මේවනවිට ශ්රි ලංකා ආණ්ඩුව හමුදාව ලවා ජනතාව මර්ධනයකට යමින් ඇති අතරම අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන සමාජ ක්රියාකාරකයන් නිරෝධායන කදවුරුවලට ගාල කිරීමට එරෙහිව බ්රිතානය පදිංචි ශ්රිලංකීය ජනතාව ගේ දැඩි විරෝධය ප්රකාශ කිරීමට හෙට ජාතික ජනබලවේගයේ බ්රිතාන්ය ශාඛාව ලන්ඩන් පිහිටි බ්රිතාන්ය මහකොම්සාරිස් කාර්යාලය අසලදි උද්ගෝෂණයක් සුදානම් කොට ඇත.
මෙම උද්ගෝෂණය සදහා බ්රිතාන්යයේ වෙසෙන සියලු ශ්රි ලාංකිකයන්ට ආරාධනා කරයි. තම උපන් රටේ ජනතාව ගේ මානව හිමිකම් රකින ලෙසත් ,ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා බ්රිතාන්ය ජාතික ජනබල වේගය මෙය සංවිධානය කොට ඇත.
මෙය හෙට 23 සිකුරාදා සවස 02 ට ලන්ඩන් ශ්රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදි පැවැත්තේ.