වෙනත්

පාස්කු ප්‍රහාරයේ ජීවමාන අවසන් සාක්ෂිය වු පුලස්තනි මහේන්ද්‍රන් නොහොත් සාරා යුධ හමුදාකදවුරකදි මරා දමලා …..

Spread the love

යම් දිනයක පාස්කු ප්‍රහාරයේ සුවිශේෂ අනාවරණයක් කිරීමට සිටි එකම තැනැත්තිය වු පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ය. පාස්කු ප්‍රහාරය පිලිබදව් දීර්ඝ ගවේෂණාත්මක ලිපි පෙලක් ලියු මෙම ලියුම්කරු ද අපරාධ විමර්ෂණය හා පර්වේෂණ සාක්ෂිමත නොවිසදුන අපරාධ අනාවරණය කරගත් අයෙකි.

ඒ නිසාම රටේ අහිංසක ජීවිත ගනනාවක් විනාශ කල පාස්කු ප්‍රහාරය පිලිබදව සුවිශේෂිත ගවේශණ්යක් කලෙමු. එය තවම අවසන් කර නැත. ඒ ප්‍රහාරය රාජ්‍ය ත්‍රස්තවාදයක් නිසාම කරුණ සෙවීම අතිමහත් දුෂ්කර බැවිනි. මේ වනවිට අපගේ ඔත්තුකරුවන් අනාවරණය කර සිටින්නේ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමත්තිය ප්‍රහාරය අවසානයේම යුදහමුදා ජීප්  රථයක  දමා ගෙන ගොස්  ඊට ආසන්නතම දිනකදි ඇය මරා දමා ඇති බවයි.

ඒ බව වසන් කිරීමට රාජ්‍ය බුද්ධි අංශ ඉතාම සුක්ශමවම පාස්කු ප්‍රහාරය පිලිබදව ජනාධිපති කොමිසමට පවා පුද්ගලයෙකු යොදවා සාක්ෂි දී ඇය කිසිවෙකු රැගෙන ගිය බවට ඇගවීමට අවශ්‍ය ඉතාම සියුම් උපක්‍රම යොදා තිබුණි. මේ වනවිට ස්ථිරවම,ඇය ජීවතුන් අතර නැති බවත් ඊට පෙර ඇය ප්‍රහාරය ස්ථානයේදීම මිය ගිය බව ඇඟ වීමට උත්සහා කලත් ඊට ඇගේ මව දැඩි සේ විරෝධය පලකොට ඇත.

පසුව ඉන් නොනවතුන රාජ්‍ය ත්‍රස්තවාදි විමර්ෂණයද නැවතත් පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තකණ්ඩායමකින් ලැබුණු උපදෙස් මත යැයි කීමට අවශ්‍ය සියළු සාක්ෂි නිර්මානය කලෝය. පසුව නැවත වටයකින් ප්‍රහාරය  වු සහරාන් හසීම් ගේ නිවසේ දි පුලස්තිනි මිය ගියා යැයි කියමින්  DNA  පරික්ෂණයක් ද කලාය ඒ සියල්ලම  ව්‍යර්ථ විය.

අම්පාර ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිට හමුවු පුලස්තිනී ගේ ගමන් මල්ල……….

මේ සදහා යුදහමුදා බුද්ධි අංශය ප්‍රභල සාක්ෂි  ගොඩ නැගු බව අපි දනිමු. මෙවන් පසු බිමක හිටි හැටියේම පුලස්තනී මහේන්ද්‍රන් නැමැතිත්තිය ගේ අත්   බෑගයත් ඇගේ හැදුනුම්පතත් හමු වනේ කෙසේද ..? ඒ සියල්ලම සාමන්ත විජේසේකර නැමති එවකට අම්පාර ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට  හමුවී ඔහු ඒව සියල්ලම පොලිස් දේපල කුවිතාන්සි පොතේ ඇතුලත් කොට පොලිසියට භාර දී ඇත.

මෙය උභතෝකෝටික ප්‍රශ්ණයකි. කිසියම් කෙනෙකු තම අත් බෑගය දමා පලායනවාද….. …? හැදුනුම්පතක්,  මෙවන් ජාත්‍යන්තරය කැලඹු අපරාධයක දි දමා යන්වාද……? පුලස්තිනී ගේ හැදුනුම්පත හා ඇගේ ගමන් බෑගය පොලිසියට ලැබුණ ආකාරය පිලිබදව දැඩි විමර්ෂණයක් නොකරන්නේ බලලා මල්ලෙන් එලියට පනීකියාය.

මේව හොරා පොලිසියෙන් විසදිය යුතු ප්‍රශ්ණය රාජ්‍ය  බුද්ධි අංශයේ  බුද්ධි අධ්‍යක්ෂ සලේලා ගැසු ගේමය. ඒත් මේවා තවත් සමුල ඝාතනයන්ය සලේලා ගෝඨාභය ලා පාලිත කොහොනලා එකට එක්ව සෑදු තිර පිටපත්ය. ඒ පිටපතේ සහරානලා නළුවන් පමනක් බව අපි දනිමු.

පොලිස් නිලධාරින් ගොනාට ඇන්දවිය……..

මේ නිසා තවත් නම් දවසක සාරා නොහොත් පුලස්තනි රාජේන්ද්‍රන් නොයෙන බව සහතිකය ඒ ඇය මේ වනවිටත් යුදහමුදා කදවුරක මරා විනාශ කොට අවසන්ය.සුරේෂ් සලේලා කැලේදි වැඩ කාරයන් විය හැකිය. ඒත් පොලිස් නිලධාරින් ගොනාට ඇන්දවිය නොහැකි, නමුත් සමහරක් සල්ලි හා තනතුරු නිසා සලේලාට ගොන්නුන්ට ඇන්දවිය හැකිය .සලේලාට තවත් එක් දෙයක් කිව යුතුය ඔබලාට ඇසු දුටු සාක්ෂි සියල්ල විනාශ කල හැකි වුවත් එක පරවේෂණ සාක්ෂික් හෝ යම් දවසක ඉතිරුවෙනු ඇත එදාට ඔබලා ගේ ඉරණමත් තීන්දු වෙනවා නොවනුමානය.

ඒත් බුද්ධිමත් අපරාධ විමර්ෂකයන් සිටින බව සලේලාය ලියුම් කරු අභියෝගාතමකව සිහිගන්වයි. මේ අපරාධය ප්‍රධාන සැකකරුවන් ඇල්ලීමට හා විමර්ෂණය පරවේෂණ සාක්ෂි මත කිරීමට මෙම ලියුම්කරු පුද්ගලිකවම මැදිහත්ව යම් දවසක සිදු කිරීමට සුදානම්ව සිටි.

එදාට සලේලාගේ සුදු කරපටි අපරාධවලට වන්දි ගෙවීමට සිදුවනු ඇත. 

 


Spread the love

Leave a Comment

You may also like