චන්න ජයසුමන ගේ ආචාර්‍ය උපාධිය බොරුවක් බවත් ඔහු ව්‍යාජ සුදුසුකම් පෙන්වා මහජනතාව නොමග යවා තිබෙන බවත් මෑතකදී මාධ්‍ය වල පළ විය. මේ නිසා චන්න ජයසුමන ගේ ආචාර්‍ය උපාධියේ ඇත්ත කතාව සෙවීමට අප උත්සුක වූයෙමු.
වෛද්‍ය විද්‍යා අවසන් විභාගයේදී චන්න ජයසුමනට ක්ලාස් එකක් හෙවත් ගෞරව පන්තියක් නොමැත. ඔහු පශ්චාත් උපාධිය සඳහා කැළනිය විශ්ව විද්‍යාලයට අයදුම්පතක් ඉදිරිපත් කලේය. එහෙත් එම අයදුම්පතේ ඔහු වංචනික ලෙස ව්‍යාජ අධ්‍යාපනික සහතික ඉදිරිපත් කිරීම නිසා එම අයදුම්පත ප්‍රතික්ෂේප විය. මේ බව සනාත කරන්නේ කැළනිය විශ්ව විද්‍යාලයේ උප කුළපතිනිය වන මහාචාර්‍ය නිලන්ති ද සිල්වා ය. මේ නිසා ඔහු පශ්චාත් උපාධිය සඳහා රජරට විශ්ව විද්‍යාලයට දෙසට හැරුණි. මේ සඳහා හේතු කීපයක් තිබුණි. රජ රට විශ්ව විද්‍යාලය ඔහුගේ අධ්‍යාපනික සහතික හරි හැටි පරික්ෂා කලේ නැත. ඔවුන්ට ඊට උවමනාවක් ද නොවීය. තවද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය සිසිර සිරිබද්ධන ඔහුගේ මිතුරෙකු විය. ප්‍රජා මෙන්ම දේශපාලන සබඳතා තිබූ චන්න ජයසුමන තමන් ගේ ගෝලයෙකු කර ගැනීම මගින් තමන් තවත් ශක්තිමත් වන බව සිසිර සිරිබද්ධන හොඳින්ම දැන සිටියේය. මේ නිසා රජරට විශ්ව විද්‍යාලය මෙම කූට ආචර්‍ය උපාධිය සඳහා තෝ තැන්නක් විය.
මහාචාර්‍ය සිසිර සිරිබද්ධන යනු 1988 / 89 ජවිපෙ 2 වැනි කැරැල්ල කාලයේදී සක්‍රියව සිටි සාමාජිකයෙකි. තවද කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කිරීමේදී කැංගරු උසාවියේ සිටි සාමාජිකයෙකි. විශ්ව විද්‍යාල තනතුරු වලට පත්වීම සඳහා සිසිර සිරිබද්ධන දේශපාලකයන් පසුපස ගිය බව නොරහසකි. එසේම ඔහු දුර්වළ පරිපාලකයෙකි. රජ රට විශ්ව විද්‍යාලයේ තමන් ගේ ආස්ථානය ස්ථාවර කර ගැනීම සඳහා ඔහුට එහෙයියන් අවශ්‍ය විය. මේ නිසා ආසනික් සහ නාථදෙවි ප්‍රොජෙක්ට් එක හරහා දේශපාලන ගමනක් ආරම්භ කරමින් සිටි චන්න ජයසුමනට ඔහු සහාය දෙන්නේ මතු බලාපොරොත්තු ඇතිවය. ඔහු චන්න ජයසුමන ගේ ආචාර්‍ය උපාධි ව්‍යාපෘතියට සහාය දුන්නේය. විෂවේදය පිළිබඳ ආචාර්‍ය උපාධියක් පිරිනැමීමට උවමනා ආයතනික සුදුසුකම් රජරට සරසවිය සතුව නොමැති වූවද මෙම ව්‍යාජ ආචාර්‍ය උපාධිය සඳහා තවත් මහාචාර්‍යවරු කිහිප දෙනෙකුගේ සහය් ලබා ගැනීමට චන්න ජයසුමන සමත් විය.
ආචාර්‍ය උපාධියක් සඳහා මූලික සුදුසුකම් චන්න ජයසුමනට නොමැති වූවද මහාචාර්‍ය සිසිර සිරිබද්ධන ගේ අනුග්‍රහය මත රජරට විශ්ව විද්‍යාලය ඔහුට අත දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රජාවේ බොහෝ දෙනෙකු දන්නා පරිදි චන්න ජයසුමනට ඉහල ඉංග්‍රීසි දැණුමක් නොමැත. එම නිසා ඔහුගේ ආචාර්‍ය උපාධියේ තීසීසය ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන්නේ මහාචාර්‍ය සිසිර සිරිබද්ධන ගේ අතිනි. චන්න ජයසුමන ගේ ආචාර්‍ය උපාධියේ තීසීසය අන් අයෙකු ලියූවක් බව මහාචාර්‍ය නලීන් ද සිල්වා පවා ප්‍රකාශ කොට තිබේ. චන්න ජයසුමන පවසන අන්දමට ඔහු California State University, Long Beach හි අධ්‍යනය ලබා තිබේ. මෙයද විශාල බොරුවකි. ඔහු ඇමරිකාවේ සිටින මහාචාර්ය සරත් ගුණතිලක නම් පුද්ගලයෙකුද තම ආචාර්‍ය උපාධිය සඳහා ඈඳා ගෙන මගඩියක් කලේය. තමන් අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා සගරාවල පර්‍යේෂණ පත්‍රිකා 25 කට වඩා පල කර ඇති බව චන්න ජය සුමන පවසයි. එහෙත් මේවා ලියවුනේ කාගේ අතින් ද බව ඔහු නොකියයි. වර්තමානයේ ඔහු රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්‍ය පදවියක් දරයි. ඖෂධවේදය පිළිබඳව චන්න ජයසුමනට සාමාන්‍ය වෛද්‍යවරයෙකු සතු දැණුමද නොමැති බව ඔහු යටතේ සේවය කරන කනිෂ්ඨ කථිකාචාර්‍යවරු පවා පවසති.
චන්න ජයසුමනගේ ආචාර්‍ය උපාධිය යනු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ සිදු කල විශාලතම බුද්ධිමය අපහරණයයි. තමන් ගේ වාසිය සඳහා එක්වූ මහාචාර්‍යවරු කිහිප දෙනෙකු විසින් වකුගඩු සහ නාථ දෙවි ප්‍රොජෙක්ට් එකක් අටවා ගෙන දේශපාලන ගමනක් යමින් සිටි තරුණයෙකු ඉහලට ඔසවා තැබුවේය. යම් දිනක මේ මහාචාර්‍යවරු විසින් චන්න ජයසුමන ගේ ආචාර්‍ය උපාධි නිබන් ධනය පමණක් නොව ඔහු ලියූ බවට කියන අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා සගරාවල පර්‍යේෂණ පත්‍රිකා තමන් විසින් ලියා දුන් බව කියමින් චන්න ජයසුමනව හෙලා දකිනු ඇත. එය ඉතිහාසය පුරා සිදුවී තිබේ.
බොරුව හෙලා දකින විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරු පිරිසක් විසිනි