උණුසුම් පුවත්

සියළු ශ්‍රි ලංකිකයන් කොතලාවල පනතට එරෙහි වීම උපන් නුපන් සියල්ල ගේම නිදහස් අධ්‍යාපන අයිතිය රැකීමක්.

Spread the love

C.W.W. කන්නන්ගර මැතිතුමා දැඩි බාධක හමුවේ එදා රටට දායාද කල මෙරට නිදහස් අධ්‍යාපනය ගෝඨාභය හමුදා ජුන්ටාව විසින් පැහැර ගැනීමට පිඹුරුපත් මේවනවිට සකසා හමාරය. ඒ උන්ගේ හත්මුතු පරම්පාවම විදෙස් රටවල උසස් අධ්‍යාපනය ලබන නිසාවෙනි.

ඒත් අපේ අහිංසක ගම්බද දරුවනට මුදල් නොගෙවා ලැබිය හැකි අධ්‍යාපනය මුළු මනින්ම තව කාලයක් දී රාජපක්ෂලා ගේම හෙන්චයියන් විසින් සුපර්මාකට් තත්වයට ගෙන එනු ඇත.  කලක පටන් ආරක්ෂක විද්‍යාපීඨයක් වු 1981 අංක 68 දරණ ශ්‍රි මත ජෝන් කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ සමස්ථ අරමුණම බිද හෙලා රාජපක්ෂාධිකරණය කොට ගජ මිතුරන් ගේ සල්ලි උල්පතක් බවට පත් කිරීම   නව පනතෙන් සිදුවනු ඇත.

එපමණක් නොව රටේ සමස්ථ විශ්විද්‍යල වලටම යුධ හමුදා ජෙනරාල්වරුන් කුලපතිවරු ලෙසට පත් කිරීමට සියල්ල සුදානම්ය. එමනකින් නොනවතින ගෝඨාභය පීඨාධිපතිවරු, හා උප කුලපතිවරු සියල්ලම ත්‍රිවිදහමුදා උසස් නිලධාරින් පත් කිරීමට ඊයේ පැවති ත්‍රිවිදහමුදපතිවරු හා ජෙනරාල්වරුන් ගේ රැස්වීමේදි සාකච්ඡා විය. මෙහිදි ජෙනරාලවරයෙක්  ඇත්තේ ශ්‍රි ලංකාවේ විනය හැදීමට නම් සමස්ථ පාසැල් වලටම විදුහල්පතිවරුද යුධ හමුදා නිලධාරින් පතකලයුතු බවයි. ඊට ජනාධිපති අනුමතිය ලැබුනත් එය පසුව කලයුතු බව ජනාධිපති ලේඛම් පී.බී කියා ඇත.

මේ ආකාරයට සමසථ අධ්‍යාපනයම හමුදාකරනය කිරීමට දිර්ඝ සැලැස්මක් ඇත. මේ නිසාම සියළු පක්ෂ ,ජාති ,ආගම් නොතකා තම දරුවන් වෙනුවෙන් රටවැසියන් එකා මෙන් මිට විරුද්ධව හැගි සිටිය යුතුය. එසේ නොවුනොහොත් අධ්‍යාපනයේ මළඟම රාජපක්ෂලා සිදුකරන බව සහතිකය.

දැන් රටේ ඇති ප්‍රශ්ණය නායකයා කවුද……? නොව ජනතාව වෙනුවෙන් ඉදිරියට පාතබන්නේ කවුද……? යන්නයි. ඒ අනුව ඉදිරි කාලයේදි රටේ ජනතාව නායකයන් තේරීමේදි එදාට වඩා බුද්ධිමත්ව ක්‍රියාකරනු ඇත.  ඒනිසා ජාතියක්  ලෙසට මේ පනතට විරුද්ධ විය යුතුය.

 


Spread the love

Leave a Comment

You may also like