උණුසුම් පුවත් දේශපාලන

වැලිකඩ හිරගෙදර අනුරුව පාර්ලිමේන්තුවයි.- අනුර කුමාර (පහත විඩියෝවෙන් නරඹන්න.)

Spread the love

කුඩු ග්‍රෑම් 10 ක් විකුණා අසු වු කෙනෙකු වැලිකඩ සිටිනවා නම් ලංකාවට කුඩු ගෙන්නන අය ඉන්නවා පාරිලිමේන්තුවේ, ගසක් දෙකක් කපලා හිරේ ගිය කෙනෙක් වැලිකඩ ඉන්නවා නම් කැලෑ අක්කර ගනන් අදටත් කපන අය ඉන්නවා පාර්ලිමේතුවේ.  ගල්වලක් හොරෙන් පවත්වා ගෙන් ගිහින් අසුවෙලා වැලිකඩ හිරගේද ඉන්නවා නම් අද හොර ගල්වලවල් 100ක් අයිතිකාරයෝ ඉන්නවා පාරිලිමේන්තුවේ.

සුදු ගහලා අසුවෙලා හිර ගෙදර ගියානම් කෙනෙක් අද සුදු පොලවල් කරවන අය ඉන්නවා පාර්ලිමේන්තුවේ, කසිප්පු පෙරලා අහු උනම වැලිකඩ හිරගෙදර  ඉන්නවානම් කෙනෙක් මහාපරිමානව කසිප්පු ස්කාගාර කරවන අය ඉන්නේ පාර්ලිමේතුවේ. යනුවෙන් ජාතික ජනබල වේගයේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එසේ පැවසීය.

තව දුරටත් කියා සිටින්නේ  වැලිකඩ සිරගෙදර ප්‍රතිමුර්තිය නම් ලංකාවේ පාර්ලිමේන්තුව බවයි. රටේ ධනය හොරාකාපු, මිනිමරපු, මාල කඩපු, කසිප්පු,කුඩුකරයන් සියල්ලම සිටින එකම තැන පාර්ලිමේන්තුව බවයි. ඒ පිලිබදව ඉතා දීර්ඝව කරුණු දක්වන අනුර කුමාර දිසානායක මහතා ගේ කතාව පහත විඩියෝවෙන් නරඹන්න.

 


Spread the love

Leave a Comment

You may also like