උණුසුම් පුවත්

ඉෂාලිනි ගේ මරණය  සිය දිවි නසා ගැනීමක් ලිපියක් ලියා ගිනි තබා ගෙන – ඇයට ලිංගික ප්‍රවේශයක් ඇතිව තිබෙන්නේ මිට වසර 10 කට පෙර බව වෛද්‍යවාර්තා වලින් හෙලිවේ.

Spread the love

කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරියා විසින් මෘත දේහයේ භාහිර හා අභ්‍යන්තර තුවාල පරික්ෂා කිරීමේදි ඇය ගේ ලිංගික ප්‍රවේශය සිදුව ඇත්තේ වසර 10 කට වඩා වැඩි කාලයකට පෙර සිදු වුවක් බවට තහවුරු කොට ඇත. එසේම ඇය ගේ පිලිසීම් තුවාල වලට හේතුව ඇය සියදිවි නසා ගැනීමක් බවට, ඇය තම මවට  ලියා ඇති ලිපියේ සදහන් කොට ඇත.

තම පියා මිය යාමෙන් පසුව මව විසින් නැවත විවාහයක් සිදුකර ගෙන ඇත.  තම මව හා වර්තමාන මව ගේ පුරුෂයා විවිධ අඩත්තේට්ටම් සිදු කරන නිසාත් ඇයට නිවසින් යාමට මව බල කර  ඇති බවට අප වෙතට  පොලිස් විමර්ෂන හා අනිකුත් සාක්ෂි මගින් තහවුරු වී ඇත.

මේ වනවිට ගෝඨාභය ආණ්ඩුව ඉතාම නින්දිත ආකාරයට මේ සිදු වීම රටේ ජාතික ගැටළු සියල්ලම වෙනත් දිසාවකට යොමු කරලීමට දැඩි උත්සහායක් ගනිමින් ඇත. මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින හිටපු ඇමති බදුදීන්ව ද ,අසාත් සාලි යන දෙදෙනාද හිජාබ් නිතිඥයා ද, කවි ලියු තරුණ කවියාද රදවා ඇත්තේ නිතිවිරෝධීවය.

ඒ කිසිවකට නිතියානුකුල කිසිදු සාක්ෂියක් නොමති බව අප ඉතාම වගකීමෙන් විමර්ෂණය කොට බැලීමේදි දැන ගැනීමට හැකිව ඇත. දැන් ආණ්ඩුවේ උවමනාවට රදවා සිටින එම සැකකරුවන් ඉදිරියේදි යොදන මුලික අයිතිවාසිකම් නඩුවලදි උත්තර නැතිවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේම පොලිස් නිලධාරින් පවසයි.

මෙම ඉෂාලිනි මෙහෙකාර සේවයට රිෂාඩ් බදුදීන් ගේ නිවසට පැමිණ සිය දිවි නසාගැනීම පිලිබදව රටම දැන් ආන්දොලනයකට පත්ව ඇත. මෙය දොස්තර සාෆි කාන්තාවන් 800 ක් වද කෙරුවා යැයි රාජපක්ෂලා එදා කී පට්ටම බේගලේ ආකාරයේම  තවත් ඇන්දවීමකි.

ඒ ඇන්දවීම එසේ මෙසේ නොව ජනතාව පාරට බසීයැයි කියන බිය නිසාය. ඉෂාලිලා තව කොතෙකුත් නිතිපතියේ නිලධාරින් ගේ ,ඉහලම පොලිස් නිලධාරින් ගේ හා අධිකරණ විනිසුරන් ගේ ගෙවල් වලත් මෙහෙකාර සේවයේ යෙදෙන බව අපි ඉතාම වගකීමෙන් මතක් කරන්නෙමු.

එසේම වර්තමාන ආණ්ඩුවේද පසුගිය ආණ්ඩුවේද මැති ඇමතිවරුන් ගේ උන්ගේ දරුවන් ගේ නිවෙස් තුලත් සිටින බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය දන්නා බව නම් අපි දනිමු. ඇත්ත ඇති සැටියෙන් හෙලි කිරීම  අපේ මාධ්‍ය කලාව බවයි ,එය කලාවකට වඩා අපේ ජාතික වගකීමකි. වතුකරයේ මෙහෙකාර කමට ගෙනවිත් තබාගෙන සිටින එකම පුද්ගලයා රිෂාඩ් නොවන අතරම ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරින් ගේ නිවෙස් තුල අදටත් ඉතාම මානුෂිකව මෙහෙකාර සේවයේ යෙදෙන ගැහැණු /පිරිමි දරුවන් නැතුවා නොවේ.

ඒත් දැන් ආණ්ඩුවට අවශ්‍ය ඉෂාලිනිව මුලට දමා රටේ සියල්ල කාපට්  අස්සෙ දමා ගෙන බැසිල්ලාට ගෝඨාභයලාට පෙරට යාමටය. ඊට අවශ්‍ය ඔක්සිජන් දෙන්නෙත් මෝඩ රටවැසියාමය. දැන් බදුදීන්ට තඩි බාමින්  අපි පෙරටම යමු.


Spread the love

Leave a Comment

You may also like