මේ වනවිට රට පුරා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නැවත සක්‍රීය කිරීමේ උත්සාහයට එරෙහිව රට පුරා ගිණි ඇවිලෙමින් තිබේ.2018 වර්ෂයේදී මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේදීත් බොහෝ පාර්ශවයන් මෙයට එරෙහිව විරෝධතාව දැක්වූ බව අපට මතකය.රටේ දැනට පවතින විශ්ව විද්‍යල පද්ධතිය හා සමාන ලක්ෂණ සහිතව අධිපතිවාදී මිල්ටෙරි තීරණ හා තීන්දු ගැනීමේ නෛතික රාමුවක් තුළ නිදහස් අධ්‍යාපනයට කෙලවමින් ඇති හැකි අයට මුදලට අධ්‍යාපනය විකිණිමේ උත්සාහක් මෙම පනත් කෙටුම්පත තුළ පවතින බව අපේ කියවීමයි.ජනපති මිල්ටෙරි නන්දසේනට අවශ්‍ය සමාජයේ සියළු පාර්ශවයන් හා සංවිධානයන් මිල්ටෙරි කරණයට ලක්කොට දකුණට හා වමට හරේන් කියන විට දකුණට වමට හැැරෙන සීරුවෙන් සිටීන් නොසැලේන් කියන විට හිමිජ්ජන් මෙන් නොසැලී ඉන්නා සමාජයක් නිර්මාණය කිරීමය.රාජපක්ෂ වරුන්ගේ ඉදිරි තක්කඩි පැවැත්ම ඇත්තේ එවැනි නිවට සමාජයක් තුල බව ඔවුන් හොදකාරවම දනී.දැනට සකස්කර ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත ඒ සඳහා එක රුකුලක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.මෙම පනත් කෙටුම්පත ස්ථානගත කර ඇත්තේ රටේ පිහිටි අනෙකුත් විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පාලනය කෙරෙන 1978 විශ්වවිද්‍යාල පනතිිින් පිටස්තරවය.මෙම පනත විමසිලෙන් කියවන්නෙකුට එය ක්‍රියත්මක වුව හොත් රටේ නිදහස් උසස් අධ්‍යාපනය ආරක්ෂක ඇමතිවරයා බාරයට පත්කිරීමට තරමේ හැකියාවක් පවතින බව පෙනීයයි.කොතතලාවල පනත සම්පූර්ණයෙන්ම අධිකාරීවාදී සෘජු දේශපාලන මැදිහත්වීම් සහිත මිල්ටෙරි මොඩලයක් බව කිව යුතුමය.මේ මිල්ටෙරි මොඩලය මගින් මෙරට නිදහස් අධ්‍යාපනය මුදලට යටත් කොට රට පුරා එවන් මිල්ටෙරි අධ්‍යාපන කඩ දමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ කොඳුු නාරටි අහිමි කරවන තරමට ව්‍යාප්තවීමට ඉඩ ඇති බොහෝ බව විද්වතුන් ගේ අදහස වී තිබේ.මේ මිල්ටෙරි අධ්‍යාපන මොඩලය තුල නිදහස් චින්තනයට ඉඩ හසර නැත.
මේ කොතලාවල පනත අනුව ආරක්ෂක අමාත්‍යවරයාට විශ්ව විද්‍යාලයේ පරිපාලන සභාව වෙත නියෝග හා උපදෙස් දීමට හැකියාව පවතී.ආයතනික උප කුලපති වන්නේද හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියෙක් වේ.මෙම සභාව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එහි අතිරේක ලේකම් හමුුුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති හා ඡ්‍යෙෂ්ඨ මිල්ටෙරි නිලධාරියෙක් විය යුතු උප කුලපතිි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා භාණ්ඩාගාර ලේකම් විසින් නම්කරන නියෝජිතයන් දෙදෙනෙකුගෙන්ද සමන්විත වේ.නමුත් මෙම සභාවේ තීන්දු තීරණ ගැනීමට අවසන් නියෝජිත සහභාගිත්වය අවශ්‍ය වන්නේ නැත.ඉන් පැහැදිලි වන්නේ මෙම ආයතනික සියළු වගකීම් හා කාර්ය භාරයන් මිල්ටෙරි මොඩලය තුල පවතින බවය.
මෙම පනතේ හත්වන වගන්තිය කියවන විට හැඟී යන්නේ “ජාතික ප්‍රතිපත්තිවලට පටහැනිව” විශ්ව විද්‍යාලයේ පැවැත්මට බාධා කරන ඕනෑම හැඩයේ එදිරිවාදිකමක්, නැගී සිටීමක් පාලනය කිරීම සදහා “සුදුසුයැයිසිතන ක්‍රියා මාර්ග “ගැනීමට බලය මෙම පාලක සභාවට ඇති බවය.එහෙත් මෙම පනතේ ජාතික ප්‍රතිපත්ති කවරේද යන්න හා සුදුසු යැයි සිතන ක්‍රියාමාර්ග මොනවාදැයි සදහන් කර නැත.එපමනක්ද නොවේ මෙම හමුුුදා පාලක සභාවට දී ඇති බලය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවන සිදුවීමක් දක්වා පැතිරවීමේ හැකියාවක් පවතී.ඉන් අදහස් කරන්නේ අයිතිවාසිකම් සඳහා ඉදිරිපත්වන ඕනෑම ශිෂ්‍ය ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්ව සාමකාමී අරගලයන් පවා විශ්වවිද්‍යාල කටයුතු වලට බාධාවක් ලෙස සළකා මර්දනය කිරීමක් නොවන්නේ යැයි කිසිවෙකුට සහතික විය නොහැක.ඒ මර්දනය සදහා අවශ්‍ය වන්නේ ආරක්ෂක ඇමතිවරයා ගේ ඔළු ගෙඩිය ඇතුලේ ගනන් හැදෙන දේශපාලන සිහින පමනකි.සැබවින්ම මෙම පනත සම්මත වුව හොත් මිල්ටෙරි නන්දසේනගේ පිස්සු හුටං තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන අතරම ඉන් මෙරට උසස් අධ්‍යාපනය තුළ ඉතිරි විය හැක්කේ එහෙයියන් පිරිසක් හා මයි මෑන්ස්ලා රොත්තක් විතරමය.අධ්‍යාපනයේ මෙතෙක් භුක්ති විඳි නිදහස් චින්තනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට තිත තබමින් මිල්ටෙරි වෙඩි උණ්ඩ හා බෝම්බ ප්‍රදානය කරනු ඇති බව නම් සහතිකය.
අද මිල්ටෙරි නන්දසේන වාදීන් බොහොමයක් මෙම පනත් කෙටුම්පතේ මුල පිටුවත් කියවා නැති බව අපි දනිමු.ඔවුන් හැමදෙනාම මෙම පනත පිළිබඳව අදහස් වපුරන්නේ මිල්ටෙරි විනය රට තුළ පැවතීය යුතු බවට අඟවමිනි.මෙය විනය ගරුක සමාජයක් පිළිබඳ ඇගයීම පිට පොට පටලවා ගැනීමකි.මිල්ටෙරි ක්‍රමය තුල විනය යනු නියෝගයි.එහි නියෝග කඩකරන්නන්ට එරෙහිව දඬුවම් පැමිණවේ.සිවිල් සමාජය තුල විනය ගොඩ නැගෙන්නේ ආචාර ධාර්මික සංස්කෘතික බැඳීමක් හා ශිෂ්ඨාචාරගත පරිනාමීය වන නීතිමය ව්‍යහයක් තුලය.
කාලකණ්නි ඇමති කෙහෙළිය මෙම පනත් කෙටුම්පත විග්‍රහ කරන ලද්දේ වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන මහචාර්යවරයාද කොතලාවල උපාධිදාරියෙක් නිසා ඉන් සමාජයට ලැබෙන ප්‍රතිඵළය බොහෝ විශ්වාස දායක බව තහවුරුකෙරෙන බවය.කොතලාවල මිල්ටෙරි ඇකඩමියෙන් මෙතෙක් උපාධි ලබා ගත් අයවළුවන් ඒ සඳහා වැය කර ඇති මුදල කොතෙක්ද යන්න අපි කාලකණ්නි ඇමති කෙහෙළියගෙන් ප්‍රශ්ණ කරමු.එදාවේල හොයාගන්නට කඹුරන සයිමන් අයියලාගේ හා කොහු තලා ලණු කෑල්ලක් අඹරා අතට කීයක් හරි හොයාගන්නා මැගිලින් අක්කලාගේ දරුවන් කීදෙනෙක් හමුදාවට ඇතුළත් නොවී උපාධි උපාධි ලෝගුව දාගෙන තිබේද යන්න සමාජයට අනාවරණය කරන්නේනම් වැදගත්ය.නව මිල්ටෙරි ඇකඩමි පනතද ඇති හැකි වුන්ට නම් හොද වෙන්ට පුළුවන.රජයේ බදු මුදල් වැය කරමින් ඇති හැකි පවුල්වල දරුවන්ට පමනක් සීමා වූ අධ්‍යාපන කඩයක් මේ දමන්නට මිල්ටෙරිි නන්දසේන අර අඳින බව හොදටම පෙනෙන්නට තිබේ.ජනපති මිල්ටෙරි නන්දසේනගේ කොතලාවල මිල්ටෙරි බංකර් විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතේ පිටු කිහිපයක් ඔබගේ අවධානයට ලක්කරමු