වෛද්‍ය රංග වීරක්කොඩි යනු යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයාය. පසුගිය කාලයේ ඔහුට එරෙහිව බලවත් චෝදනාවක් ආවේය. ඒ උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් වකුගඩු විකිනීමට පොලඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන්ව කොලඹට පමණක් නොව ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රට වලට පැටවීම නිසාය.
වාර්තා වන පරිදි තැරැව්කරුවන් විසින් උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වෙත යොමු කෙරේ. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඔවුන්ව පරික්‍ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොලඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිනීම සිදු කරයි.
මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්‍ෂ 5 පමණ ලැබෙන අතර රංග මිගාර වීරක්කොඩිට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙලෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරයි. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි.
මිනිස් අවයව ජාවාරම නීති විරෝධී වූවද උතුරේ දුප්පත් තරුණයන් බිල්ලට ගෙන වර්තමානයේ වකුගඩු ජාවාරම ක්‍රියාත්මක වෙයි. මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ද්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි.
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් මේ වන විට අති විශාල මුදලක් වකුගඩු ජාවාරම හරහා උපයා ගෙන තිබේ. මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිනිලි ලැබී තිබුනද වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට එරෙහිව කිසිදු පරීක්‍ෂණයක් සිදු කෙරුනේ නැත. සිදු කෙරුනේ ඔහුව යාපනය රෝහලේ සිට පොලොන්නරුව රෝහල දක්වා මාරු කිරීම පමණි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යාපනයෙන් මාරුවී ආවද උතුරේ වකුගඩු මාෆියාව නැවතී නොමැත. දුප්පත් ද්‍රවිඩ තරුණයන් ඉලක්ක කර ගනිමින් එය තවමත් ක්‍රියාත්මක වෙයි.