ජීවිත කාලයම රෝදපුටුවට සීමා වු පොලිස් නිලධාරියෙකුගේ අනුවේදනීය කතාව සමාජ මාධ්‍ය තුල දුටු විට සමස්ථ පොලිස් සංහතියේම ඉරණම මෙය නේද ….? කියා සිතුනේ දැඩි කම්පනයත් සමඟය.. …
ඒ පොලිස් පරික්ෂක වරයා ගනිකාවක් සමඟ යහන්ගතව සිට බිරිද හදිසියේම එනවිට කරුවලේම වෙරිමර ගාතේ කාමරේ දොර කියා හෝටලයේ දෙවන තට්ටුවේ 37 වන කාමරයෙන් බිමට වැටීමෙන් බරපතල තුවාල සහිතව සිටියා නම්…..
” සානුකම්පිත හේතුන් මත ජනාධිපති අරමුදලෙන්වත් මුදල් ” …….වෙන් කොට සදාකාලික රෝද පුටුවෙන් නැගිට්ටවීමට තිබුනි. ඒත් ඔහු ගනිකාවක් ගේ රති කෙලියට නොගොස් රටේ අනාගත දරුවන් මත් රකුසා ගෙන් ගලවා ගැනීමට ගොස් ජීවිතයත් මරණයත් අතර නිසි රාජකාරියේ යෙදුන අමන නිලධාරියෙක් වන නිසාම ඔහුට කෙහෙලිය රඹුක්වැල්ලට හිමි වරප්‍රසාද නොදිය යුතුය.
එසේ දුනහොත් අනිකුත් පොලිස් නිලධාරින් ද ඒ ආකාරයට වෙලේ සුදාලගේ ,කුඩු ලන්සලාගේ ,දුම්මින්ද සිල්වලාගේ රෙද්ද අස්සේ සිට අතපත ගා කුඩු සෙවීමට උනන්දු වෙනු ඇත. ඒත් කෙහෙලියලා වේසකමේ ගිය නිසාම රටේ අමන ජනතාව ගේ බදු සල්ලිවලින් ලිංග රෙපයාර් කලයුතුය. ඒකේ වරදක් නොදකින කාලකන්නිම ජාතියක් දිවි ගෙවන, සුන්දර රටේ ඇත්තේ එවනි ආකල්පයන් බව අපි දනිමු.
ඒ නිසාම අපේ පණිවිඩය තොපිට නොව අපේ උන්ටය …..…..
89 දහසක් වන පොලිස් සේවාවේ ඔබත් තවත් එක් පොලිස් නිලධාරියෙක් වනවා ඇත. ඔබ රාජකාරිය ඉටුකිරීමට ගිය වීරයකු නොවන්න, ඒ වීරත්වය ඔබ ගේ තරුණ ජීවිතය රෝදපුටුවකට සීමා කලහොත් ඔබට ඉතිරිවන්නේ ඔබේ ඇදීවත් පමණි. ඒ නිසාම බිය ගුල්ලකු වී රස්සාවේ යෙදි නිකමෙක් ලෙසට දෙන දේ කා වෙනදේ බලා ,මැති ඇමැත්තන් ගේ ඔවුන් ගේ පශ්චාත් භාගයට ආචාර සමාචාර කොට කල්මරමින් රැකියාවේ වයස සම්පුර්ණ කොට බලා කියා ගෙන් තවත් එක් රජයේ රැකියාවක් කරන්නෙකු වන්න.
ඔබේ වීරත්වය ඔබව රෝද පුටුවකට සීමා කලහොත් ඔබවෙනුවෙන් පොලිස්පතියා නැමති නිකමාද ඔබ පසු පස නැත. ඔහු ඇත්තේ දේශපාලකයා ගේ අධෝමුඛය සිබිමින් බවත්, ඔබට ඉතිරිවන්නේ ඔබේ මව් දෙමාපියන් හා බිරිද දරුවන් පමණක්, බව පසක්කරගෙන් ඉහල නිලධාරින් පිනවීම්ට වීරයෙකු සේ රාජකාරිය සිදු කිරීමට ගොස් අකාලයේ එක්තැන් නොවන්න ඔබව රැකීමට පොලිස්පති මඟ බලාන සිටින බව නොව, ඔබට සියල්ලම අහිමිවන බව ලියා දැනුම් දීමට නම් පොලිස්පති මඟ බලාන සිටි .
ඊට පහත එම කතාව කියවා අවබෝදකරගන්න .
පහතින් ඇත්තේ ඔහු ගේම ආයාචනයයි………
දුප්පත් තරුණයින් හතර දෙනකුට යුක්තිය සාධාරණය ඉටුකරන්න ගිහිල්ලයි වෙඩි වදින්නේ,
සදාකාලිකව රෝද පුටුවක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඒ නිසා…
රෝද පුටුවේ දැන් අවුරුදු 21 ක්…..
ඒත්…,
රටේ නීතිය රකින්න ගිහිල්ලා ආබාධිත වෙන නිලධාරීන්ව පොලීසියේ බලධාරීන් විසින් රැක බලා ගැනීමේ හොද කම නිසා අදටත් මට ජීවත් වෙන්න නිවසක් නෑ…
ආරක්ෂක අමාත්‍යාංශයේ “අපි වෙනුවෙන් අපි ” අරමුදලින් නිවසක් හදාගන්න සහනයක් ඉල්ලපුවම අවුරුදු ගානක් රස්තියාදු කරලා දැන් කියනවා යුද්ධ කරන්න ගිහින් ආබාධිත නොවුන නිසා ප්‍රමුඛතාවයක් දෙන්න බෑ කියලා.. .
ඒත්…..,
මමත් අවුරුදු 7 ක්ම යුධ බිමේ ක්‍රියාන්විත රාජකාරි කල නිලධාරියෙක්…
මේ වගේ උත්තර ලැබෙන කොට ඒ කාලේ කොටියෙකු ගෙන් වෙඩි පාරක් කාල ආබාධිත නොවුනේ අවාසනාවට කියලා හිතෙනවා…..
මේ තියරිය අනුව රණවිරුවෙක් වෙන්න නම් අවුරුදු ගානක් යුද්ධ කරාට වැඩක් නෑ.. එක්කෝ මැරෙන්න ඕනි එහෙම නැත්නම් ආබාධිත වෙන්න ඕනි…
ලිපි ලියලා ලියලා අන්තිමට මට පොලීසියෙන් ලැබුන උත්තරේ තමයි ඔය….
කමක් නෑ පොලිස්පතිතුමනි….,
මෙච්චර කල් ගෙයක් හදාලා දෙනවා කියලා රස්තියාදු කරාට බොහොම ස්තූතියි…
ඔබතුමා හොද පණිවිඩයක් නීතිය රකින්න යන නිලධාරීන් ට මේ ලබාදෙන්නේ….
නිර්භීතව, කාර්යක්ෂමව නීතිය රකින්න යන්න එපා!
අවධානම් රාජකාරි කරන්න ගිහිල්ලා මොනවා හරි වුනොත් ඔන්න මම බලන්නෙවත් නෑ කියන පණිවිඩේ තමයි ඔබතුමා මේ දෙන්නේ….
අද මම හිසට සෙවනක් හදාගන්න බැංකු ණයක් ගත්තා….
ඔබතුමාට බොහොම ස්තූතියි…
