සමාජයේ ගල්කාරයා යනුවෙන් හදුන්වන්නේ පිරිමි සමලිංඟිකයන්ටය.
එවැනි ගල්කාරයෝ ඕනෑම ක්ෂේත්‍රයක සිටිති.සිවුරු ඇඳගත් වුන් අතර නම් බොහෝය.නීතිය හා සාමය වෙනුවෙන් පෙනී සිටින පොලීසියේද නීති හදන පාර්ලිමේන්තුවේද මෙවුන්දැලා සිටී.එහෙත් සමළිංගික ආශාව හා ඒ ලිංඟික හැසිරීම ලෙඩක්ද නොවේ.එය ප්‍රාකෘතික මිනිස් ශාරිරික අවශ්‍යතාවක් බව වෛද්‍ය මතයයි.මේ බව වඩාත් තහවුරු වන්නේ ලෝකයේ ඇතැම් රටවල් මේ වන විට සමලිංඟික විවාහයන් සදහා නෛතික අවසරය ලබා දී තිබීමයි.විද්‍යාත්මක පදනමකින් සිතන පතනවාට වඩා සෙප්පඩ විජ්ජා ආගමික මංඥං අදහස් වලින් ඔළුව පුරවාගෙන සිටින මෙරට ගොං බිජ්ජන්ට නම් මේ විවාහයන් පවුකාර කෙරුවාවන්ය.කෝවිඩ් රෝගය මර්දනයට කට්ටටඩියන් මතුරා දුන් වතුර මුට්ටි ගංඟාවට වීසිකළ ගොබ්බ සෞඛ්‍ය ඇමතිවරියක ඉන්න රටක මෙවැනි විද්‍යාත්මක තොරතුරු වහ කදුරුය.
අප අද ලියන්නේ මෙරට පොලීසියේ සිටින එවැනි ඉන්ස්පැක්ටර් ගල් කාරෙයක් ගැනය.හැබැයි මේ ඉන්ස්පැක්ටර් ගල් කාරයා සාමයෙන් සාමදානයෙන් වැඩේ කොර ගන්නට නොගිහින් රාළහාමි කෙනෙකුට බලහත්කාරකමින් වැඩේ කරගන්නට ගිහින්ය.ඒ රාළහාමි තමන්ට මේ ඉන්ස්පැක්ටර් ගල් කාරයාගෙන් සිද්ධ වුන බලහත්කාරකම ඉහළට පැමිණිලි කළ විට වැඩේ පත්තු වී ඇත්තේ රාළහාමිට විරුද්දවය .එතැනදී සිද්ධ වී ඇත්තේ තමන්ට වූ ලිංඟික බලහත්කාරකම ගැන පැමිණිලි කළ ඒ රාළහාමිටම විරුද්ධව විනය පරීක්ෂණයක් ඇරඹීමය.දැන් අපි මේ හා සමාන අතුරු කතාවක් ලියමු. ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙකු සාමනේර උන්නාන්සේ කෙනෙකුට දිගින් දිගටම සිදු කළ අයුතු ලිංගික හිංසාවන් ඉවසා සිටින්නට බැරි තැන ඒ සාමනේර උන්නාන්සේ අසල තිබුණු පොලීසියට ගොස් සිද්ධිය පැමිණිලි කෙරුවේය.පොලිස් ලොක්කා කතෝලිකය.උන්දෑ මේ ආගමික ගල් කෙලියේ හුටපටයට අත දමා ඇඟ පුච්චා ගැනීමට අකමැති විය.එවැන්නකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හොත් මේ කිරිස්තියානිකාරයා අපේ චිවුරට ගරු කෙරුවේ නැතැයි පන්සල් ගොජුරු බාමේ ඥංපඥං ගාන නාකි උපාසකයන් හා උපාසකම්මලා පොලීසිය වට කරන්නට ඒවියැයි පොලිස් ලොක්කා තැති ගත්තේය.ඔහු කෙරුවේ බෝලය ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයා වෙත තල්ලු කිරීමය.ප්‍රාදේශීය ලේකම් වරයා සාමයෙන් සාමදානයෙන් අර පන්සල් ලොක්කා කැඳවීය.ඔහු සාමනේර තැන ගේ පැමිණිල්ල ගැන පන්සල් ලොක්කා දැනුවත් කෙරුවේය.එවිට මේ චීවරයා දුන්න පිළිතුරෙන් ප්‍රාදේශීය ලේකම් වරයාට අනේ අපොයි සාසනේ කියලා හිතුන බව අප සමග කියා සිටින ලදී.පන්සල් ලොක්කා සිද්ධිය ගැන වගඋත්තර බැඳ ඇත්තේ මෙහෙමය.
මේ උන්නැහේ ඔය සෙල්ලම නැත්නම් ශාසනෙත් ඉවරයි ඕයි.තමුන්නැහේ මේවට අත දාන්න ඇවිල්ල කෙලවා ගන්න එපාය කියාය.
සාමනේර තැන චීවරය ගලවා ගෙදර ගියේය.හාමුදුරු සෙල්ලම් කේස් එක එතැනින් හමාර විය.
ලුණුගල පොලීසියේ සිද්ධ වුන බලහත්කාර ගල් කේස් එකටත් සිද්ධ වුනේ ඒ විදියේම හදියක්ය.පැමිණිලිකාර පොලිස් රාළහාමි පොලිස් ස්ථාන තුනකට මාරු කෙරිණි.කිව්ව නාහන රාළහාමිද වැඩේ අත ඇරියේ නැත.තමන් කළ පැමිණිල්ලට නිසි පරීක්ෂණයක් සිදු නොවීම ගැන තොරතුරු පනත යටතේ වීමසීමක් කළ විට සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලට තොරතුරු ලබා දුන්නේ යැයි සදහන් කොට රාළහාමිට එරෙහිව ඉහළින් විනය පරීක්ෂණයක් ඇරඹිනි. ඒත් රාළහාමිද වැඩේ අතෑරියේ නැත.ඔහු සිය මානව හිමිකම් කඩවූයේයැයි සදහන් කරමින් බදුල්ල කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ඒ.පී.ධම්මික වීරසේකර බදුල්ල සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ රොෂාන් රාජපක්ෂ හා අර චුදිත ඉන්ස්පැක්ටර්ට එරෙහිව මානව හිමිකමි කොමිෂමට පැමිණිලි කරන ලදී.රාළහාමි විසින් සිදු කළ පැමිණිල්ල විභාග නොකොට ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1)ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට ඇති මූලික මිනිස් අයිතිවාසිකම් එම රාළහාමිගේ මානව හිමිකම් කඩ වී ඇතැයි දැන් තීන්දු කොට තිබේ.
විනයක් නැති රාජපක්ෂ පොලීෂියේ දැන් වැඩ සිද්ධ වෙන්නේ ඔහොමය.ළමා හා කාන්තා කාර්‍යංශයේ අධ්‍යක්ෂවරියව සිට විශිෂ්ට රාජකාරියක් ඉටු කළ පොලිස් අධිකාරී ලංකා රාජිනීටත් ඔය ආකාරයේ ඇබැද්දියකට මුහුණ දෙන්නට සිද්ධ වූ බව අපට වාර්තා විය.ඒ විසි වන ව්‍යවස්ථා සංශෝදනයට පෙරදී ජනපති මිල්ටෙරි නන්දසේන ජනපති පදවියට පත්වූ මුල්ම කාලයේදීය.ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකා පොලිස් අධිකාරීනී ලංකා රාජිනීගේ රාජකාරියට අංචි ඇන්දේ පොලිස් කොමිෂමේ ආප්ප හාමිනේ යැයි ප්‍රචලිත අධ්‍යක්ෂ වරියකි.මේ අධ්‍යක්ෂවරිය පොලිස් කොමිෂමට පත් කරන ලද්දේ රනිල් හාමු ගේ නෝනා හාමු වූ මෛත්‍රීගේ යාළු මිත්තර කමටය.හැබැයි මේ ආප්ප හාමිනේ පොලිස් කොමිෂමේ හයිය අරගෙන බොහොමයක් වැඩ කෙරුවේ කාන්තා අංජබජල් කෙරුවාවල්ය.මෙවැනි කාන්තා සමූහයක රැස්වීමකට පැමිණෙන ලෙස පොලිස් කොමිෂමේ ආප්ප හාමිනේ ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකාවට නියෝග කෙරුවාය.ඇය විසින් ඒ අනීතික නියෝගය ප්‍රතික්ශේප කොට රැස්වීමේ ආරාධනාව පොලිස්පතිි හරහා එවන ලෙසට ආප්ප හාමිනේ දැනුවත් කෙරිණි.ඒ හේතුව නිසා පොලිස් අධිකාරිණී ලංකා රාජිනීට ළමා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ තනතුර අහිමි විය.පොලිස්පතිට ලංකා රාජිනී විසින් අභියාචනා ගණනාවක් ඉදිරිපත් කළද පොලිස් කොමිෂමේ ආප්ප හාමිනේගේ ආප්ප පිච්චිල්ලට පොලිස්පතිගේ කෙරුවාවද පොන්සි විය.දැන් ඒ පොලිෂ් කොමිෂම අන්තරස්දාන වී ඇතත් ලංකා රාජිනීට තවමත් සාධාරණය ඉෂ්ට වී නැත.හරි විදියට එක රටක් එක නීතියක් යැයි පුරසාරම් දොඩවන ජනපති මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව ඇයට වහා සාධාරණය ඉටු කර දිය යුතු වන්නේය.