යහපාලන රජයෙන් හොරකම හා දූෂණය සම්බන්ධයෙන් නඩු පවරා තිබූ හොර නඩය ජනපති මිල්ටෙරි නන්දසේන ගේ රජයෙන් නිදහස් කරමින් සිටී.මෙහිදී ඇවන්ගාඩ් සමූහයේ අයිතිකාර මේජර් සේනාධිපති හා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට අනවසර ගිණි අවි භාවිතය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලදී.
එපමනක්ද නොවේ.මෙතෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කළ සාගර ආරක්ෂණ ව්‍යාපාරය නැවත ඇවන්ඩ්ගාඩ් ව්‍යාපාරයට හා රක්නා ලංකා ආරක්ෂක සේවාවට ලබා දී තිබේ.මිල්ටෙරි නන්දසේන හම්බ කරගෙන යටි මඩි ගහ ගන්නේ මේ ආරක්ෂණ සේවාවෙනි.මේජර් සේනාධිපති යනු කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සිට පසුගිය යුද සමයේදී ක්‍රියාන්විත ගණනාවකදී අසාර්ථක වූ හමුදා නිළධාරියෙකි.
කමාන්ඩෝ රෙජිමෙන්තුව මගින් පැවරූ ක්‍රියාන්විත මෙහෙයුම් ගනනාවක්ම අනා ගත් මිටි මෝල් ලොසෙකි.ඒ ගොබ්බ කම නිසාම කමාන්ඩෝ රෙජිමෙන්තුව මගින් ඉවත්ව පෞද්ගලික ආරක්ෂක සේවාව බඩ වියත කරගෙන දේශපාලඥයන්ට කප්පම් ගෙවමින් කපටිකමින් සිය පැවැත්ම තහවුරු කර ගත් තක්කඩියෙකි.
මිල්ටෙරි නන්දසේන මෙරට ආරක්ෂක ලේකම්ව සිටින අවදියේදී ඔහුට සමීපව ඔහු හා එක්ව මේජර් සේනාධිපති තක්කඩි ජාවාරම් කිරීම ඇරඹීය.මේ තක්කඩියා දූෂිත ජාවාරම් වලට විශාල හපන්කමක් පෙන්වන මගෝඩියෙකි.මොහුගේ දේශපාලනික පැවැත්මට අවශ්‍ය පදනම සපයාදෙන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්දන හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ සමීපතමයෙකි.කාලකණ්නි රාජපක්ෂ පවුලට මේ තක්කඩියා සම්බන්ධ කරන ලද්දේ වජිර අබේවර්ධනය.
සැබවින්ම මේ මගෝඩියා මුහුදු ආරක්ෂණ ව්‍යාපාරයේ ඩබල් ගේම් කාරයෙකි.ඉන්දියානු සාගරයේ මුහුදු මංකොල්ල කරුවන්ට කප්පම් ගෙවමින් මේ තක්කඩියා සිදු කළ පාතාල ව්‍යාපාරය මෙතෙක් අනාවරණය නොවුනද සැබෑ වූ සත්‍යය එයයි.මේ පාතාල ව්‍යාපාරයේ මිල්ටෙරි නන්දසේනද කොටස් කරුවෙකි.ඒ තක්කඩි සේනාධිපතිගේ ආදායමෙන් විශාල පංගුවක් ඔහු විසින් ලබා ගත් නිසාය.යහපාලනය කාලයේදී මෙම කූඨ ව්‍යාපාරයට එරෙහිව නඩු පැවරුණද මිල්ටෙරි නන්දසේන විසින් නැවත එය යථාවත් කොට සේනාධිපතිට පවරා තිබේ.දැන් මිල්ටෙරි නන්දසේනට ඒ ජාවාරමේ පංගුව ලැබෙනු ඇත.ආගමික ජාතිවාදී උන්මාදය රට පුරා වපුරා කාලකණ්නි රාජපක්ෂ වරුන් බලයට පත් වූයේ මෙවැනි පාතාල ජාවාරම්කාර කළු ව්‍යාපාර වල අයිතිය පවත්වා ගෙන යාම සදහාය.ඔවුන්ට මවුබිම ගැන ආදරයක් නැත.ආගම ගැන කැමැත්තක් නැත.ඔවුන් තුල රට ජාතිය ගැන ඇත්තේ තක්කඩි මවා පෑමකි.
ඒ අතරේ තක්කඩි සේනාධිපතිගේ මජර ගේමක් මේ වන විට අනාවරණය වී තිබේ.ඒ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි විසින් නීතිය නමන්නට තමන්ට හැකි යැයි දුරකතනය මගින් ප්‍රකාශ කරන ලදැයි කියවෙන හඬ පටයක් තක්කඩි සේනාධිපති ජනමාධ්‍ය වෙත ජනාධිපතිවරණයට පෙර නිකුත් කර තිබුණි.මේ හඬ පටය මුල් ගෙන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි වැඩ තහනමකට ලක් වූවාය.පසුව එම වැඩතහනමට එරෙහිව ඇය අධිකරණ ක්‍රියා මාර්ග ගෙන තිබූ අතර එහිදී තක්කඩි සේනාධිපති ඉතා වංචාකාරීව හඬ පටය සංස්කරණය කර තිබූ බව අනාවරණය විය.තමන් විසින් අදාල හඬ පටය සංස්කරණය කරන ලද බවද අධිකරණය හමුවේ තක්කඩි සේනාධිපති විසින්ද සාක්ෂි දීමේදී පිළිගෙන තිබේ.මේ වන විට අධිකරණය මගින් නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් නැවත සේවයේ පිහිටුවීමට නියෝග කර තීන්දුව ලබා දී ඇත.
යහපාලනය බිඳ දැමීම සඳහා පදනමක් ගොඩනගා ගනු වස් ජනතා අප්‍රසාදය ඇතිකිරීමට තක්කඩි සේනාධිපතිලා සැළසුම් කළ මගෝඩි කෙරුවාවන් ඒ ආකාරය වේ.එහෙත් මෙරට ගොබ්බ සමාජයට මෙම අධිකරණ තීන්දුවේ ඇති වැදගත් කමක් නැති වෙන්නට පුළුවන.ඒ වටපිටාව තුල තක්කඩි සේනාධිපතිලා වැන්නන්ද මිල්ටෙරි නන්දසේනලාද සිය බඩජාරී පැවැත්ම තහවුරු කරගනිමින් කිසිදු බාධාවක් නැතුව පාතාල ජාවරම්වල නිරත වනු ඇත්තේය. කුඩු,අවිජාවාරම් කෝ ………දැන් …? පාතාලේ කෝ දැන් කන්ටේනර්ගනන් කුඩු ඇල්ලුව , ඒත් කහකුඩු පුච්චනවා කුඩු ගෙන්නපු උන් , කෝ…….. ?කෝ ඒ ඇල්ලුව කුඩු…..? රාජ්‍ය අනුග්‍රහය ඇතුව හෙරෝයින් නැවත විකුණනවා එයයි සත්‍ය.