උණුසුම් පුවත්

සටන්කාමී ගුරු හූවෙන් චොරවී පලාගිය සිඟිති සේනාධිපති

Spread the love

ගුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්ස වෘත්තීය සමිති අරගලකරුවන් ඊයේ ගාලු මුවදොර පරණ පාර්ලිමේන්තු මන්දිරයේ තිබෙන ජනාධිපති ලේකම් කාර්යාලයට  පැමිණියේ ජනාධිපතිවරයාට පෙත්සමක් බාරදෙන්නටය.
එහිදී වෘත්තීය සමිති නායකයන් ඔවුන් හමුවීමට පැමිණි ජනාධිපති  කාර්යාලයේ නිළධාරීන්ට ප්‍රකාශ කරන ලද්දේ මහමග පෙළපාලියේ එනවිට පොළීසිය බාධා විසින් මෙදින කිසිදු බාධාවක් ඇති නොකිිිරීම ගැන විමතියට පත්වන බවය.සැබවින්ම මෙදින ගුරු අරගල කරුවන් පෙළපාලියේ ජනාධිපති ලේකම් කාර්යාලයට එනවිට වෙනදා මෙන් කුළු පොළු පොලිස් හමුදාාව රාජකාරියේ යොදා නොතිබුණ අතර  යකඩ බැරියර් අවහිරද නොතිබුණි.

මේ සැළසුම ජනපති මිල්ටෙරි නන්දසේනට ආතල් ගැනීමට සිදු කළ මෝඩ චූන් වැඩක්  බවට ලංකා දවසට අනාවරණය වේ.
සමහර දවසකට යම් වෘත්තීය අරගල කරුවන් රොත්තක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි විටක මිල්ටෙරි නන්දසේන කොහෙන් හෝ පාදූර්භූත වී නිල රියේ වීදුරු පාත් කොට ගොබ්බ හිනාවක් දාගෙන  ලේකම් කාර්යාලයේ ඇතුළත යාමක් හෝ ඉන් පිටතට යාමක ජවනිකාවක් වාහිනී වාර්තා වල දකින්නට තිබූූ බව අපට මතකය.එහිදී ජනපති  මිල්ටෙරි නන්දසේන ගොබ්බ හිනාවක් දාන්නේ වෘත්තීය අරගල කරුවන්ට නක්කලයට වාගේය.අනේ උඹලා මට නතින් කියන්නා විදියටය.ඒ රාජපක්ෂ පවුලේ  ජානගත මෝඩ චූන් ජවනිකාය.ඔවුන් ජනතාවට වීරයන් ලෙස පෙනී ඉන්නට ඔය වාගේ දෙකයි පනහේ වැඩ කරන එක හැමදාම සිද්ධ වේ.යුද්ධය දවස්වල ආරක්ෂක ලේකම්ව සිටි මිල්ටෙරි නන්දසේන ගමන් කරමින් සිටි වාහනය ඉලක්ක කරගනිමින් පිත්තල හන්දියේ පිපිරුණ බෝම්බයේදී තම සිරුරේ මයිලක⁣ටවත් හානියක් සිදු වී නොතිබියදී තමන් ඇඳ සිටි ෂර්ට් එකේ ගෑවී තිබුණ කමාන්ඩෝ භටයෙකුගේ ලේ පෙන්වා මිල්ටෙරි නන්දසේන කළ රඟපෑම දැන් කාට කාටත් අමතක වන්නට ඇත.කාට කාටත්  අමතක වූවාට අපට ඒ රඟපෑමි තවමත් මතකය.එදා පිත්තල හන්දියේ පිපිරුණ ඒ බෝම්බයද පාස්කු බෝම්බය වාගේ ගේම් එකක් බව තවමත් අපේ විශ්වාසයයි.තමන්ගේ කමීසයේ ගෑවී තිබුණ අනුන්ගේ ලේ පෙන්වමින් එදා මිල්ටෙරි නන්දසේන රැඟුවේ රටේ ජනතාවගෙන් ලකුණු දාගන්නටය.⁣ඇත්තටම ඒ දවස්වල මිල්ටෙරි නන්දසේන මෙහෙම ලකුණු  දාගත්තේ ඔහුගේ යටි බිම්  ත්‍රාඩ කෙරුවාව  හෙළි දරව් කරමින් සිටි පෝද්දල ජයන්තලා  ලසන්තලා සනත් බාලසූරියලා එක්නැලිගොඩලා  වැනි මාධ්‍යවේදීන් කෙරෙහි සමාජ වෛරයක් ගොඩ නැංවීමේ සැළසුමක් විදියටය.යුද්ධය දවස්වල හා යුද්ධය නිම වීමෙන් පසුවත්  රටේ ජනතාව සිතා ගෙන හිටියේ මිල්ටෙරි නන්දසේන යනුු යකාටවත් බය නැති එළ කිරි වැඩ්ඩෙක් විදියටය.නමුත් මේ ගෝතයා තුන්මුල්ලේ ලන්සි පැපොල් පොන්සියෙක් බව රාජපක්ෂ පවුලේ කෙරුවාව දන්නෝ ඒ දවස්වලත් දැන සිටියහ.මෑන්ස් හයියෙන් පැඩ්ඩත් බයවෙන ජාතියේ පොරකි.ඔහු වීරයා වන්නේ ජනරල් සරත් ෆොන්සේකාගේ කිව්ව නාහන මිල්ටෙරි කමේ හයිය නිසාය.මේකාගේ ජීවිත බය කොතරම්ද යන්න පෙන්වා දෙන්නට නම් යුද්ධය පැවැති දවස්වල එකම එක තත්පරයකටවත් ආරක්ෂක ලේකම් විදියට යාපනයට නොගිය එක හොඳටම ඇතිය.ඔහුට එරෙහිව කවරකු හෝ හයියෙන් පැඩ්ඩත් හිත ගැස්සී ජංගියේ චූ කරගන්නා සයිස් එකේ පොරක් වූ මිල්ටෙරි නන්දසේන ජනපති පදවියට පත් කළ හැට නව ලක්ෂයට විතරක් නොව සියළු දෙවි දේවතාවුන්ට පින් දිය යුතුය.ඒ මිල්ටෙරි නන්දසේනගේ සැබෑ ලාමක ටිං ටිං හැඩය මුළු රටටම හෙළි දරව් කළ නිසාය.එදා පෝද්දල ජයන්තලා ලසන්තලා සනත් බාලසූරියලා මොහු ගැන ලියන ලද ඇත්ත අද ඇස්පනා පිට තහවුරු වෙමින් තිබෙන නිසාය.මිල්ටෙරි නන්දසේනගේ චණ්ඩිකම ඇත්තේ අම්බ කුණුහරුපෙන් කාට හරි බැණ වැදීම තුළ පමණය.කිසිදු ආත්ම ශක්තියක් නැති මේ පකිස් ලොන්තා දන්නේ එපමණය. ඇත්තම ඇත්ත කතාව ඒකය.
ඊයේ ගුරු වෘත්තීය අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එද්දී වෙනදා වාගේ මිල්ටෙරි නන්දසේන ප්‍රාදූර්භූත වූයේ නැත.ඒත් ඒ වෙනුවට පෝට්ටු පාලනයේ  සෞභාග්‍ය දැක්මේ 
 ගාරානාස් පොර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලට යන්නට ආවේය.ඒ වෙනින් කවුරුවත් නම් නොවේ.මේජර් සේනාධිපති නම් පඟර නැට්ටාය.සිරි ලංකා දූපතේ ජීවත්වන හැම එකාම තමන්ගේ කූර පයියේ ගොඩ ගසාගෙන  තියෙන හොර මගෝඩි ජාවාරමිකාර කාසි පනම් වලින් තමන්ට ඕනෑ විදියට නටවන්න  පුළුවන්ය කියල හිතා ගෙන ඉන්න කැළණි හිඟන්නාය.ජනතා විමුක්ති පෙරමුණ මෙරටින් තුරන් කරනවායැයි සිඟිති ආතල් දෙන්නේද මේ පොරය.ලෙයින්  දාදියෙන් හා ගින්නෙන් කැකෑරී තැම්බී මහ පොලොවට හයි වුන ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂයක් නට්ටම් කිරීමට මෙවැනි ජාවාරම්කාරයෙකුට හැකියාවක් තිබේ යැයි අපි කිසිසේත්ම විශ්වාස නොකරමු.එසේ සිතීමත් අමුම අමු ජෝක් එකක් පමනකි.දේශපාලනයේ අ යන්නවත් නොදන්නා  මෙවැනි චූටියන් එහෙම සිතා සිඟිති ආතල් ගත්තාටද වරදක්ද නැත. නමුත් තමන්ගේ ඔළුවේ වැ⁣ඩ කරන මහලොකු මේජර් පට්ටමේ හයිය හා කූර පයියේ තියෙන යටි මඩි ගැසූ මසුරන් වලින් පෙන්වමින් සිටින හයිරන්කාර ගේම් එක  හැම වෙලාවකම හැම තැනටම වලංගු නැති බව ඊයේ ජනාධිපති⁣ ලේකම් කාර්යාලය අසලදී ගුරු අරගලකරුවන් සේනාධිපතිට පෙන්වා දෙන ලදී.ගුරු අරගල කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිටිද්දී සිඟිති සේනාධිපති  ඒ අසලින් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට ආවේ ජනපති මිල්ටෙරි නන්දසේනගේ ගේ සැළසුමක් මත බව අපි වගකීමෙන් සදහන් කරමු.
එහෙත් එහිදී  සිද්ධ වූ දේ එහෙම ඒ ආකාරයෙන් සිද්ධ වේයැයි හීනෙකින්වත් සිඟිති සේනාධිපති හා ජනපති මිල්ටෙරි නන්දසේන ඇතුළු ජාවරම්කාර නඩය හීනෙකින්වත් සිතන්නට නැත.කෝවිඩ් මුව වැස්මක් පවා නොමැතිව මහා පොර ලීලාවෙන් කාරයේ දොර ඇර බැස්ස සිඟිති සේනාධිපතිට වෘත්තිය සමිති නායකයකු නියෝග කෙරුවේ මුව වැස්ම දාගන්නා ලෙසටය.ඒ නියෝගය අහිංසක බලු කුක්කෙකු ඉජුක් ඉජුක් කිව්වාම වල්⁣ග කොටය වනන විදියටම සිඟිති සේනාධිපති පිළිපදිනු දකින්නට ලැබුණි. එතැන් සිට ඇවිලෙන්නට ගිය ගින්න ඇවිලුනා නම් සිඟිති සේනාධිපතිගේ ඇට මුං  ඇට වෙන්න තිබුන බව නිසැකය.ඒත් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම අරගලකරුවන්  වැලක්වීම නිසා ගමන රිවස් කොට ආපසු යන්නට සිඟිති සේනාධිපතිට සිදුවූයේ ගුරු හූවක රසවිඳිමිනි.මේ
සිඟිති සේනාධිපති අරගල භූමියක හැබෑ උණුහුම ඊයේ දැන තේරුම් ගන්නට ඇත.මේ නිසාම ජනපති මිල්ටෙරි නන්දසේන හා ජාවාරම්කාර නඩය එක්ව සිඟිති සේනාධිපති යොදා ගනිමින්  මෝඩ චූන් ආතල් ගන්නට හැදූ සැළසුමද ⁣චොර වී ගිය බව අපට හැඟේ.එය එසේ නොවූවානම් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට රිංඟා ගත් සිඟිති සේනාධිපති විසින්  පොර සයිස් වොයිස් කට් එකක් වාහිනී වල වපුරන්න⁣ට ඉඩ තිබුණි.මාධ්‍ය ඔස්තාර් කිනිසිලි  රත්නායක ඒ සඳහා දත කට  මැදගෙන ඉන්නත් ඇත. එහෙත් ඒ හැම දෙයක්ම කෙල වුනේ සිඟිති සේනාධිපතිට අකුලාගෙන පසු බසින්නට වූ නිසාය.ඒ සිදු වීම ගැන අපට කියන්නට ඇත්තේ පවු ඕයි තවුසෙලාගේ දැන් අමුඩෙත් ගැලවිලා  කියලාය.

Spread the love

Leave a Comment

You may also like