උණුසුම් පුවත්

සිරි ලංකාවේ දේශපාලන නාඩගම්කාරයෝ.

Spread the love

මෙරට ස්වර්ණවාහිනියේ මේ වන විට ප්‍රදර්ශනය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය අතිශයින් ජනප්‍රිය වී තිබේ.එම ටෙලි නාට්‍ය ආකාරයටම රාජපක්ෂ දේශපාලනයද නාඩගම් කාරයින්ගේ විහිළුකාර විගඩමක් වී ඇති බව පෙනෙන්නට ඇත.පසුගිය ජනාධිපතිවරණයේදී මිල්ටෙරි නන්දසේන දේශපාලන වේදිකාවේ අලෙවි කරන ලද්දේ රුසියාවේ ජනපති පුටින් හා සමාන කරමිනි.එදා මිල්ටෙරි නන්දසේන පට්ට වීරයකු ලෙස සමාජගත කළ දේශපාලකයන් කළාකරුවන් බුද්ධිමත් වෘත්තිකයන් ජනමාධ්‍ය කරුවන් අද හතර විලිලැජ්ජාවේ සමාජයට මුහුණ දෙන්නට පවා පැමිනෙන්නේ නැත.ඔව්නු සැම  දේශපාලන වේදිකා වල එදා  කළ  කී දෑ අද සයිබරය රස ගන්වන බයිට් වී ඇත්තේය.
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා යනු කිසිත් කර කියාගත නොහැකි අබ්බ  ගොබ්බ විගඩම්කාරයකු  බව මෙර⁣ට සමස්ත සමාජයම මේ වන විට වටහා ගෙන ඇත්තේය.එහෙත් සමාජය ඇත්තේ කිසිත් කරකියා ගත නොහැකි වටපිටාවකය. කෝවිඩ් වෛරසය නිසා සමාජයීය ආර්ථිකය බිඳ වැටීම හා  මහජන සම්බන්ධීකරණයේ පවතින දුරස්ථ භාවය එයට ප්‍රධාන හේතුව වී පවතී.පෝර හිඟය හේතුවෙන් රට තුළ තැනින් තැන අසංවිධානාත්මක අරගල මතු වෙමින් පැවතියද එම අරගලයන් පොදු ජන පෙරමුණු රජයේ ක්‍රියාකාරිත්වයට එතරම් බාධාවක් හෝ අවහිරයක් වී ඇතිි බවක් පෙනෙන්නට නැත. ග්‍රමීය මට්ටමින් ගොවි බිම්වල හා ධීවර ජනතාව කේන්ද්‍රීය කරගනිමින්  ඇතිවෙමින්  තිබෙන මෙම හුදකලා අරගලයන්  අසංවිධානාත්මක රංචු ගැසීමක් ලෙස හදුන්වා දීමට හැකි වන අතරම එහි දේශපාලනික ස්වරූපය මාධ්‍ය වොයිස් කට් දීමකට පමනක් සීමා වී ඇත්තේය.පොදුජන පෙරමුණු රජයට එරෙහිව ග්‍රාමීය මට්ටමින් මේ වනවිට පවතින ජනතා විරෝධය එක  සීරුවට පෙළට සිටුවන්නට ⁣තරමේ ප්‍රබල විපක්ෂයක් නොමැති වීම කණගාටු දායකය.
මේ පවතින වටපිටාව තුල විපක්ෂයේ සියළු පක්ෂ කොන්දේසි විරහිතව සංවිධානගත යුතුව පොදු ජන පෙරමුණු රජයට එරෙහිව නැගී සිටිය යුතු වෙතත් ඒ ඒ පක්ෂ තවමත් දේශපාලන භූමිය තුළ ක්‍රියාත්මක වෙමින් සිටින්නේ තම තමන් ගේ අනන්‍යතාව ආරක්ෂා වෙන ආකාරයට බෙදී වෙන් වෙන්ව සිටිමිනි.ඒ ඒ පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයන් බොහෝ දෙ⁣නෙකු සිටින්නේද ජනාධිපති සිහිනයේය.ඔවුන් බොහෝ දෙනෙකු සිටින්නේ තව දින ගනනාවකින් පොදු ජන පෙරමුණු රජය කඩා වැටෙන බවද ඉන් පසු තමන්ට ජනපති පදවියට පත් විය හැකියැයි ඇඟිලි ගනන් කරමිනි.එහෙත් මේ මනෝ විකාර සිහින පොදු ජන පෙරමුණු රජයට අදාල නොවේ.දේශපාලනයේ අලුගුත්තේරුවකු වූ අගමැති මහින්ද රාජපක්ෂ අති දක්ෂ  දේශපාලන චෙස් අදින්නෙක් බව දන්නෝ දනිති.ජනපති මිල්ටෙරි නන්දසේන ගේ පෞරෂය සිඳී ගොස් ඇතත් රාජපක්ෂ පවුලේ මගෝඩි දේශපාලන කෙරුවාව තවමත් සවිමත්ය.ඒ මගෝඩි රාජපක්ෂ කෙරුවාව විසින්  අළුත් අළුත් තුරුම්බු  විසි කරමින් මෙරට දේශපාලන භූමියේ බලය තහවුරු කරගනු ඇත්තේය.

පොදු ජන පෙරමුණුු රජය අවුලට පත්වන ආකාරයේ තීන්දු තීරණ ගණනාවක් ජනපති මිල්ටෙරි නන්දසේන විසින් ගෙන ඇතත් මතුව ඇති ඒ දේශපාලනික අවාසි සහගත තත්ත්වය සංවිධානාත්මකව කළමනාකරණය කර ගැනීමට විපක්ෂය අපොහොසත් වෙමින් තිබියදී ජනතාව ඇන්දීමට බැසිල් රාජපක්ෂ තුරුම්බුව  රාජපක්ෂ පවුලෙන් පිටියට දමා තිබේ.දේශපාලනයේ කට්ට කයිරාටික දූෂිතයකු වූ බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් අතර ප්‍රචලිත වී ඇත්තේ ටෙන් ප්‍රසන්ට් ලෙසය.ඒ සියයට දහයේ කොමිස් ඉල්ලන්නා විදියටය.බැසිල් රාජපක්ෂට ලැබී ඇත්තේ මුදල් ඇමතිකමය .රටේ ආර්ථික සංවර්ධනයට අදාල විෂය ක්ෂේත්‍රයන් ගනනාවක වගකීමද ඔහු වෙත පවරා තිබේ
මේ වනවිට පොදු ජන පෙරමුණු රජය වැටී ඇති අර්බුදය බැසිල් රාජපක්ෂ කෙසේ කළමණාකරණය කර ගනු ඇත්තේදැයි යන්න දන්නේ දෙවියන් වහන්සේ පමණකි.ඇමරිකානු පුරවැසියකු ලෙස ඔහු ඇමරිකන් හා ඉන්දියානු ලයින් එකට ඇතුළුවීමටද බැරි නැත.එහිදී මිල්ටෙරි නන්දසේන ⁣සෙවනැල්ල ලෙස සි⁣ටින චීනය නොරොක් වන බව නම් සහතිකය.
කෙසේවෙතත් ⁣මෙම උණුසුම් දේශපාලන වටපිටාව තුළ අපට වාර්තා වන රසවත් සිදුවීම්ද වේ.සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවේ සම්භාහන මධ්‍යස්ථාන විවෘත නොකළ යුතු බවට උපදෙස් දී තිබුණද ඒ උපදේශය  මිල්ටෙරි නන්ද සේන විසින් ඉවත් කළ බවද අපට දැනගන්නට තිබේ.ඇතැම්විට ජනපති මිල්ටෙරි නන්දසේන  මෙරට  ජනතාව දැන් ඇත්තේ  ලිංගික ආශාවෙන් දැඩි පීඩනයකට ලක්ව යැයි සිතනවා විය යුතුය.ඒ පීඩනය අඩු කිරීමට ඔහු සම්භාහන මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් දුන්නා විය හැකිය.
ඒ අතරේ රටේ අගමැති තනතුරට සිහින දකිනන් පිරිසක් පොදුජන පෙරමුණු රජය පාර්ශවයෙන්ම අපට වාර්තාවී තිබෙි .මෙලෙස අගමැති සිහිනයේ සිටිනන්නන්ගේ බිරින්දෑ වරුන් දැන් කට්ටඬියන් කපුවන් හා සාස්තරකරුවන් හා පුද පූජා පවත්වමින් සිටී.එලෙස අගමැති සිහින දකින එක් තැනැත්තකු වන්නේ හමුදාපතිි ශ⁣වේන්ද්‍ර සිල්වාය.කපුවකු ලෙස පෙනී සිටින ගොබ්බ මානසික ලෙඩෙකු අල්ලාගෙන සීනිගම දේවාලයට සතියක් පාසා පැමිනෙන හමුදාපති වරයා පුද පූජා පවත්වන්නේ මෙරට අගමැති වීම සදහා බව සීනිගම දේවාලයෙන් අප වෙත වාර්තා වී තිබේ.
රත්ගම  මැතිවරණ කොට්ඨාශයේ පිහි⁣ටි සීනිගම දේවාලයද පොදුජන පෙරමුණු දේශපාලඥයන්ගේ මැතිවරණ කාර්යාලයක් වන තරමට එහි නායක කාරකාදීන්ගේ පුද පූජා පවත්වන ස්ථානයක් බවට පත් වී තිබීම මෙරට දේශපාලනයේ මෝඩ තකතිරු කම තව දුරටත් තහවුරු  කරයි.පසුගියදාා සීනිගම දේවාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට ගන්නා ලෙසට රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී  වරු පූජාවක් පැවැත්වූ බව ජනමාධ්‍ය වාර්තා කෙරිණි.මෙය රාජපක්ෂ වරුන්ගේ නියෝග මත වුවක් බවට ඉතා පැහැදිලිවන කාරණයක් බැසිල් රාජපක්ෂ ආගමනයත් සමගම ඒ හා බද්ධව සිදුවූ සිදුවීමකින් අනාවරණය වේ.ඒ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වන අවස්ථාවේ රත්ගම  මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු සංවිධායක නීතිඥ මොහාන්ද සිල්වාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමය.හරි විදියට රාජපක්ෂවරුන්  ඒ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා ⁣දුන්නේ සීනිගම දෙවියන්ට බව අපට සිතා ගන්නට පුළුවන.
ඒ අවු අස්සේ දේවාල වන්දනාවේ යන අනෙක් වෙන්⁣ට අගමැති වරයා වන්නේ වෛද්‍ය සංඟමයේ සභාපතිි වෛද්‍ය පාදෙනිය වේ.සිය ජන්ම පත්‍රයේ රටේ අගමැති වරයා වීමට අවස්ථාව හිමිවන බවට සදහන් වෙතැයි සිය හිතවතුන්ට ප්‍රකාශ කරන වෛද්‍ය පාදෙනිය දැන් දේවාල වන්දනාවේ යමින් සිටී
කෙසේවෙතත් මේ කට්ටඩි ගුරුකම් කරමින් දේවාල වන්දනාවේ යන මේ “වෙන්ට  අගමැති වරුන්ගේ “එකම අපේක්ෂාව මහින්ද රාජපක්ෂ ඉක්මනින් වලපල්ලට යැවීම බව අපට සිතේ.

 

 

 


Spread the love

Leave a Comment

You may also like