පසුගිය ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයක් ජනතාව මිල්ටෙරි නන්දසේන ජනපති පදවියට පත් කරගත්තේ මොනවා වුනත් ඉන්න රටක් ඕනෑ යැයි පාරම්බාමිනි.මිල්ටෙරි නන්දසේනගේ ජයග්‍රහණයෙන් පසුදා රට පුරාම හන්දිි ගානේ දකින්නට තිබුනේ කැවුම් කිරිබත් කෑමේ උත්සවයි.ඒ චිත්ත ප්‍රීතිය චීත්ත සරොම් ඔසරි සාරි ජංගි අස්සේ සිට ටයි පටි කළු කෝට් දක්වා පැතිරී තිබුණි.අනේ ඉතින් සිරි ලංකාව මිල්ටෙරි නන්දසේන ගේ නායකත්වයෙන් ටොප් ගියර් එකේ සංවර්ධනය කරා හයි ස්පීඩ් යන බවට ආචාර්ය මහචාර්යවරු සහතික ලිවූහ.
මිල්ටෙරි නන්දසේන ඒකාධිපතියා……..
රට පුරා කිරි පැණි ඉතිරී බේතකටවත් සමෘද්ධි කාරයෙක් හොයාගන්ටවත් බැරි වෙනු ඇතැයි පරිපාලන ලොක්කෝ කල්පනා කළහ.පාරවල් වල බස් හෝල්ට් තාප්ප පුරා දේශප්‍රේමිත්වය පාටපාට ලැකර් වලින් සිත්තම් විය.බුදු බණට පවා ටැග් කෙරුණේ මිල්ටෙරි නන්දසේන ගේ කෙරුවාවය.ඇතමුන් මිල්ටරි නන්දසේන සම කෙරුවේ රුසියාවේ පුටින්ටය.
මිල්ටෙරි නන්දසේන ජනපති වරයා වී අවුරුද්දක් දෙකක් ගෙවී යනවිට ඔහු පත් කරගත් ජනතාවට ඉතිරි වී ඇත්තේ හනේ හපොයි කියමින් රටට වෙච්ච කරුමය ගැන සිත සිතා කම්පා වීම වීම විතරමය.
දැන් මිල්ටෙරි නන්දසේනට ඡන්දය දුන් එකෙක් හොයාගන්නට පවා අමාරුවන සයිස් එකක් රට පුරා පැතිරී තිබේ.ප්‍රාදේශීය සභාවල මැම්බර්ලා හා මොලේ මංඥං පොරවල් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනෙකු මිල්ටෙරි නන්දසේන ගැන සිහිපත් කරන්නේ අනේ උගේ අම්මට මොකද්දෝ එක කරානම් හොඳය කියාය.තවත් සමහරු මිල්ටෙරි නන්දසේනට කතිරය ගැසූ අත කපා දමන්නට නොහැකි වීම ගැන කම්පා වෙති.
ඒ අදෝනා විලාප අස්සේ ජනපති මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ නඩය තුනෙන් දෙකේ බලය පතුරවමින් ලංකාව තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත් කර ගනිමින් සිටී.
රාජපක්ෂ පෞද්ගලික සමාගමට අයත් ආයතන………
මේ ඒකාධිපති පාලනයේ අවසානය කොතනැකදැයි කිසිවෙකුට සිතා ගන්නට බැරි තරමට සමස්ත සමාජයම තක්බීරිිවී සිටී.කතා දෙකක් නැත දැන් සිරි ලංකාව අයත් වන්නේ රාජපක්ෂ පෞද්ගලික සමාගමටය.ඇමති මණ්ඩලයේ හා රාජ්‍ය පාලනය තුල රාජපක්ෂ වරුන්ගේ සහභාගිත්වය හා අධිකාරී දායකත්වය කෙතෙක්ද යන්න මෙහි පහත දැක්වෙන නිලමක්කාර තනතුරු වලින් තහවරු කර ගත හැකිය.
විධායක ජනපති මිල්ටෙරි නන්දසේන රාජපක්ෂ
ආරක්ෂක ඇමති/මිල්ටෙරි නන්දසේන රාජපක්ෂ
ඩිජිටල් ඇමති/මිල්ටෙරි නන්දසේන රාජපක්ෂ
අගමැති මහින්ද රාජපක්ෂ
බෞද්ධ සංස්කෘතික කටයුතු ඇමති/ මහින්ද රාජපක්ෂ
මුදල් ඇමති/බැසිල් රාජපක්ෂ
නිවාස ඇමති/මහින්ද රාජපක්ෂ
නාගරික සංවර්ධන ඇමති/ මහින්ද රාජපක්ෂ
වාරිමාර්ග ඇමති/ චමල් රාජපක්ෂ
ආරක්ෂක රාජ්‍ය ඇමති/ චමල් රාජපක්ෂ
ආපදා කළමණාකරණ රාජ්‍ය ඇමති/ චමල් රාජපක්ෂ
නිවාස රාජ්‍ය ඇමති/ චමල් රාජපක්ෂ
ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති/ නාමල් රාජපක්ෂ
ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති/ නාමල් රාජපක්ෂ
ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී/ නාමල් රාජපක්ෂ
වී සහ ධාන්‍ය වර්ග කාබනික ආහාර එළවළු පළතුරු මිරිස් ළුෑණු අර්තාපල් බීජ
නිෂ්පාදන හා අධි තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමති /ශෂේන්ද්‍ර රාජපක්ෂ
දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ
ජනාධිපතිකාර්ය සාධක බලකා ප්‍රධානී /බැසිල් රාජපක්ෂ
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී / යෝෂිත රාජපක්ෂ
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ/ නාමල් රාජපක්ෂගේ බිරිඳගේ පියා
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ/ රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ මව
මොනවා වුනත් රටක් තියෙන්න ඕනෑ යැයි කියමින් මිල්ටෙරි නන්දසේනට කතිරය ගැසූ වුන්ට මෙය කියවන විට මොනවා හිතෙනවා ඇද්දැයි අපි නොදනිමු.ලැජ්ජා නහර කපා දමා නැති එකෙක් නම් මේ සිද්ධ වී ඇති කරුමය ගැන කම්පා වෙන බව නම් නිසැකය.එසේ හෘද සාක්ෂියක් නැති නිවටයන්ට අපට කීමට ඇත්තේ තොපි විසින් රාජපක්ෂ පවුලට මේ රට කොන්දේසි විරහිතව උකස් කොට නින්දිත ආකාරයෙන් පාවා දී ඇති බවය.
වහල් ඇමතිවරු………
පාර්ලිමේන්තුවේ රාජපක්ෂ කඳවුර නියෝජනය කරන නපුංසකයන් ගැන අපට ඇත්තේ දැඩි කණගාටුවකි.රාජපක්ෂවරුන් හපා විසි කරන මස් කටු ලොවමින් සිටින මෙි නපුංසක වාහෙලා තවමත් රාජපක්ෂ වරුන් වෙනුවෙන් ගයන ප්‍රශ්සති ගී ඇසෙන විටත් අපට ඔක්කාරය ඇතිවේ.එහෙත් හැමදාටම ඔය ආකාරයෙන් ප්‍රශස්ති වන්දනා වලංගු නොවන බව අපි ඒ වාහේලාට සිහිපත් කරමු.රාජපක්ෂ නඩයට සහලෝලා උණ ගන්නා දිනය උදා වූ දවසට උඹලාට ලේ බඩ යන බව නම් අපට විශ්වාසය.එදාට පහුගිය යහපාලනය පැරදවූ මහින්ද සුළං නැවත හමන්නට ඉඩක් නැති වන බවත් සිතා ගත යුතුය.තවමත් ඒ නැකත උදා වී නැති නිසා හැළියේ කකුළු ජවනිකා රඟන්නට උඹලාට චාන්ස් එක තිබේ.
රාජපක්ෂ හොර කල්ලිය සමග ඩීල් නැති………
මේ වනවිට රාජපක්ෂ වියරුවට එරෙහිව මිනිසුන් සැබෑ නායකත්වයක සිහින දකිමින් සිටී.මේ හෝරාවේ මිනිසුන් ගේ අපේක්ෂාවන් අතරේ අනුර කුමාර දිසානායක ,ජනරල් සරත් ෆොන්සේකා ,පාඨලී චම්පික රණවක ආදීන් ඉහළින්ම සිටී .අද සමාජයට අවශ්‍ය වී ඇත්තේ නසරානි චීවරකාරයන් ඔසවා ගෙන එන වඳ පීදුන මල හෝන්තු තක්කඩි නායකයන් නම් නොවේ.
රටේ විනය හදන්නට පුළුවන් ජාතියේ ජනතා හිතවාදී ප්‍රතිපත්තියක් සමාජගත කළ හැකි කණ්ඩායමක් හා නායකයෙක් රටට අවශ්‍ය ව බව අපගේ විශ්වාසයයි. ඒ අවශ්‍යතාව කෙසේවත් පුද්ගල සාධකයකට සීමා නොවිය යුතු බවටද අප තරයේ විශ්වාස කරමු.එහිදී අප මුලින් සඳහන් කළ නායකයන් එකට එක්වීම නම් රටට ඉතා සුබදායී කාරණයක් බවනු ඇත.