උණුසුම් පුවත්

අහෝ ඛේදයකි ඈවරයි……. දෑවරයි…… තුන් ඈවරයි…… ශ්‍රී ලංකා පොලීසිය වෙන්දේසියේ…..!!

Spread the love

පොලිස් දෙපාර්තමේන්තුව දැන් නූල කැඩුන සරුංගලයක් වාගේය.ඒත් පොලිස් දෙපාර්තමේන්තුව මෙරට තිබෙන ඉතා පැරණි රාජ්‍ය ආයතනයකි.මෙරට පළමු පොලිස්පතිවරයා පොලිස් අධිකාරී ජී.ඩබ්.ආර්.කැම්බල් මහතා වන අතර  පොලිස් සේවයේ සමාරම්භක දිනය ලෙස සැළකෙන්නේ ඔහු සේවය ආරම්භ කළ 1866 සැප්තැම්බර් තුන්වනදාය.පොලිසි සේවය මෙරට ගොනැගීමේ පුරෝගාමියා වන්නේද ඔහුය.1947 ජනවාරි හයවනදා පළමු ශ්‍රී ලංකා පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් රිචඩි අළුවිහාරේ පත් විය.

පොලිස් සේවයට කාන්තා නිළධාරිණියන් බඳවා ගැනීම පොලිස් අළුවිහාරේ මහතා යටතේ සිඳු කරණ ලද අතර ඒ අනුව 1952 වසරේ කාන්තා පොලිස්  නිළධාරිණියන් පස්දෙනෙකු බඳවා ගන්නා ලද අතර 1957වසරේදී හේමා ගුණවර්ධන මහත්මිය පළමු පොලිස් කාන්තා සැරයන්වරිය වීමේ භාග්‍යය හිමි කරගත්තාය.මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිට හැඳින්වූ සිලෝන් පොලිස් යන ඉංග්‍රීසි වචනය ඉවත් කර ශ්‍රී ලංකා පොලීසිය නම් නව නිල ලාංඡනය 1981සැප්තැම්බර් මස තුන්වන දින හඳුන්වන ලදී.මකර රූප දෙකකින් ආරක්ෂාවන ඇත් රූපයක් මත ධර්ම චක්‍රය පිළිඹිඹු කරන දේශීය ලියවැල් මෝස්තරයකින් අලංකාර වූ මෙහි තේමා පාඨය ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (ධර්මය අනුව හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි) යන්නය.මෙරට 

පොලීසියේ  ආරම්භය හා විකාශනය කෙටියෙන් කිව හොත් ඒ ආකාරයෙනි.පොලිස් සේවාව ඉහළ සිට පහලට ක්‍රියාත්මක වන ක්‍රමවත්  ආධිපත්‍යයක් මත පදනම්ව ආයතනික  ගත වූ සේවාවකි.එවැනි ආයතනයක් තුල බුද්ධිගෝචර ඒකග්‍රතාවක් පවත්වාගෙන යා හැකිිවන්නේ ඉහළින්ම බුද්ධිමත් අයුරින් නියෝග උපදෙස් හා අණදීමේ ප්‍රකාශනය හරහාය.
එහෙත් 2001 වර්ෂයේ ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පොලිස් සේවාව දේශපාලන බලපෑම්වලට යටත් වූ බව පෙනී යයි.⁣ස්වාධීන පොලිස් කොමිෂමක භාරයට පොලිස් සේවාව පත් කළ යුතුයැයි දාහත් වන ව්‍යවස්ථාවේ සදහන් වුවද කෙරුවාවේදී එය සිද්ධ නොවීය.
පොලීසියට ඇති ව්‍යවස්ථාපිත බලය ගැන මහජනතාවට අවබෝධයක් නැති වීම හේතු කොට ගෙන පොලීසිය අත්තනෝමතික ලෙස තම නිලය බලය පරිහරණය ⁣කරමින් ඔවුන් මහජනතාවගේ සේවාදායකයන් බව අමතක කර ඇති  ආකාරය පොලිස් සේවයේ වර්තමාන භාවිතය තුලින් තහවුරු වේ.විශේෂයෙන් පොලීසිය මහජන අප්‍රසාදයට ලක්වන ප්‍රධාන සාධකය වන්නේ සුදුස්සන් සුදුසු  තනතුරුවලට හා නිලයන්ට පත් නොකිරීමයි.
පොලිස් සේවාවේ කොඳු නාරටිය කඩා පෞරෂය බිඳ දැමීමේ ක්‍රියාවලියේ පුරෝගාමියා මහින්ද රාජපක්ෂය.1992 වසරේදී අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහුගේ සභාපතිත්වයෙන් යුතු කැබිනට් අනුකමිටුවක් මගින් ශ්‍රී ලංකා පොලිස් උප සේවයේ සේවා කොන්දේසි නිත්‍ය සේවය සමාන කරන ලදී.එය හරියටම බංගලාව අතු පතු ගෑ හැලි වලං හෝදා ඉඩම සුද්ද කොට පොල් කඩා හරකා බාන බලාගත් මැලේෂියන් ජා මුරකාරයා මැදමුලන බංගලාවේ අයිතිකාර හාමු  ගේ හාන්සි පුටුවේ වාඩි වී එහි අයිතිය පවරා ගත්තා වාගේ සිදුවීමක් විය.
දේශපාලන තක්කඩියකු වූ මහින්ද රාජපක්ෂ පොලිස් සේවය  මෙලෙස උඩු යටිකුරු කරන ලද්දේ ඒ තුළ එහෙයින් නිර්මාණය කිරීම මගින් සිය ලුම්පන්   දේශපාලන පැවැත්මට ශක්තිමත් පදනමක් සපයාගත හැකි බව කල්පනා කිරීම නිසා බව පැහැදිලිය.අද වන විට පොලීසියට ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කිසිම රාජකාරියක් කරන්නට බැරි විදියට රාජපක්ෂකරණය වී තිබේ.තක්කඩි රාජපක්ෂ පවුලේ වුවමනාවන්ට රැකවරණයට සැපතට පොලීසිය දාස භාවයට පත් කරගෙන තිබේ.පොලීස් සේවාවට සම්බන්ධ වැඩි පිරිසක් නිවටයන් හා පොන්සියන් කිරීම මගින් රාජපක්ෂ පවුල හා උන් වටා සිටින ජාවාරම්කාර  බිංකුඩ්ඩන්ගේ යටි බිම්ගත දූෂණයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබේ.
අද පොලිස් සේවාවේ බලය හා ශක්තිය උප සේවා නිළධාරීන් අතට මාරු වී තිබේ.මෙම උපසේවා නිළධාරීන් වැඩි පිරිසක් අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත සංවිධානගත ඇකඩමි පොලිස් පුහුණුවක් නොලැබූ අය වේ.ඔහුන් ස්ථිර පොලිස් සේවා පුහුණුවෙි රන් දෙවොල ලෙස සැළකෙන කළුතර කටුකුරුන්ද පොළිස් පුහුණු පාසැලේ හතර මායිම් නොදන්නා අයවළුන්ය. කොම්පඤ්ඤවීදියේ  සිංඥො අප්පු ගේ පිපිඤ්ඤා සොරකමක් ගැන පැමිණිල්ලක් ලියන්නට සිඳු වුන හොත් ඇලජික් වෙන පොරවල්ය.හැබැයි මේ වන විට රට පුරා පොලිස් ස්ථාන වල  OIC පුටුවල ඉන්නේ මුන්දැලාය.
ආණ්ඩු  ක්‍රම ව්‍යවස්ථාව, අපරාද නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත ආදී අණ පනත් ගැන මෙලෝ හසරක්  නොදන්නා මේ  OIC අයියලා වැඩි හරියක් පාලනය වන්නේ පොලීසිය අයිති මැතිවරණ කොට්ඨාශයේ පෝට්ටු සංවිධායකගේ නියෝග වලිනි.ඒ පොලිස් බල ප්‍රදේශය බාර  ASP ගේ SSP ගේ ඕනෑ එපාකම් වලට ෂපෝට් එකක් දීමෙන් මේ එහෙයියන් ඉහෙන් බහින ආරෝවක් නැතුව රාජකාරිමය ආරක්ෂාව ලබා ගෙන තිබේ.අද ස්ථිර පොලිස් සේවාවට අයත් වූවන් සිටින්නේ වෙච්ච දේට එන්න සෙයියරදු විදියටය.රට රකින විරුවාට කිරි බත් කා ගැසූ කතිරය ගැන විස්සෝප වෙමින්ය.
තව පැත්තකින් වියපත් බඹරලාගේ සරත් වීරසේකර පොලීසියේ කීර්ති නාමය නන්න පෝල් කරම්න් සිටී.දිගින් දිගටම ඔහු විසින් ද පොලීසියට සිදු කර ඇති හානිය අති විශාලය.කුඩ්ඩන්ගේ ඕනෑ එපාකම්වලට කෝටි ගනන් අත යට හුවමාරු කරගන්නා පොලිස් ලොක්කන් බොහොමයක් පොලිස් ඇමතිගේ සාක්කුවේය.
ඒ අතරේ පොලිස් ඇමතියා පාතාලයේ කොස්ගොඩ සුුුජීවගේ නෑනන්ඩිය සම්බන්ධීකරණ ලේකම් වරිය කරගෙන පොලිස් අමාත්‍යංශයේ  රැකවරණය සුජී ගේ හෙරොයින් ජාවාරමට ලබා දී තිබේ.මෑතකදී මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හෙළිදරව් නොකරණ ලද කෝටි හතලිහක මුදලක තැන්පතු ඇතැයි  අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඩංගුවට ගත් කොස්ගොඩ සුජීගේ මාමා වන අම්බලන්ගොඩ  ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහලපතිවරයෙකු දින කිහිපයකට පසු අධිකරණය මගින් නිදහස් කරන්නේ කිසිදු චෝදනාවක් නැති බව ප්‍රකාශ කරමිනි.මාමා ගේ නිදහස සදහා පොලීසියේ දේශබන්දු  වෙනුවෙන් සුජී ප්‍රදානය කළ  මුදල කෝටි පහක් බවක් පැවැසේ.අද පොලීසිි⁣යේ බොහෝ නිළධාරීන් හෙරොයින් ජාවාරම් කරුවන් සමග ගනුදෙනු කරන්නෝ වෙති.
මෙතරම් ජරාජීර්ණ වූ පොලිසියක් ලෝකයේ කොහේවත් නොතිබෙන බව සහතිකය රාජකාරියට නීතියට කරන්නට යන නිළධාරීන්ට සිද්ධ වෙන්නේ  චෝදනා පත්‍ර වලට වග උත්තර බඳින්නටය.
1.    කොස්ගොඩ පොලීසියේ පොලිසි පරීක්ෂක වරයෙකු හොරොයින් ජාවාරම්කරුවකු හා පැවැති සම්බන්ධතාව දුරකතන වාර්තා මගින් මෑතකදී අපරාද පරීක්ෂණ දෙපාර්ත මේන්තුව මගින් අනාවරණය කරගත්තද මෙම පොලිස් කාරයා තවමත් අපූරුවට කොස්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටී.
2.    කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගනිමින් නීතිය අකුරට ඉටු කළ අපරාද අංශයේ ස්ථානාධිපති වරයා වූ පොලිස් පරීක්ෂක ජයසූරියට  අද පොලීසියේ චෝදනා පත්‍රවලට වග උත්තර බඳින්නට සිදුවෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ .
3.   කරන්දෙණිය පොලීසිය මගින් අත් අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ පහලොවක් බලපිටිය අධිකරණය මගින් විනාශ කොට වලලා දැමීමට නියෝග කොට තිබියදී එම මස් අලෙවි කර පොලිස් පරීක්ෂක වරයකු අධිකරණ දේපොල සොරකම් කිරීමේ වරදට චෝදනා ලැබූවද  ඔහුට ස්ථාක   මාරුවක් පමනක් ලබා දී ඇත.
4.මන්නයකින් කපා මිනිසකු මරා දමා ලේ තැවැරුණ එම මන්නය රැගෙන පලායන මිනීමරුවා අම්බලන්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ දෙදෙනෙකු මුහුණට මුහුණ ලා මුණ ගැසීමෙන් පසුව එම මිනීමරුවාගෙන් රුපියල් පන්දාහක් රැගෙන මුදා හැරීමට කටයුතු කර තිබේ.සැබැවින්ම අපරාදයක් වසන් කිරීමේ චෝදනාව මත මෙම රථවාහන අංශ පොලිස් නිළධාරීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණමය ක්‍රියා මාර්ග ගත යුතු වුවද ඔවුන් වෙත දී ඇති සිල්ලර දඬුවම වන්නේ රථවාහන අංශයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි වලට යෙදවීම පමණි.
5.  අම්බලන්ගොඩ පොලීසියේ පාලන අංශයේ සේවය කරන පොලිස් සැරයන් වරයකු දිගින් දිගටම පොලිස්  නිළධාරීන්ට හිමි විය යුතු තෑගි වවුචර් පත් හොර අත්සන් ගසා ලබා ගනිමින් සිටින බව අපට අනාවරණයවී තිබේ.
6  ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ ( හිටපු කොට්ඨාශ භාර නිලධාරි) රාජකාරි කළ පොලිස්  ලොක්⁣කෙකුගේ රාජකාරිය වී තිබුණේ දේශපාලන ප්‍රබලයන්ට “ගෑණු සප්ලයි” කිරීමය.ඒ පිම්පි රාජකාරියේ භාරදූරත්වය හා සුදුසුකම නිසාම මේ පොලිස් ලොක්කා මෑතකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බවට පත් කරන්නේය. 
7.  රංගජීව වැන්නන් හොරොයින් ජාවාරම් මර්දනයේ වීරයන් ලෙස වෙස් බැඳ ගෙන සිටියද මොහුගේ සැබෑ ස්වරූපය ඊට වඩා වෙනස්ය.ඒ බව රංගජීවට කඩුවෙල ප්‍රදේශයේ ඇති දේපොළ හා ගොඩනැගිලි ගැන සොයා බලන විට තහවුරු කර ගත හැකිය.රංගජීව යනු අමුම අමුු ඩීල් කාර මැරයෙකි.කවදා හෝ මේකාගේ සිල්රෙදි ගැලවෙන බව නම් අප⁣ට විශ්වාසය.
8.  පානදුර දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි ASP ප්‍රශාන්තට හිටි අඩියේ ස්ථාන මාරුවක් ලැබෙන්නේ හමුුුදා මේජර්වරයකුගේ වාහනයක් තුල තිබී කුඩු තොගයක් අත් අඩංගුවට ගැනීම නිසාය. ASP ප්‍රශාන්තගේ ස්ථාන මාරුව උස්සවීමක් සහිතවය.ඒ රට ගොනාට ඇන්දීම සදහාය.යම් හෙයකින් කුඩු කතන්දරය අනාවරණය වුන හොත් ASP ස්ථාන මාරු කරන ලද්දේ උසස්වීමකට බව අඟවන්ටය.
9 .  නාකොටික් අධ්‍යක්ෂ වරයාව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල ඉන් ස්ථාන මාරු කොට සුන සුනඛ අංශයට දමන්නේ යුද හමුදා මිල්ටෙරි පොලීසියේ සැරයන් වරයකු නිළ ඇඳුමෙන් සැරසී යුද හමුදා යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් නිසාය.
10.රණවිරු ලේබලය යටතේ යුද ⁣හමුදා පොලීසියේ සැරයන් වරයාට කුඩු ජාවාරමට මුක්තිය හිමිවන විට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට නාකොටික් අධ්‍යක්ෂ කම අහිමි කෙරිණි.
11 .පෑලියගොඩ මූලස්ථාන පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වන මහින්ද විල්ලෝරාච්චි මෑතකදී පැවැති සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයේදී හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කොට  අසුවී ඇත.ඔහුට එරෙහිව ඒ සම්බන්ධයෙන් කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි දේශබන්දු සිදු කොට ඇත්තේ එම සහකාර පොලිස් අධිකාරී උසස්වීම් සම්මුඛ පරික්ෂණ මණ්ඩලය අහෝසි කිරීම පමණය.
12.දැන් එම ක්‍රියාව නිසා අගතියට පත් වී ඇත්තේ එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අනෙකුත් නිළධාරීන්ය.පෑලියගොඩ මූලස්ථාන පො⁣ලිස් පරීක්ෂක වරයා කොස්ගොඩ සුජීවගේ අතිජාත මිත්‍රයෙකි.කොස්ගොඩ සුජීවට එරෙහිව පාතලයේ සිටි කොස්ගොඩ තාරක මරා දැමීමට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සමග සැලසුම් කරන ලද්දේ මෙම පොලිස් පරීක්ෂක මහින්දය.ඒ බව වඩාත් තහවුරු වන්නේ   
තාරක මරා දැමීමට හෝරා ගනනකට පෙර ගෙන ඇති ඡායාරූප ගෙන ඇත්තේ පෑලියගොඩ පොලීසියේ නිසාය .තාරක මරා දැමීම නිසා පොලිස් පරීක්ෂක මහින්දට කොස්ගො⁣ඩ සුජීගෙන් මුදල් කුට්ටියක් ලැබුණ බව අනාවරණය වේ.
මේ විදියට තක්කඩ් රාජපක්ෂලා  පොලීසිය බයිට් එකට ගනිමින් සිටිද්දී වියපත් බඹරා බිම වැටෙන මස්කටු සූප්පු කරමින් සිටී.
මෑතකදී යහපාලන රජයෙන් දේශපාලන පළිගැනීම් ලක්වූවන්ට උසස්වීමි දීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.මෙම කැබිනට් පත්‍රිකාව මගින් කණිෂ්ඨ නිළධාරීන් ගණනාවකගේ  තනතුරු හා ඡ්‍යෙෂ්ඨතාවය පදනම් විරහිතව ඉහළට දමා තිබේ.
ඒ උසස්වීම්වලට බලපා ඇත්⁣තේ රාජපක්ෂලාගේ ඕනෑ එපා කම් ඉටු කළ වහල්කම  හා නිවටකම මිස පොලිස් සේවාවේ රාජකාරිමය වටිනාකම් නොවේ.මේ උසස්වීම් ලැබූවන් කිහිප දෙනෙකු මෙසේය.මෙහිදී  නියෝජ්‍ය පොලිස්පතිි තනතුරට පත්වනඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.තිලකරත්න  දීර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිට දැනට ඇමති ආරක්ෂක අංශයේ රාජකාරි කරන්නෙකි.මොහු ඡ්‍යෙෂ්ඨත්වයෙන් දහහත්වන ස්ථානයේ සිටින්නෙකි.නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති පොලිස් අධිකාරී කේ.ඒ.ජේ⁣.කොඩිතුවක්කු ඡ්‍යෙෂ්ඨත්වයෙන් හැට පස්වන ස්ථානයේ සිටින කණිෂ්ඨ නිළධාරියෙකි. 2006/2010වසර දක්වා මොහු කුමාර වෙල්ගමගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කර ඇත.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ජී.එස්.ගුණතිලක නියෝජ්‍ය පොලිස්පති උසස්වීම් ලැබුනද මොහු ඡ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ 127 වන ස්ථානයේ සිටින කණිෂ්ඨ නිළධාරියෙකි.1990 උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවයට බැදී ඇති මොහු වර්තමානයේ අගමැති ආරක්ෂක කොට්ඨාශයේ රාජකාරියේ නිරත වේ.2015 වසරේ සිටම මහින්ද රාජපක්ෂ⁣ ගේ ආරක්ෂක රාජකාරිවල නිරතව සි⁣ට ඇත.අධිකරණයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චුදිතයකු වූ නිළධාරියෙකි.වැඩ බලන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ.රත්නායක ඡ්‍යෙෂ්ඨත්වයෙන් 167 වන ස්ථානයේ සිටින කණිෂ්ඨ නිළධාරියකු වුවද නියෝජ්‍ය පොලිස්පති වරයකු වීමට භාග්‍යය හිමි වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරි සම්බන්ධීකරණය නිසාවෙනි.1990 වසරේපොලිස් උප සේවයට එක්වී ජනපති චන්ද්‍රිකා ගේ ආරක්ෂක සේවයේ කටයුතු කළ අයෙකි.පොලිස් කොමිෂම මගින් 2020 /10/19 වන දින වැඩ බලන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කර ඇති අතර ඇති මොහු පොලිස් අධිකාරී තනතුරට පත්වී ඇත්තේ 2019/7/15 දිනය. 1990 වසරේ පොලිස් සේවය⁣ට එක්වූ ඡ්‍යෙෂ්ඨතාවෙන් 157 වන ස්ථානයේ සිටි කණිෂ්ඨ නිළධාරියකු වූ වැඩ බලන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී .එම්.එන්.එස් දෙහිදෙණිය ගේ සේවාව පෙර දාතම් කරමින් උසස්වීම ලබා දී තිබේ.
මෙලෙස නියෝජ්‍ය පොලිස්පති වරු ලෙස උසස්වීම් ලබා ගත් අයවළුවන් බොහෝ දෙනෙකු රාජපක්ෂ වහලුන්ය.මේ අතර සිටින්නකු දේශපාලන පලිගැනීමක් ලෙස සදහන් කර ඇත්තේ යහපාලන රජය සමයේ ක්‍රීයාන්විත රාජකාරි ⁣ප්‍රදේශයකට ස්ථාන මාරු කොට යැවීම.එහි හොඳම විහිළුව වන්නේ මේ උන්දෑ ක්‍රියාන්විත ප්‍රදේශයක රාජකාරි කළ ප්‍රථම අවස්ථාව මෙය වීමය.
දැනට ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස උසස් වීම් ලබා සිටින කමල් සිල්වා මේ උසස් වීම ලබන්නේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සිටියදී සිදු කළ මානව හිමිකම් කඩ කිරීමක් පිළිබදව පොලිස් පරීක්ෂක වරයකු විසින්  HC .FR 403/2016  දරණ නඩුව පවරා තිබියදීය.මේ රාජපක්ෂලාගේ කිළිටු රෙදි සෝදන  පොලිස් වහලුන්ට සිල්ලරට බෙදා දුන් සංතෝෂම් උසස්වීම්ය.
ඒ අතරම ගල්කිස්ස පොලිස් බල ⁣ප්‍රදේශයේ උසස්පො ලිස් නිළධාරියෙකුගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක  නොකිරීම හේතුවෙන් සේවය අත්හිටුවා ඇති ⁣ප්‍රධාන පොලිස්පරීක්ෂක හෙට්ටිආරච්චි ගේ සේවය අත්හිටුවා දැනට වසරක් ගතවී ඇතත් තවම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන නැත.
දැන් නම් පොලිස් සේවය ගැන තවත්  කතා කරන්නට දෙයක් ඉතිරි වී නැත .සමස්ත පොලිසි දෙපාර්තමේන්තුවම රාජපක්ෂ කුලීකාර පොලිෂ් සමාගම බවට පත් වී තිබේ.මේ රාජපක්ෂ පොලිෂ්  සමාගමේ වැසිකිලි සෝදමින් සිටින පොලිස් ඇමති  වියපත් බඹරලාගේ වීරසේකර විසින් පොලිස් සේවාවේ මිනී පෙට්ටියේ අන්තිම  ඇණයද ගසනු ඇත්තේය.

Spread the love

Leave a Comment

You may also like