පොලිස්පති චක්‍රලේඛණ යවා ගෙදර ගොස් බුදියන වාහේ කෙනෙකු වු සී.ඩී. වික්‍රමනායක නමට පොලිස්පතිය. අද පොලිසිය නුල කැඩුනු සරුන්ගලයක් සේ එක එකාට හිතු හිතු තීන්දු තීරණ ගැනීම නිසා රටත් ජනතාවත් සමස්ථ පොලිස් දෙපාර්ත්මේන්තුවත් වලපල්ලට ගොස් ඇත.
පොලිස්පති පසු ගියදා චක්‍රලේඛණයක් මගින් සියළු පොලිස් ස්ථානවලට හා ජේෂ්ඨ නිලධාරින් සියල්ලට කියා ඇත්තේ පොලිස් නිලධාරීන් තම රාජකාරි වාර්තා කිරීම පොලිසියේ උප සේවක වෙතට පැමිණි බව කියා ඒ සටහන නියමිත වේලාවේදි යොදන ලෙසයි.
ඒත් පොලිස්පති ගේ නියෝග පයිසෙකටවත් මායිම් නොකරන උතුරු කොළඹ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි දෙහිදෙනිය සෑම නිලධාරියෙකුම තම පැමිණීම රාජකාරි නිසි ලෙසට වාර්තා කිරීමට නියෝග යොදා ඇත. ඒ නිසාම දැන් විවිධ ස්ථානවල රාජකාරි නිරත නිලධාරින් තම තමන් ගේ පැමිණීම පිටවීම සාමාන්‍ය කාලයේ සේ වාර්තා කිරීම නිසාම උතුරු කොළඹ පොලිස් ස්ථාන වල බොහෝමයක් නිලධාරින්ට කොරෝනා වලට ගොදුරු වීමට සිදුව ඇත.
දැනට එම නිලධාරින් බොහෝමයක් හබරාදුවට හා තවත් නිලධාරින් කුණ්ඩසාලය පොලිස් රෝහලට යවා නිරෝධායනය වෙමින් ඇත. අද දිනය තුලත් නිලධාරින් 09 දෙනෙකු උතුරු කොළඹ පොලිස් කොට්ඨාශය තුලින් පොසිටිව් වී ඇත. මේ පිලිබදව අදාල පොලිස් කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි දෙහි දෙණිය පයිසෙකටවත් ගනන් නොගන සිටි.
ඔහුට පොලිස්පති චක්‍රලේඛණ වැඩක් නැත. ඔහුත් නුල කැඩුනු සරුන්ගලය සේ ඔහේයමින් ඇත. මේ නිසාම දැන් කොළඹ උතුර පොලිස් කොට්ඨාශය තුල නිලධාරින් 300 කට ආසන්නව කොරෝනා රෝගයෙන් පීඩා විදි ඔවුන්ගේ දරු පවුල් හා ආසන්නතම සබන්දකම් ඇති අයත් ඉන් අසරණව ඇත. වහාම පොලිස්පති මර නින්දෙන් නැගිට ඊට පියවර ගත යුතුය.