වෙනත්

නොදන්නා ලෙනින්ලා, ස්ටලින්ලා ගැන කියන්න ගිය අ-පවිත්‍රා තෙමාගනී – ස්ටාලින් මුදා හරි

Spread the love

නොදන්න අටමගලවල් ගැන කතා කිරීමට ගොස් ජනතාවට විහිළු  සපයන ජනාධිපතියෙක් ඇතුළු   මැති- ඇමතිලා වෙනත් කවරදාවත් නොදුටු තරමට මේ ආණ්ඩුවේ ඇත.

ඊයේ සෞඛ්‍ය ඇමතිවරිය වු අ -පවිත්‍රා කිවේ රටේ තියෙන්නේ එක් නිතියක්ය , ලෙනින්ටත්, කාල්මක්ස්ටත්, ටොස්කිටත්, ස්ටාලින්ටත් එකම නිතිය බවයි. ඒ කියන අ -පවිත්‍රා සිටියේ හෙළුවෙන් නම් නොවනබව මතකය. අ- පවිත්‍රා ඊයේ උපන් ගැහැණියක් නොව මෙරට පාලනයට රාජපක්ෂලා අවතීරනය වු දා සිටම රටේ ඇත්තේ එකම නිතියක් බව ඇය දන්නවාය. ඒ මැදමුලන නිතියයි.

අද  රාජපක්ෂලා පිලිකන්නට දමන දංකුඩ ටිකක් අ-පවිත්‍රලා , ප්‍රසන්නලා , ජය සුමනයලා එක්ක කමින් රජපවුල රකිමින් සිටිනවා හැර කුමක් කරන්නදැයි අපිට අනුකම්පා සහගතව සිතේ. රාජපක්ෂලා අද නැට්ට පස්සෙ ගහගත්තේම නැගි එන ජනබලය දෙස බලාය. ඊයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක පිටු 19 ක වාර්තාවක් දි කියා ඇත්තේ රටේ ඉදිරි මාස 03තුල දැඩි උද්ගෝෂණ වලට ජනතාව යොමුවන බවත් වහාම නිරෝධායන නිති යටතේ අත් අඩංගුවට ගැනීම නොකරන ලෙසත්ය.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය 37% කින් පහල බැස ඇති බවත් සලේ ගේ යෝජනාවල ඇත්තේ විපක්ෂයේ සිටින අයවළුන් මුදලට හෝ ඔවුන් ගේ පසු ගිය කාලවල දුෂණ සම්බන්දයෙන් විමර්ෂණයන් ඇරබීමත් , එසේම ඥාති හෝ පවුලේ කෙනෙකුට විදෙස් තානාපති සේවයකට යොමු කරවන ලෙසටයි. එවනි නාම ලේඛණයක් අමුණා ඇති අතරම එය ඉතාම ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන්නෙමු. 

එසේම විපක්ෂයේ ප්‍රභලයකු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සමඟ ඉතාම සමීපව ගනු දෙනු කරන බවත් ඔහු හරහා විපක්ෂය එකාබද්ධව සිදු කිරීමට සැලසුම් හා ඊට නායකත්වය දෙන අයවළුන් පිලිබදව ජනාධිපතිවරයාව පෞද්ගලිකවම දැනුවත් කරන බවත් අපිට දැන ගැනීමට ඇත.

කල් තබා අපි විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙය අනතුරුදායක බව ඉතාම වගකීමෙන් මතක් කරන්නෙමු. ඉදිරියේදි ඒ පිලිබදව නම ගම විස්තර සහිතව අනාවරණයක් කිරීමට සුදානම්ය. අ-පවිත්‍රාගේ එක නිතියේ කතාව අද බල්ලට ගියේ රටේ ජන අරගලය දැකලාය.  ඊට මුලිකත්වය දුන් සමස්ථ ගුරුවරුන්ට අපි රටේ ජනතාව වෙනුවෙන් ආචාරය පුද කරන්නෙමු.

ජෝෂ්ප් ස්ටාලන් මෙන්ම මෙරටේ විශාල පිරිසක් රාජපක්ෂලාගේ පාහර අවනිතියේ ගිලටීනයට හසුවී ඇත. මේ කාලක්න්ණි ගෝඨාභය ඇතුළු නඩය පලවා හැරිය හැක්කේම විපක්ෂය එකාමෙන් බලමුළු ගැසිමෙන් පමනකි. බෙදි මියයනවාද….? එකතු වී නැගිටිනවාදැයි…..?  දැන්  විපක්ෂයේ සියළු පක්ෂ කතිකාවකට පැමිණිය යුතුය.

එසේ නොවුන හොත් ගෝඨාගේ යකඩ සපත්තුවේ බිල්ලක් වනු ඇත. ඒ නිසාම රටේ සමස්ථ ජාතියෙන් වැඩි කොටසක් දැන් ඉල්ලන්නේම අරාබි වසන්තයකි. ඒ ලේ දහදිය පුජාකොට රාජපක්ෂ ලා ගෙන් රට මුදා ගැනීමට, රටේ ජනතාව විදි බසින බව දැන් සහතිකය. ඒ නිසාම අද ආණ්ඩුව ගල් ගැසි ජෝෂප්   ස්ටාලින් මුදහැරියේ ඒ නිසාය.  


Spread the love

Leave a Comment

You may also like