උණුසුම් පුවත්

රාජපක්ෂ වහල් ⁣පොලිස් සමාගමේ තිරිසන් රාජකාරි හෙළා දකිමු

Spread the love

තමන්ට යටත් මහජනතාව බිය හා කීකරුව තබා ගැනීම සඳහා මහ රාජ්‍යයන්ගේ ආණ්ඩුව සතුව ක්‍රම⁣ දෙකක් ඇත්තේය.එයින් රළු ගොරෝසු දෙය පොලීසියයි.වඩාත් සුකුමාර දෙය පාසැලයි.

හක් හක් ගොබ්බ හිනාව……

නීට්ෂේගේ⁣ මේ ප්‍රකාශය පිළිබඳව වර්තමානයේ මේ රටේ ජනපති මිල්ටෙරි නන්දසේන දැනුවත් කළහොත් හක් හක් ගොබ්බ හිනාව දා ශවේන්ද්‍ර මෙන්න මේ ගැන බලන්න යැයි කියන එක ෂවුර්ය.එහෙත් අද මෙරට පවතින සමාජ අර්බුදය ඇති වී ඇත්තේද මෙම ආයතන දෙක කේන්ද්‍රීය කරගනිමිනි.මේ වන විට ජනපති මිල්ටෙරි නන්දසේන මේ ආයතන දෙක නොව මුළු රටම හසුරවාගත නොහැකි අඳ බාලයකු බව සමාජයට තහවුරු කරමින් සිටී.යුද්ධයේ වීරයා ලෙස මෙරට ජනතාවගේ සිත තුළ පැළපදියම් වී සිටි මිල්ටෙරි නන්දසේන දැන් කාඩ් කූට්ටමේ ජෝකර්ගේ තත්වයට වැටී සිටී.ඔහු පැයෙන් පැයට රටට විහිළු සපයමින් සිටින්නේය.එහෙත් ජනපති මිල්ටෙරි නන්දසේනගේ විහිළු වලට හිනහෙනවාට වඩා දැන් ජනතාවට සිදුවී ඇත්තේ අඬන්නටය.කෝපයෙන් දත මිටි කන්නටය.
අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම තරාතිරකම අයවළුන් මහ පාරේ විරෝධතාවලය.

ඇමති කෙහෙළිය,  දෙවිවරු වැනි ගුරුවරුන් කාලක්නියන් ලෙස හැඳින්වීම ……

මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ හෙන්චයියන් සිතා ගෙන සිටින්නේ පොලිස් බලය යොදා මේ විරෝධතාව ආණ්ඩු මට්ටු කළ හැකි බවය.අද වාහිනී වලට වොයිස් කට් එකක් දෙමින් ඇමති කෙහෙළිය බුවා ගුරුවරුන් හැඳින්වූයේ කාලකණියන් ලෙසය.විදේශගතව සංචාරයකට ගොස් කොටු පනින්නට ගොස් කකුල කඩා ගත් මේ නරුමයා ඒ කකුල වෙනුවෙන් ජනපති අරමුදලෙන් කෝටි තුනක් පොකට් ගසා ගත්තේ කිසිම හිරිකිතයක් නැතුවය.මෙවැනි තුට්ටු දෙකේ පාහර අවලමෙක් රටේ දෙවිවරු වැනි ගුරුවරුන් කාලක්නියන් ලෙස හැඳින්වීම හරිම කණගාටුදායකය.මේ අවලමා මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවන්නට කතිරය ගැසූ ගුරුවරුන් දැන් නම් මේකා ගැන ලැජ්ජා වන බව නම් නිසැකය.එහෙත් ඒ ලැජ්ජාව ඇගයීමට ලක්කළ යුත්තේ මේ පාහර අවලමා ඊ ළඟ මැතිවරණයේදී ලබා ගන්නා ඡන්ද කතිර සංඛ්‍යාව අනුවය.ජනපති මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ හයිරන්කාර ඇමති හෙන්චයින් ලෙස වාහිනී වල පොර ටෝක් දෙන්නේ වැස්සකටවත් පාසැල් නොගිය රත්තරන් රෝහිත කසිප්පු ජොනී වැන්නන්ය.
දැන්නම් මේ රට අවුල් ගිණි ජාලාවකි.ගොවිබිම් සටන් බිම් බවට පරිවර්තනයවී තිබේ.විවිධ වෘත්තිකයන් වීදි සටන් වලට බැස තිබේ.ආණ්ඩුවට එරෙහිව ඇතිවෙමින් පවතින මෙම වෘත්තීය අරගල කළමණාකරණය කර ගැනීමට ජනපති මිල්ටෙරි නන්දසේන යොදා ගෙන ඇත්තේ පොලීසියයි.මිල්ටෙරි නන්දසේන සිතා සිටින්නේ මිල්ටෙරි සිස්ටමි එකට වමට හැරේන් දකුණට හැරේන් යයි අණ දුන්විට සමාජය ඒ නියෝග පිළි පදිනු ඇති බවය.පොලිස් ඇමති වියපත් බඹරාද මිල්ටෙරි නන්දසේනට ගැපෙන අබ්බ ගොබ්බයෙකි.වෘත්තික සටන් අරගල මර්දනයට ⁣ඔහු විසින් නිර්මාණය කර ඇති පොලිස් බලකාය විසින් එම අරගල තවත් අවුලවීමට දායක වෙමින් පවතින බව දැන් දැන් සිදුවෙමින් පවතින සමාජ අරගල ක්‍රියාකාරකම් වලින් අපට තහවුරු වේ.අරගල බිමේදී අමානුෂික ආකාරයෙන් අත්අඩංගුවට ගත් වෘත්තීය සමිති නායක නායිකාවන් අධිකරණයෙන් ඇප මත මුදා හරින වි⁣ට අනීතිකව නිරෝධායනය සඳහා අත්අඩංගුවට ගෙන මුලතිව් යුද හමුදා කඳවුර වෙත ගෙන යාම සමස්ත ගුරු පද්ධතියම ඇවිලවීමට හේතුවක් වී තිබේ.
ජනපති මිල්ටෙරි නන්දසේන හිතන විදියට විශ්ව විද්‍යාල අධ්‍යාපනය මිල්ටෙරිය යටතට ගත යුතුය.ඒකටද කොල්ලොයි බල්ලොයි ඇතුළු කරගන්නේ නැතුව පෝට්ටුවේ මැම්බර්ලාගේ සිට ඇමතිවරුන්ගේ දරුවන් ඇතුළු කරගත යුතුය.එවිට ඔය අනම් මනම් විශ්ව විද්‍යාල කේස් ඇති වෙන එකක් නැත.උපාධිදාරී රැකියා ප්‍රශ්නද ඇතිවෙන එක සීමා වෙනවාය.

ශ්‍රී ලංකා පොලීසියේ කොඳු නාරටිය කඩා……..

ඊළඟට⁣ පොලීසියයි.මේ වන විටත් ශ්‍රී ලංකා පොලීසියේ කොඳු නාරටිය කඩා අවසන්ය.නිසි අධ්‍යාපන සුදුසුකමක් නැතුව පොලීසියේ උපසේවය ඇතුළු වූ ⁣අමුම අමු මැට්ටන් අද ස්ථිර පොලිස් සේවාවේ නිළධාරීන් තුට්ටු දමා තිබේ.ස්ථිර පොලිස් සේවාවේ කොස්තාපල් සිට එස් අයි මහත්තයා දක්වා කටුකුරුන්ද පොලිස් පුහුණු පාසැලේ විධිමත් පොලිස් අධ්‍යාපනයක් ලබා රාජකාරිය පිළිබඳව මනාව දැනුවත් වූවන් වේ.එහෙත් උප සේවයේ අයවළුවන් හමුදා කඳවුරු වල ඇඟේ පතේ හයියට මදාවිකාර රාජකාරියට පුහුණු වූවෝ වෙති.

පොලිස් දෙපාර්තමේන්තුවම පාලනය කරන්නේ මේ මංඥං උපසේවා බඩු ටිකය….

මොවුන් අතර වැඩි දෙනෙකු අධ්‍යාපන සුදුසුකම් නැත්තෝය.මේ සමහරුන්ට අකුරක් වාක්‍යයක් ගලපා ගත හැකි වුන් නොවේ.පිහිය කියා ලිවු විට වෙනත් කුණුහරුප ලියන්නෝය.පැමිණිලි පොතේ කොම්පඤ්ඤ වීදිය ලියන එක අරහං පොරවල්ය.අද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පාලනය කරන්නේ මේ මංඥං උපසේවා බඩු ටිකය.හෙට අනිද්දා වෙන විට පිපිඤ්⁣ඤා කියා ලියා ගන්නට බැරිි උප සේවා බඩුවක් ⁣මේ රටේ පොලිස් පති වෙන්නත් බැරි නැත.මේ විදියට පොලීසියේ කොඳු නාරටිය බින්දේ මහින්ද රාජපක්ෂ ජනපති වරයා කාලයේදීය.රාජපක්ෂ වරුන්ට කෝමත් අධ්‍යාපන සුදුසුකම් ඇල්ජික්ය.දැන උගත්කම තහවුරුවට ගන්නා සහතික වලින් රාජපක්ෂ වරුන්ට ඇති වැදගත් කමක් නැත.පොලීසියේ දැන උගත් එවුන් සිටියොත් තමුන්ට වහල්කම් නොකරන බව රාජපක්ෂ වරු තේරුම් ගෙන සිටියහ.එබැවින් පොලිස් උප සේවාවේ වහල් මැට්ටන් යටතට පොලිස් දෙපාර්තමේන්තුව පත් කිරීම⁣ රාජපක්ෂ වරුන් විසින් සැළසුම් සහගතව සිදු කළ ක්‍රියාවක් බව මේ වනවිට තහවුරු වී ඇත.
වෘත්තීය අරගල මර්දනය සදහා යොදා ගෙන ඇති පොලිස් බලකායද රාජපක්ෂ වහළුන්ගෙන් සංවිධානගත වූ ඒකකයකි.

තරුවක් පටියක් ලැබේ නම් රාජපක්ෂ වරුන්ගේ පස්සා පැත්තත් හෝදන…….

මෙහි රාජකාරි කරන පොලිස් වහළුන්ට වුවමනා මිල්ටෙරි නන්දසේන ඇතුළු දේශපාලන හෙංචයියන් ගේ සිත සතුටු වෙන ආකාරයට රාජකාරි කරන එකය.මේ සැට් එක අත්අඩංගුවට ගන්නා කාන්තාවන්ගෙ පස්සා පැත්තට පයින් ගහන්නේ වයසක අම්මලා බිම ඇදගෙන එන්නේ ඊ ළඟ ප්‍රමෝෂන් එක ගැන සිහින දකිමිනි.තරුවක් පටියක් ලැබේ නම් මේ පොරවල් රාජපක්ෂ වරුන්ගේ පස්සා පැත්තත් හෝදන එක සිකුරුය.
පසුගියදා පැවැති වෘත්තීය අරගලයේදී කාන්තාවකගේ පස්සට පයින් ඇන්න පොලිස් සත්වයා ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.ඒ දරුවන් ජාතක වූයේ මේකාට මදැයි සිතන තරමට ඒ පයින් ගැහිල්ල කැතය.එදා අහිංසක යුවතියකට පයින් පහරදී රාජපක්ෂලා ගේ ලකුණු දමාගැනීමට ගිය ඔහු ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ගුණසේකරය. අපුරුම දේ ඔහු පිලිබදව ඇත්තේ නින්දිත ඉතිහාසයකි. දුවරුන් දෙදෙනෙකු ගේ පියෙක් වු මොහු ගේ බිරිද වර්තමාන යේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියකි. මේවනවිට ඇය පොලිස් මුලස්ථානයේ රාජකාරි කරනුලබයි. මෙවනි නිලධාරින් වහාම සේවයෙන් පහකල යුතුය. මවකට ,දියනියකට සොහොයුරියකට උඩපැන පාපහරක් ගැසු තම පියා පිලිබදව දියනියන් ලැජ්ජහ විය යුතුය. එසේම කාන්තා හින්සනය පිලිබදව කයිවාරු කෙලින පොලිසිය තම ස්වාමියා තවත් කාන්තාවකට පයින් ගැසීම පිලිබදව බිරිදක් වු ජේෂ්ඨ පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර ලැජ්ජහ විය යුතුය. මෙවන් පාහරයන් පොලිස් සේවාවෙන් පන්නා දැමියයුතුය.

එය එසේ වන්නා සේම අර වයසක අම්මා ඇඳගෙන ආ වුන්ටද හරි හමන් ජාතකයක් නැතියැයි අපට සිතේ.උන්ගේ උප්පැන්න වල මව ගේ නම තිබෙන ස්ථානයේ ඇත්තේ හිස්ව වෙන්ට ඕනෑය. අම්මා කෙනෙකු ගෙන් මෙලොවට උත්පාද වූවෙකු කවරදාවත් එවැනි ජඩ නින්දිත අසික්කිත ලෙස රාජකාරි කරන්නේ නැත.
ඒ අස්සේ තමන්ගේ කැමරාවට පොලිස් නෝනා කෙනෙක් අතින් ගැසූ වේයැයි ජනමාධ්‍යකාරයන් කෑ මොර ගසනු අසන්නට ලැබිණි.ජනමාධ්‍ය කාරයන්ට රිදුනේ ඒ වාහෙලාගේ කැමරාවට පහරක් වැදුන විටය.උන් උඩුබුරන්න ගත්තේ ඒ රිදිල්ලටය.මේ ජනමාධ්‍ය කාරයන් හරි විදියට මැදිහත් වෙන්න තිබුනේ අර වයසක අම්මා කුදලා ගෙන ආ අමානුෂික රාජකාරියටය.ඒත් උන්ට ඒ සීන්ස් මාර බයිට්ය.
කෙසේවෙතත් අපේ රටේ පොලීසිය නම් දැන් බල්ලාට ගිහිල්ලාය.එය නැවත ප්‍රතිසංවිධානය ජනපති කොමිෂමකින් කළ යුතු දෙයකි.එහිදී ප්‍රථමයෙන් කළ යුත්තේ හරි හමන් පොලිස් පුහුණුවක් නැති උපසේවා ගොබ්බයන් ටික නැවත උප සේවයට දැක්කීමය.එසේ නොකොට පොලිස් සේවය ස්වාධීන ගෞරවණීය ආයතනයක් බවට පත් කරන්නට නම් බැරිය.

තරුවක් පටියක් ගසා ගැනීමේ සිහින දකිමින් ජනතාවට හිංසා පීඩා කරන තිරිසන් සත්ව ගණයට අයත් පොලිස් කාරයන්ට කියවා හිතේ ලියා තියා ගැනීමට අපූරු වචන අහුරක් හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ ගේ ක්ෂේත්‍රීය මායිම් නම් පොතේ ⁣යටත් විජිත යුගයෙන් මුදාගත යුතු පොලීසිය යන පාඨයෙන් උප ශීර්ෂගත වූ පහත උද්ධෘතයේ දැක්වේ.ඒ මෙසේය.
“තමගේ රටේ තමාගේ පිරිසේ එකෙකු වූ මිනිසෙකු පොලීසියේ බිත්ති හතර ඇතුළට අරගෙන ⁣රාජ තේජසේ ආරක්ෂාවට මුවා වී ඉළ ඇට කැ⁣ඩෙන තුරු ,හෘදය,කැවුත,බඩවැල් ,මුත්‍රාශය ,වකුගඩු ,පුපුරණ තුරු පහර දෙන්නේ කෙසේද. මෙසේ දුර්වල කරන්නේත් තමාගේ රටට වැඩ දායක මනුෂ්‍යයකු බව නොසිතන්නේ මන්ද ? ඔහු මරුණහොත් අඹු දරු පවුලක් අනාථ වන බවත් රටේ ජීවනාලියෙන් කෑල්ලක් නැතිවන බවත් නොතේරෙන්නේ මන්ද ?
අර පොලිස් සත්වයන්ගෙන් අපට අසන්නට ඇත්තේද මේ ප්‍රශ්ණයයි.

 

 


Spread the love

Leave a Comment

You may also like