසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.කෝවිඩ් වසංගතය නිසා වසා දැමුනු රාජ්‍ය සේවය නැවත ආරම්භ කරන්නේ එම සැළසුමේ පළමු පියවර විදියටය.
ඊළගට ඔවුන් ගේ සූදානම ගම් වල සමෘද්ධි උපාසක උපාසිකාවන්ගේ ආගමික උන්මාදය කිති කැවීමටය.ඒ සඳහා හෙට අනිද්දා වනවිට  ගම්වල පොහොට්ටු මැම්බර්ලා සීරුවෙන් තබනු ඇත්තේය.

පොහොට්ටු ජාවාරම් කාරයන්ගේ ජඩ මාධ්‍ය හෙට අනිද්දාවෙන විට අනුරාධපුරයේ ඉඳිවෙමින් ඇති  සඳ හිරු සෑය ගැන පැල් කවි රස කතා හෑලි වමාරනු ඇත.⁣ඒ මේ ව්‍යාපෘතියේ ප්‍රස්තුතයයි.

අනුරාධපුරයේ යුද හමුදාව මගින් ඉඳි කරන ලද සඳ හිරු සෑයේ කොත් පැළඳවීම හෙට අනිද්දාම සිදු කිරීමට නියමිතව තිබේ.රට පුරා ඇවිලී වෘත්තීය සටන් යටපත් කරමින් නගර පුරා සමෘද්ධි උපාසක උපාසිකාවන් ⁣නෙළුම් පොහොට්ටු රැගෙන ශීල ව්‍යාපාර වලට රැස් කනු ඇත්තේය.සඳ හිරු සෑයේ කොත රට පුරා ⁣පෙරහැරකින් ගෙන යාමට හමුදාව සූදානමින් සිටී .

ජනපති මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ පවුල මේ රටේ ගොබ්බ ජනතාව ඇන්දීමට ආගම් තුරුම්බුව එළියට අදින්නේ ඔය ආකාරයෙනි.ඒ රණවිරු සඳහිරු සෑයේ වීරෝදාර කයිවාරු  තුරුම්බුව පිටියට විසි කරනවාත් සමගම රට පුරා තැන තැන ඇවිලී තියෙන සටන් වලට මෝඩ උපාසක උපාසිකාවන් හරහා තිත තැ⁣බිය හැකි බවද කාලකණ්නි රාජපක්ෂවරු විශ්වාසයෙන් සිටී

Spread the love

Leave a Comment

You may also like