රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු නීති විරෝධී වකුගඩු ජාවාරමේ යෙදෙන වෛද්‍යවරු ආරක්‍ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි. විරෝධී වකුගඩු ජාවාරම් වලට සම්බන්ධ බවට ඉන්දියානු පොලීසිය විසින් ලබා දුන් තොරතුරු සහ ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය විසින් කල පරීක්‍ෂණ අනුව වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය , මහාචාර්‍ය රිස්වි ශෙරීෆ් ගේ දියණිය වන වෛද්‍ය හබීබා ෂෙරීෆ් , වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඇතුළු තවත් වෛද්‍යවරු කිහිප දෙනෙකු සම්බන්ධ බව සොයා ගැනුනි. මෙම වකුගඩු ජාවාරම පිලිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ගේ මූලිකත්වයෙන් යුතුව කමිටුවක් පත් කලද සියළු පරීක්‍ෂණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම් මත යටපත් කරන ලදි. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටුව අක්‍රිය කරන ලද අතර නීති විරෝධී මිනිස් අවයව ජාවාරමට සම්බන්ධවූ වෛද්‍යවරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ නැත. එසේම වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත. මේ නිසා වකුගඩු මාෆියාව මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියාට අළුත්ම මෝටර් රථයක් තෑගි දෙන ලදි.
සෑම වසරකම 1500 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් තම වකුගඩු විකුණති. නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි. වකුගඩු මාෆියාවට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු බවට මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් සහ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී (ජ.වි.පෙ) වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අවධාරණය කලද වකුගඩු මාෆියාවේ මාසික ගෙවීම් වලට යටවූ බලධාරීන් ඒ පිලිබඳව නිසි ක්‍රියා මාර්ගයක් ගත්තේද නැත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ විශාලතම මිනිස් අවයව වෙළඳපොල බවට පත්වී තිබේ.