උණුසුම් පුවත්

මෙන්න විරුවා ගේ හෙළුව……පොලිස් මුලස්ථානය චීනයට දී , ඇමති ඥාතියෙකුට මසක කුලිය රුපි; කෝටියක් ගෙවන පොලිස් ගොඩනැගිල්ල.

Spread the love

 තම උපන් භූමිය පිලිබදව නොසිතන ජනතාවක ගේ අනාගතය වදවී යාමය.   ඒ රටේ නිතිය හා සාමය පවත්නා පොලිසියේ මුලස්ථානය පරදේශක්කාරයන්ට අතයට ගනු දෙනුවට හිලව්කර රටේ අහිංසක ජනතාව ගෙන් උදුරා ගන්නා බදු  මුදලින් මේ වනවිට මසකට රුපියල් කෝටියක කුලියක් ඇමති ඥාතියෙකුට ගෙවමින් ඇත.

ගෝඨාභය රාජපක්ෂ නැමති ජනාධිපතිවරයා මෙරටට කරනු ලබන අපරාධයට ජාත්‍යන්තර අධිකරණයක් දි දඩුවම කල යුතුය. රටේ පොලිස් මුලස්ථානය හා ඒ අවට අක්කර  12.7 ක් භූමිය චීනයට පවරා දුන්නේ රටේ නිතිය හා සාමය පිලිබදව කිසිදු තැකීමක් නොකරය. මේ වනවිට කොළඹ මත් ද්‍රව්‍යනාශක කාර්යාලය පොලිස් මුලස්ථානයෙන් ඉවත් කොට ඇත. නාරාහේපිට ප්‍රදේශයේ දැන් කෝටියක් කුලි ගෙවාමින් ඇතත් තවමත් ඊට නිලධාරින්ට යාමට නොහැකිව අතරමන්ව ඇත. ඒ පිලිබදව පොලිස්පති පවා මුනිවටත රකින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

 දැන් පොලිස් නිලධාරින් උභතෝකෝටික ප්‍රශ්ණයකට මැදිව ඇත. ඒ පොලිස් මුලස්ථානයේ මත් ද්‍රව්‍ය කාර්යංශයට තිබු සිර මැදිරි මෙම ගොඩ නැගිල්ලේ නැත. ඒ වෙනුවට අළුතින් සිර මැදිරි ඉදිකිරීමට උවමනා උවත් මෙම ගොඩ නැගිල්ල රජයට කුලියට දී ඇත්තේ එක්තරා ප්‍රභල ඇමතිවරයෙකු ගේ ඥාතියෙකි.

ඔහු පොලිස්පතිට දැනුම් දී ඇත්තේ කිසිම හේතුවකට එම ගොඩනැගිල්ල තුල පොලිස් සිරමැදිරි තැනීමට තමා අනුමතිය දි නැති බවයි. ඒ නිසාම සරත් විරසේකර ද දැනුම් දි ඇත්තේ මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් අල්ල කොහේ හෝ රදවා ගන්න ලෙසටය. මෙයින් සිදුව ඇත්තේ පොලිස් නිලධාරින් හෙරෝයින් ජාවරම් කාරයන් අත් අඩංගුවට ගැනීමට ඉදිරිපත් නොවීමයි.

මත් ද්‍රව්‍ය නාශක කාර්යාලයේ එක් උසස් නිලධාරියෙක් කිවේ….

” අපිට දැන් මත් කුඩු ඇල්ලිල්ල එපා කරවලා තියෙන්නේ සැකකරුවන් අල්ලන් ගෙදර ගෙනියන්නද…..? කියන්නේ……..”

යැයි ඔහු ඉතාම අවඥාවෙන් ඇසීම නිලධාරින්  මානසිකව වට්ටා ඇති බවයි.  විරුවා ගේ හෙළුව දැන් රටේ ජනතාව ගෙඩිය පිටින්ම දකිමින් සිටි. ඒ නිසාම තවමත්  තණකොළ නොකා කිරි බත් කණ ජාතියක් දැකිය හැක.


Spread the love

Leave a Comment

You may also like