උණුසුම් පුවත්

පාසැල් දරුවන් මෙන්ම අහිංසක දුප්පත් රෝගින් බිල්ලට ගෙන තම වෘතිය අයිතීන් ඉල්ලන උන්ට “නෑ පාලන – යහපාලන ” රජය නිසි දඩුවම් නොදුන හොත් ජනතාව නිතිය අතට ගනී.

Spread the love

දැන් ලංකාව තුල ඇත්තේ අහිංසකයන් ඉලක්ක කොට යහපාලනය පෙරට දමාගෙන තම කුට්ටිය වැඩි කර ගැනීමක සටනකි. මෛත්‍රි අභි බවා රනිලුත් , රනිල් අභිබවා මෛත්‍රිත් ජනප්‍රිය වී මේ හා තම පක්ෂයට ලකුණු දමා ගැනීමේ කාලකන්නි සතුටකි. මේ සතුට බුක්ති විදින අතොලොසකට වඩා රටේ ජනතාවගේ ,රටේ අනාගතය වැනි දරුවන්ගේ ජිවිත මුන්ට වගේ වගක් නැත.

 

මේවනවිට ලංකාවතුල කුමන කරුණක් හේතු කොට ගෙන හෝ වැඩ වර්ජන දැකීමට හැකිය. මෙය කොතෙක් දැන් ජනප්‍රිය වී ඇද්දැයි කිවහොත් පාසැල් ළමුන් තම ගුරුවරයා වාර්ෂික ස්ථාන මාරුවකට ලක්ව තිබුණහොත් පසුදිනම පාසැලේ පංතිවර්ජනය කොට පෙලපාලියාම සුලබ දර්ශණයකි.

තවත් දවසක.පලාතේ කසිප්පු කරු පොලිසිය ලුහුබදින බව කියා විදුලි පහන් කනුවක් මතට නැඟ පොලිසියට එසේ නොකර සිටීමට පොරොන්දු ගන්න රටකට අත්වෙන ඉරණම ඉතාම නුදුරේ දීම දැකිය හැකිවනු ඇත.

මේ වන විට ලංකාවේ ඇත්තේ ” නෑ පාලන – යහපාලන ” රජයකි. අද වන විට ලංකාවට යන සංචාරකයකුට සිතෙන්නේ මේ සුන්දර දිවයින පාලනය කරන්නේ පාලකයකු ඉන්නවාදැයි වරෙක් සිතේ.

ඇත්තෙන්ම එක් අතකින් බැලු බැල්මටම එය හොද දෙයක් උවත් පසුගිය පාලකයන්ට සැසදීමේදී ඉතාම හොදදෙයක් ලෙසට පෙනී ගියත් . ඒත් ඉන් ඇතිවන ප්‍රථිඵලය ඉතාම නරකය.

දැන් ලංකාව තුල ඇත්තේ අහිංසකයන් ඉලක්ක කොට යහපාලනය පෙරට දමාගෙන තම කුට්ටිය වැඩි කර ගැනීමක සටනකි. මෛත්‍රි අභි බවා රනිලුත් , රනිල් අභිබවා මෛත්‍රිත් ජනප්‍රිය වී මේ හා තම පක්ෂයට ලකුණු දමා ගැනීමේ කාලකන්නි සතුටකි. මේ සතුට බුක්ති විදින අතොලොසකට වඩා රටේ ජනතාවගේ ,රටේ අනාගතය වැනි දරුවන්ගේ ජිවිත මුන්ට වගේ වගක් නැත.

වල්බුරු නිදහසක් ලබාදී මෛත්‍රි තැන්තැන් වල තප්පු ලන්නේ තමා ජනතාවට ඕනෑම දේ කට නිදහස දී ඇති බවකි. මෙවන් මීහරකුන් මින් ඉදිරියටවත් කුමන නම්කින් ජනතාව ඉදිරියට පැමිණියත් වහාම ප්‍රතික්ෂේප කල යුතුමය.

පාණ්ඩුව හැදුන ආඅණ්ඩුවක් තුලින් වැඩවර්ජන , පෙලපාලි,ජාතිවාදි රැලි එකි මෙකී නොකී දේවල් මිස, ජනතාමුදල් ගසාකපු උන්ව ඇලිලි, අල්ලස් ගෙන කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු හැටි, තාජුදින්ලා,ලසන්තලා, එක්නැලිගොඩලා, මැරුව උන්ව අල්ලයි උන්ව හිරේ දමාවියැයි යමෙක් සිතනවා නම් ඔහු / ඇයට මේ ආණ්ඩුව ගැන ඇත්තේම අන්ධ වැටහීමකි.

කෙසේ වෙතත් හෙටින් ඇරබෙන අ.පො.ස. (සා/පෙ )ල විභාගයට ලියන රටේ දරුවන් පලිහක් කර ගෙන අරබා ඇති දුම් රිය වර්ජනයට රජයක් ලෙසින් මුහුණ දෙන්නේ ඉතාම මන්දගාමිවය.

මොවුන් විනාස කරන්නේ රටේ ඉදිරි පරපුරේ අනාගතයයි. දැන් ජනතාව කල යුත්තේ එවනි කාලකන්නින්ට නිතිය ඉටුකිරිමට රජය පෙලබවීමයි.


Spread the love

Leave a Comment

You may also like