වෙනත්

හිටපු ප්‍රභල  LTTE නායකයන් යුධ හමුදා කදවුරුවල – ඝාතනයකට සුදානමින් ද ….?

Spread the love

වියෝන් ටීවී විශේෂ ප්‍රවෘතියක් පලකරමින් පිලිපීනයේ මාකෝස් ආකාරයේ පවුලක් වු රාජපක්ෂලා ගේ කැබිනට් මංඩලයම නියෝජනයට 05 දෙනෙකු සිටින බව ලෝකයටම පෙන්නා දී ඇත. ඒමාකෝස් ආකාරයේ සේම බ්‍රසීලයේ ආකාරයක් බවත් හෙලිකලේය. මේ වනවිට රාජපක්ෂලා ගේ පැවැත්ම වෙනුවෙන් චීන නමස්කාරය කරමින්, පසු ගිය එල් ටී.ටී.ඊ නායකයන් ආණ්ඩුවේ හමුදා බුද්ධි අංශ කැදවා රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත් මේ වනවිට අසල්වාසි ප්‍රභල බුද්ධි අංශයක් අනාවරණය කොට ඇත.

අප වෙතට එම සංවිධානය තුලින් ලැබී ඇති තොරතුරු අනුව ඉදිරි කාලය තුල විශේෂ ඝාතන කීපයක්ම සිදු කිරීමට යුධ හමුදා බුද්ධි සේවය එල් .ටී.ටී.ඊ නායකයන් ගේ සහාය අපේක්ෂා කර ඇති බව වාර්ත වේ. ඒ අනුව දැනට විශ්‍රාම ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවියට දැඩි තරජනයක් එල්ලවී ඇත. ශානිව ඝාතනය කරවීමට ගෝඨාභය ආණ්ඩුවේ යුධ හමුදා  බුද්ධි අංශ මේ වනවිටත් අවශ්‍ය සුදානම සිදු කරන බවත්, අප වෙත වාර්තාවේ.

එසේම ඉදිරි කාලයේදි නැගෙනහිර සිට ක්‍රියාතමක කරුණා යටතේ සිටින එල්. ටී.ටී.ඊ හිටපු සාමාජික යන් ගෙන් ගෝඨාබහය ගේ හමුදා බුද්ධි අංශ වැඩ කරගැනීමට නියමිත්ය . ඒ සදහා ජෙනරාල් ජගත් අල්විස්, සමඟ යුධ හමුදා බුද්ධි අංශයේ මේජර් මොහොමඩ් ද , කර්නල් මොහිදීන් යන අය සමඟ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින්ද, යොදවා ඇතැයි දැන ගැනීමට ඇත. ඒ අනුව ඉදිරි කාලයේදි ශ්‍රි ලංකාව තුල ත්‍රස්තවාදි ප්‍රහායක් හෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ සුවිශේෂිත ඝාතන සිදු කිරීමට ඉඩ ඇති බව අප රටේ නිතිගරුක ජනතාවට කල් තබා මතක් කරන්නෙමු .

ඒ නිසාම දැඩි අවධානයෙන් සිටීමට ජනතාව වග බලා ගත යුතුය. එසේම ශානි අබේසේකර වැන්නවුන් ගේ ආරක්ෂාව වහාම තහවුරු කිරීමට පොලිස්පතිවරයා ක්‍රියාකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like