උණුසුම් පුවත්

ජනතා නිතිඥයන් ගෙන් පින් අතේ වැඩක්

Spread the love

2017 වසරේ පටන් මාදම්පේ පොලිස් වසමේ දෙදරු පියෙකුට ඇතිව තිබු ගැටළුවක් පිලිබදව ලැබුණ තොරතුරකට වහාම ක්‍රියාත්මක වු ප්‍රංශයේ පදිංචි මනෝරි නැමති ශ්‍රි ලාංකීය මව එම ගැටළුවට නිට්ටාවටම පිලියම් යෙදීමට සමත් වුවාය . ඒ පිලිබදව ජනතා නිතිඥයෝ වෙතට දැනුම් දීමෙන් අනතුරුව එම කණ්ඩායමේ මෙහෙය වීමෙන් අචලා සෙනවිරත්න,සේනක පෙරේරා, ප්‍රධාන නිතිඥ   පිරිසක් ඉතාම කැපවීමෙන් තම නිතිඥවෘත්තිය,  කොළඹට සීම නොකොට වහාම මාදම්පේ පොලිස් වසමට ගොස් නොමිලේම එම තරුණ දෙදරු පියා හමුවි  ඔහු හා ඔහු ගේ අසරණ දරු දෙදෙනාට පිහිට වී ඇත.

එම නිතිඥ කණ්ඩායමේ කැපවීම නිසාම වයස අවු රුදු 09 ක් හා අවුරුදු 06 ක දරු දෙදෙනාව පියා ගේ මානසික අසනිපය නිසා ඉතාම ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කල හැකිවිය. මෙම සිදු වීමට පෙර දින  තරුණ පියා දැඩි මානසික ව්‍යාකුලත්වයට පත්ව පලාතේ පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් අබේනායක නිලධාරියාට ඉතාම අශෝභන ලෙසට බැන වැදුනත් මාදපේ පොලිස් ස්ථානාධිපතිවරයා සමස්ථ පොලිස් නිලධාරින්ටම ආදර්ශමත් ආකාරයෙන් සිනහමුසු මුහුණින් එම මානසික රෝගියා ඉදිරිපිට හැසිරීම පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් ආඩම්බරයකි. මාදම්පේ පොලිස් ස්ථානාධිපති රංජිත් අබේනායක මහතා ගේ එම ක්‍රියාකලාපය ඉතාම ප්‍රසංසනීය බව ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ (IODPP ) ඇඟයීමට ලක් විය .ඒ පිලිබදව පොලිස්පතිවරයාට මේවන විටත් වාර්තා කොට ඇත.

ජනතා නිතිඥයන්ගේ ඉල්ලීම මත ඒ සදහා කැප වු   හලාවත අධිකරණයේ ශානක උදයන්ග මහතා ගේ ද මැදිහත් වීමෙන් සිකුරාදා දින හලාවත මහේස්ත්‍රා අරුණ බුද්ධදාස මහතා වෙතට දෙදරු පියා සමඟ දරු දෙදෙනාද කැදවීමට නොතිසි කොට තිබුණි.  B 822/21 යටතේ කැදවු මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා මෙම මානසික රෝගි පියා ගේ දීර්ඝ කතාවට ඇහුන් කන් දීමට තරම් නිහතමානි වී ඇත. බෙහෝ ආයතන වල මෙන්ම අධිකරණයේත් ඇති කාර්යය බහුලතාවය නිසාම පුද්ගල ගැටළුවලට ඇහුන්කන් නොදීම සමස්ථ ප්‍රශ්ණවලට හේතුවක් වී ඇති බව බොහෝ සිද්ධීන් අධ්‍යනයේදි පෙනියයි. හලාවත ගරු මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ගේ මෙම ඇහුන්කන් දීම මානසික රෝගි කැදවුම්කාර එම පුද්ගලයාට මහත් ඇස්වැසිල්ලක් වු බව නිතිඥ ශානක උදයන්ග මහතා හා පොලිසිය පවසයි.  

 ජනතා නිතිඥයෝ සංවිධනයේ මුලිකත්වයෙන් IODPP සංවිධානය ඊට මැදිහත්ව පොලිසිය සමඟ එකව ක්‍රියාකර ඇත. එසේම මෙහිදි ගරු මහේස්ත්‍රාත්වරයා ඒම දරුවන් දෙදෙනා ලමා නිවාසයකට භාර දීමටත් පියා ට ප්‍රතිකාර ගැනීමටත් යොමුකරමින් නියෝග කොට ඇත.

ඒ අනුව සිදුවීමට ගිය ජීවිත හානියක් හා කුඩා දරුවන් ගේ ජීවිත විනාශ වීමේ අවධානමෙන් මුදා ගැනීමට හැකි විය. එය එක්තරා ආකාරයක මහත් පුණ්‍යකරමයකි. එම අවස්ථාව මනාව කලමනාකරණය කල ජනතා නිතිඥයෝහි නිතිඥ සේනක පෙරේරා, අචලා සෙනවිරත්න ,නාමල් රාජපක්ෂ ,මංජුල පතිරාජ යන මහත්ම මහත්මීන් ද  ජනබල පවුරේ සිවිල් ක්‍රියාකාරිකයන් ද ඊට සහභාගි වී ඇත. මෙය ජනතා නිතිඥයෝ සංවිධානය කොළඹින් පිට සිදුකල සමාජ සත්කාරයකි.


Spread the love

Leave a Comment

You may also like