උණුසුම් පුවත්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය වරිය සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථකයි. – වර්ජන ක්‍රියාමාරගය අඛණඩව (රවී කුමුදේශ් සභාපති )

Spread the love

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණඩලය සමග අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවේදී, ඉල්ලීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ඇඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී.
ප්‍රධාන ගැටළු කිහිපය සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ධනාත්මක අභිලාෂය හැගවීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට සතියක අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළිය. එබැවින් මෙම ගැටළුව විසඳීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බැවින්, ඊට මැදිහත් වෙන ලෙස අප ඉල්ලා සිටිමු.
ඒ අනූව වර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව කණගාටුවෙන් දන්වමු
රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

Spread the love

Leave a Comment

You may also like