පොලිස් ඇමති සරත් වීරසේකර කොළඹ දිස්ත්රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ අංක එකට ඡන්ද කතිර ලබා ගනිමිනි.සරත් වීරසේකර ගේ ජිනීවා නාඩගම…...මහා දේශප්‍රේමියකු වීරෝදාර රණවිරුවකු හා වියතකු ලෙස ඡන්ද දායකයන් ගේ ඇගයීමට ලක් වූ ඔහුගේ සැබෑ ස්වරූපය අනාවරණය වූයේ පොලිස් ඇමති තනතුරට පත්වීමෙන් පසුවය.ඔහු එතෙක් කල් පොරවා ගෙන සිටි රණවිරු සිංහ හම එළිපිටම ගලවා දැමුවේ ජනරාල් සරත් ෆොන්සේකාය.විදේශගතව සිටින කැසිලිකාර අම්මණ්ඩිලා රොත්තක් හා ගොබ්බ දේශප්‍රේමීන් කිහිප දෙනෙකු සමග ජිනීවා ගොස් සරත් වීරසේකර කළ විකට රඟපෑම මෙරට ළිං මැඩි රිපෝටර්ලාට අප්පට සිරි සයිස් එකේ මහා වීරකමක් විය.ස්වෙච්ඡා නියෝජනයන් සඳහා ජිනීවා සමුළු සම්මන්ත්‍රණ ශාලාවේ වෙන් කර ඇති හිස් මැදිරිවල සිට අමුම අමු තකතිරු ප්‍රශ්න ඉදිරිපත් කරමින් සරත් වීරසේකර කළ සෙප්පඩ විජ්ජාව ජාත්‍යන්තර මාධ්‍යයට ආතල් දෙන නාඩගමක් වුවද මෙරට දෙකයි පනහේ පිංගුත්තර මාධ්‍යවේදීන්ට අමුතු වර්ගයේ දේශප්‍රේමී ත්‍රිලක් සපයන ප්‍රවෘත්ති විය.මාසයකට වතාවක් පමණ රණවිරු කුලප්පුව අවුස්සමින් තම නරඹන්නන් ගොනාට අන්දන ස්වර්ණවාහීනියට සරත් වීරසේකර ගේ ජිනීවා නාඩගම පැණි බේරෙන පට්ට රහ ස්ටෝරියක් වූයේය.සරත් වීරසේකර ජාත්‍යන්තරයට අභියෝග කළ දේශප්‍රේමියෙක් ලෙසට සමාජගත වූයේ මෙරට මෝඩ වාහිනී වලින් දුන් ඒ ප්‍රචාරයන් නිසාය.
වාහිනී වල කුලී කාර මාධ්‍ය කාරයන්…….සැබැවින්ම මේ වාහිනී වල කුලී කාර මාධ්‍ය කාරයන් ජිනීවා සමුළුව ගැන හෝ එහි අභ්‍යන්තරික කටයුතු සිදුවන න්‍යාය පත්‍රය ගැන මෙලෝ හසරක් නොදත් ගොබ්බයන්ය.සරත් වීරසේකර අමුතු මාදිලියේ ජාත්‍යන්තර දේශප්‍රේමියකු ලෙස ඉහලට එසවෙන්නේ ඒ නිසාය.සරත් වීරසේකර සහභාගි වූූයේ යැයි සදහන් වන ජිනීවා සමුළු වලදී ඔහුගේ කෙරුවාව ගැන කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක පළවී තිබෙනු අප දැක නැත.ඉන් තහවුරු කර ගත හැක්කේ මේ පොරගේ ජිනීවා සහභාගිත්වය තඹ පයිසෙකට වැඩකට ඇති දෙයක් නොවන බවය. ඔහුගේ මේ ගොන් පාට් කැසිලිකාර අම්මණ්ඩිලාට හා ගොබ්බ දේශප්‍රේමීන්ට නම් ආතල් වූ බව නම් සැකයක් නැත.
සිංහයකු ලෙස වෙස් මුහුණු බැඳගත් කැණහිලෙකුට වුවද සිය වර්ගයා හූ කියන විට නිකම් ඉන්නට බැරිය.ජංගි පොලිස් ඇමති……..පාර්ලිමේන්තු ගොස් පොලිස් ඇමතිකම ලබා ගත් සරත් වීරසේකරගේ සිංහ වෙස් ගැලවී ඇත්තේ ඒ නිසාය.සරත් වීරසේකර යනු නිකම්ම නිකම් නිකමකු බව මේ වන විට ඔහු විසින්ම තහවුරු කර ඇත්තේය.ඒ තහවුරු කිරීම පිළිබඳව අප තවදුරටත් අටුවා ටිකා ලියන්න අවශ්‍යද නැත.සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ කට ඇරියොත් කියවෙන්නේ ළාමක ටිං ටිං කතන්දරය.පියුමාලිගේ ජංගිය වාටියේ ඇති රේන්ද මෝස්තරය නලලේ ඇඳී තියෙන තුරු සරත් වීරසේකරට සම්ජ්ජාතියේදී නැවත වීරෝදාර රණවිරුවකු ලෙස සමාජය තුළ රඟපාන්නට ඉඩක් නම් නැති බව අපට විශ්වාසය.ඔහු එල්ලා ගෙන සිටි රණවිරු පදක්කම් වෙනුවට අද එතැන එල්ලීගෙන ඇත්තේ පියුමාලි ගේ ඇඳුම් බෑගයයි.“සරත් පවුර “එහෙත් මේ සරත් වීරසේකර තවමත් හිතාගෙන සිටින්නේ තමන්ට මේ රටේ අගමැති වීමට චාන්ස් එකක් තියෙනවා කියාය.ඔහු ඒ වෙන්ට අගමැති සිහිනයෙන් තවමත් මිදී නැත.ඒ සඳහා ඔහු කොහෙන්දෝ වටපිටා ඇහින්දාස් කූට්ටාලියන් පිරිසක් එකට එකතු කරගනිමින් “සරත් පවුර “නම් දේශපාලනික සංවිධානයක් මෙරට මැතිවරණ කොට්ටාශ මට්ටමින් ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ.මේ වාහේ සිතා ගෙන ඇත්තේ රාජපක්ෂ වරුන්ට කෙලවේගෙන යන විට සමාජය තුළ ඇතිවන හිස්තැන තම වාසියට ගැනීම විය හැකිය.ඒ සඳහා සිය පොලිස් ඇමති තනතුරේ වූ බලය අවභාවිතයේ යොදවමින් පවතින බවද අපට වාර්තාවේ.පොලිස් ස්ථානාධිපතිවරුඅද වන විට සරත් වීරසේකර තමන්ගේ ඕනෑ එපා කම් අනුව හැසිරෙණ පොලිස් රූකඩ ගොබ්බයන් රැසක් මෙරට පොලිස් ස්ථාන බොහොමයක ස්ථානාධිපතිවරු ලෙස පත් කරගෙන ඇත්තේ වෙන්ට අගමැති ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස විය හැකිය. සරත් වීරසේකර වර්තමානයේ මෙරට පොලිස් ස්ථාන බොහොමයකට ස්ථානාධිපති වරු ලෙස පත් කොට ඇත්තේ උප සේවා පොලිස් නිළධාරීන් වශයෙන් පොලිස් දෙපාර්ත මේන්තු සේවයට එක්වූවන් වේ.නීතිය හා අධිකරණ නඩු විභාග ගැන මොලෝ හසරක් නොදන්නා නමට පමණක් පොලිස් කාරයන් වූ මේ හැතිකරය දන්නේ තම දේශපාලන ස්වාමියා ගේ නියෝගවලට උම්බෑ කියන්නට පමණකි.සරත් වීරසේකරගේ අනාගත අපේක්ෂාවන්ට ගැලපෙන්නේද ඒ දීන බවයි.පොලිස් ස්ථානාධිපතිවරු……………සරත් වීරසේකර පොලිස් ඇමති ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට කර ඇති මේ විනාශය ඇතැම්විට ජනපති මිල්ටෙරි නන්දසේන හාංකාවිසියක් නොදන්නවා ඇත.මේ තකතිරුවා පොලිස් සේවයට කර ඇති හානියේ අවසන් ප්‍රතිඵළයේ බිල කවදා හෝ ලියවෙන්නේ ජනපති මිල්ටෙරි නන්දසේනගේ නමටය.උප සේවා පොලිස් නිධාරීන් රොත්තක් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත් කරමින් තම වෙන්ට අගමැති න්‍යාය පත්‍රය සූක්ෂමව දියත් කරමින් සිටින සරත් වීරසේකර මෙරට සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම සරත් පවුර සංවිධායක වරුන් පත් කර ගෙන ඇත්තේ ජනපති මිල්ටෙරි නන්දසේනගේ හා රාජපක්ෂ පවුලේ ඇස් වසා බව අපට සහතිකය.දැන් සරත් පවුරේ වැඩ සිද්ධ වෙන්නේ පොලිස් අමාත්‍යංශයේ ප්‍රතිපාදන වෙන් කරමින් බව අපට වාර්තා වී තිබේ.එපමනක්ද නොවෙි සරත් පවුරේ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කරමින් සිටින්නේ පොලිස් රෝහළෙහි පොලිස්ගත ඒඑස්පී තනතුරෙහි සිටින වෛද්‍යවරයකු වන සරත් වීරසේකරගේ පුත්‍රයාය.පොලිස් ඇමති ගේ අබ්බ ගොබ්බ ASP පුත්‍රයා……..දැන් අපට මෙහිදී බරපතල ප්‍රශ්ණයක් මතුවේ.ඒ පොලිස් සේවාවට අනුයුක්ත නිළධාරියකුට දේශපාලන ක්‍රියාකාරම් වල නිරත වීමට ඉඩ හසර නොමැති වීම පිළිබඳ ප්‍රශ්නයයි.ඇතැම් විට නීතිය පොලිස් ඇමති සරත් වීරසේකරගේ පුත්‍රයාට බල නොපවත්වනවා විය හැකිය.සරත් වීරසේකර පොලිස් ඇමති තනතුරෙහි වැඩබාරගන්නා දවසේ මේ පොලිස්ගත ASP පුත්‍රයා පොළිස් නිළ ඇඳුමෙන් සැරසී තාත්තා වැළඳ ගෙන ගොබ්බ රගපෑමක් කෙරුවේද ඒ නිසාය.පොලිස් ගත රාජකාරියේ නිරත වූවන්ට තම තානාන්තරයට අයත් නිළ ඇඳුමෙන් සැරසීමට නෛතික බලයක් පැවරී නැත.එහෙත් මේ ගොබ්බ පුත්‍රයාට ඇමති තාත්තාට ඒ පොලිස් නීති කතන්දර ගැන වැටහීමක් නැති බව නම් මෙම සිදුවීම මගින් අපට පැහැදිලි විය.සරත් පවුර නම් දේශපාලන සංවිධානය තුල රැස්වීම් පවත්වමින් පොලිස් ඇමතියාගේ පුත්‍රයා වර්තමානයේදීත් මේ සිදු කරමින් පවතින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානනීය කීර්ති නාමයට ගැරහීමයි.තමන්ගේ අප්පච්චා අගමැති නොව ජනාධිපති කරන්නට වුව දඟලන්නට හෝ සිහින දකින්නට ඕනෑම පුත්‍රයෙකුට අයිතියක් ඇති බව අපි පිළි ගනිමු.නමුත් රටේ පවතින නීතිය බල්ලාට දමමින් මෝඩ චූන් රඟන්නට ඉඩක් නැතිි බව අපි මේ වියපත් බඹර කුලේ අප්පච්චිටත් අබ්බ ගොබ්බ පුත්‍රයාටත් සිහිපත් කරමු.



