මෙරට රහස් පොලීසිය බොහොම දක්ෂය.හැබැයි ඒ දක්ෂකම තිබුණේ ඉස්සරය.දැන් රහස් පොලීසියේ ඉන්නේ සිල්ලර පීචං පොරවල්ය.ජනපති මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපා කම් වලට නැටවෙන රූකඩයන්ය.ඔඩොක්කු කුක්කන්ය.පඟර නැට්ටන්ය.අබ්බ ගොබ්බයන්ය.පොලිස් විමර්ශන සිද්ධ වෙන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම ගැන මෙලෝ හසරක් නොදන්න මැට්ටන්ය.නිත්‍යානුකූල පරීක්ෂණ මේ වාහේලාට ඇලජික්ය.මිල්ටෙරි නන්දසේන ගේ ගෙදර වැසිකිලිය හෝදනා එකා ආං අරූ හිරේ දාපල්ලා කිව්වත් රහස් පොලීසියේ එවුන් ඒ වැඩේට සූදානම්ය.මේ රහස් පොලිස් කාරයන් ඒ තරමටම පිස්සු පීකුදු පොරවල්ය.වියපත් බඹරා ගේ සරත් වීරසේකර පොලිස් ඇමතියා පිස්සු කෙළින විට ඒකාට ගොට්ට අල්ලන පොලිස් අම්බැට්ටයන්ද නොදෝකින් පන්නයේ වැඩ කරමින් සිටී.
පසුගියදා නිදහස් මාධ්‍යවේදී නන්දන වීරරත්නට රහස් පොලීසියට එන්නට නියෝග කර තිබුණි.නන්දන වීරරත්න බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ හා රාවය පුවත්පතේ සේවය ගවේෂාණාත්මක මාධ්‍යවේදියෙකි.මෙරට පැවැති පසුගිය යුද සමයේ රහසිගතව එල්ටීටී පාලන ප්‍රදේශයට ගොස් තොරතුරු අනාවරණය කළ දක්ෂ මාධ්‍යවේදියෙකි.ලංකාවේ සිටින පුයර බබා මාක් සිල්ලර ටෝක් මාධ්‍ය රිපෝටර්ලාට ආදර්ශයට ගත හැකි චරිතයකි.ලංකාවේ කුල ක්‍රමය ගැන හදාරා ඇති නන්දන අදාල විෂය පිළිබඳව ප්‍රමානාත්මක හා විචක්ෂණ දැනුම් සම්භාරයක් ඇත්තෙකි.ලංකාවේ කුල ක්‍රමය පිළිබඳව ගවේෂණයේ යෙදුන ආචාර්ය ගනනාථ අබේසේකරයන්ගේ සමීපමතයා ලෙස කටයුතු කරන ලද්දේ නන්දන වීරරත්නය. මාධ්‍ය අනාවරණයේදී යම් තොරතුරක ඇතුළත ගවේෂණය කොට සමබරවූූ සත්‍යයය ඉදිරිපත් කිරීම කිරීම නන්දන වීරරත්න තුළ පවතින විශිෂ්ටම දක්ෂතාවයි.අභියෝගාත්මක විශේෂාංඟ වාර්තාකරණයේ නිරත නන්දන වීරරත්නට රහස් පොලීසියට කැඳවීමට මග පාදා තිබුණේ සේපාල ඒකනායකගේ පැමිණිල්ලකටය.සේපාල ඒකානායක යනු අලිතාලියා ගුවන්යානය පැහැර ගනිමින් ගුවන් යානා මංකොල්ලකරුවකු ලෙස චෝදනා ලැබ ජනාධිපති ජේ.ආර් ජයවර්දනගේ පාලන යුගයේදී සිර දඩුවම් ලැබූ තැනැත්තෙකි. වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි දමිළ සිරකරුවන් 1983 ජුලි මාසයේදී බන්ධනාගාරය තුළ ඝාතනය කිරීමට සේපාල ඒකනායක නායකත්වය ගන්නා ලදැයි නන්දන වීරරත්න විසින් අවස්ථා ගණනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබුණි.නන්දන එම ලියවිලි සඳහා මූලශ්‍රයන් සපයා ගෙන තිබුණේ එම දෙමළ සිරකරු ඝාතනයේදී තුවාල ලබා දිවි ගලවාගත් දැනට ජීවත්වන දෙමළ ජාතිකයන්ගෙනි.ඒ අතර ඇමති ඩග්ලස් දේවානන්දාද වේ.එහෙත් සේපාල ඒකානායක රහස් පොලීසියේ පරිගණක අපරාද අංශයට පැමිණිලි කොට ඇත්තේ මාධ්‍යවේදී නන්දන වීරරත්න විසින් තමන්ට අපහාසයක් වන ආකාරයට මුහුණු පොත භාවිතා කොට ප්‍රවෘත්ති වාර්තා කරණයේ යෙදී ඇති බවටය.නන්දන වීරරත්න රහස් පොලීසියට කැඳවා තිබුණේ සේපාල ඒකනායකගේ මේ පැමිණිල්ලටය.හරි විදියට අපහාසයක් වූයේ යැයි කියවෙන පැමිණිල්ලක් පවා පොලීසියට බාර ගැනීම අවශ්‍ය නැත.ඒ මන්ද යත් මෙරට අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයෙන් 2002අංක 12 සංශේධන මගින් ඉවත් කොට ඇති නිසාය.කීර්ති නාමයට හානි කිරීම යටතේ දනිසේ 479 වගන්තියේ සිට 482 දක්වා වූ වගන්ති එම සංශෝධනය මගින් ඉවත් කෙරිණි.රහස් පෙලීසියේ ගොබ්බයන් ඔය සංශෝධන ගැන දන්නේ නැති බව සහතිකය.ඒ අම්බරුවන් හිතන්නේ ඔළුවෙ උකුණො ඉන්නවා හරි කරදරේ කියා කවුරු හරි පිස්සෙක් පැමිණිල්ලක් දැමූ විට ඒ පැමිණිල්ල බාර ගත යුතු බවය.දැන් පොලීසියේ වැඩ වෙන්නේ එහෙමය.ශානි අබේසේකරලා වැනි වැඩකාරයන් පොලීසියෙන් එළවා දමා ලොකු පුටු වල වාඩි වී සිටින මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කන් දන්නේ තම ස්වාමියා ඉජූ ඉජූ කිවු විට වල්ගය වනන්නත් උසී උසී කිවු විට බුරන්නත් විතරමය.වරදක් සිදුුුවීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් ගැන ක්‍රියා කළ යුතු ආකාරය අපරාද නඩු විදාන සංග්‍රහයේ 109 වගන්තියේ දැක්වේ.ඒ වරද සමිබන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යම් පාර්ශවයකට පොලීසියට පැමිණෙන ලෙසට 109 වගන්තියේ (6) යටතේ නියම කළ හැකි එසේ නොපැමිණිය හොත් අභිමතය පරිදි වරෙන්තුවක් නිකුත් කිරීමේ බලය පොලීසියට තිබේ.පොලීසිය පටලවාගන්නේ මෙතැනදීය.පොලීසියට මෙලෙස ක්‍රියාත්මක විය හැක්කේ සංඥය වරදක් සිදුවන බව හෝ සාමය කඩ කිරීමක් සිදු කරන ලැබිය හැකි “වරදවල්” සම්බන්ධයෙන් පමණකි.අපහාසයක් සම්බන්ධයෙන් යම් පාර්ශවයක් පොලීසියට පැමිණිලි කරන්නේනම් පොලීසිය කළ යුත්තේ අදාල පාර්ශවයට පවතින නීතිය පැහැදිලි කරදී සිවිල් නඩුවක් පවරා අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගන්නා ලෙසටයි.එසේ නැතුව පොලිස් පොතට පැමිණිල්ලක් ලැබී තිබෙනවාය කියා අස්ව කුලප්පුව හැදී පේමන්ට් චණ්ඩියන් ලෙස හැසිරෙන්නට ඉඩක් නැත.පැමිණිල්ලක් විභාග කිරීමට අහවල් දිනයේ අහවල් වේලාවට එන්න ඕනෑය කියා රහස් පොලීසියෙන් දුරකතනයෙන් නන්දනට නියෝග කළ විට පැමිණිල්ල කුමක්ද යන්න නන්දන විමසා තිබේ.ඒ පුරවැසි අයිතියයි.එහෙත් රහස් පොලීසියේ ගොන් වස්සා කියා ඇත්තේ එය කීමට නොහැකි බවය.මේ ගොන් වස්සා හිතන් ඉන්නේ චුදිත පාර්ශවයක් තමන්ගේ දෙපා ළඟට පැමිණෙන තුරු පැමිණිල්ලේ වගතුග රහසිගතව නොයිඳුලේ තියා ගත යුතුය කියා වෙන්ට ඕනෑය.කෙසේවෙතත් නන්දන වීරරත්න පරිගණක අපරාද අංශයට ගොස් සිය කට උත්තරය ලබා දී පැමිණ තිබේ.පරිගණක අපරාද අංශයෙන් නන්දනට කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් නීතිපතිගෙන් ඉදිරි උපදෙස් ලබා ගෙන කටයුතු කරන බවකි.අපි පරිගණක අපරාද අංශයට කියන්නේ අපහාස කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රකාශිත ලියවිල්ලක් ගැන නීතිපතිටවත් මිල්ටෙරි නන්දසේනටවත් මොන ලබ්බක් වත් කරන්න බැරි බවය.සේපාල ඒකනායකගේ පැමිණිල්ල ගැන පරිගණක අපරාද අංශයේ ඕඅයිසී ලොක්කාට හොඳටම කැසිල්ලක් තියේ නම් නන්දනට එරෙහිව තමන්ගේ කීර්ති නාමයට කැලැලක් වූයේ යැයි සිවිල් නඩුවක් පවරන ලෙසට ඔහුට උපදෙස් දෙන ලෙසය.තවත් ඕනෑ නම් කරන්න තියෙන්නේ තලංගම පයිප්ප පාරේ පිහිටා ඇති සේපාලගේ නිවසට ගොස් කසියා කාලකින් සප්පායම් වී සම්තින් එකක් අරගෙන මාරු වෙන ලෙසය.හැබැයිි අලිතාලියා ගුවන් යානය මංකොල්ල කෑ සිර දඬුවම් විඳි සේපාල ඒකනායකට අධිකරණයේදී තහවුරු කළ හැකි කීර්ති නාමයක් පවතීද යන්න සැක සහිතය.මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ ගේ නිවසට සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණ ඔහුගේ අනන්‍යතාව ගැන විමසූ තොරතුරක් ගැනද අපට මෙහිදී අනාවරණය විය.අප විසින් සොයාගත් ආකාරයට ඒ පුද්ගලයන් සේපාල ඒකනායකගේ හෙංචයියන් පිරිසකි.ඇතැම්විට නන්දන වීරරත්න බිය වැද්දීමෙි අදහසින් සේපාල ඒකනායක එසේ කරන්නට ඇත.නමුත් තෙල්වත්තේ සීනි ගං දෙයියන්ගේ අඩවියේ කිව්ව නාහන මරුමුස් වුන් අතරේ ඉපදුුන නන්දන වීරරත්න එසේ බිය වැද්දීමට හැකි පුද්ගලයෙක් නොවන බව නම් අපි දනිමු.
පෑනට එරෙහිව පොලිෂ් බැටන් පොල්ලේ නඩලන් ගේම්.