Spread the love

කඩිනම් අවධානය සඳහා නිකුත් කරනු ලැබේ.
මෙම ලිපියට අදාල අනෙකුත් ලිපි හා සාකච්ඡා සටහන්ද මේ සමඟ අමුණා ඇත
මගේ අංකය: JCPSM/Gen/2021 (16)
දිනය: 2021.07.02
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01
* 2021.07.03 දින සිට ක්‍රියාත්මක, පරිපූරක වෛද්‍ය සේවාවේ
හදිසි විරෝධතාවය හා අඛණ්ඩ වැඩවර්ජනය*
පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව නොවිසඳුනු ගැටළු මෙන්ම ඒක පාර්ශ්වික සාකච්ඡා මඟින් අර්බුධකාරී තත්වයක් පැන නැඟිය හැකි යැයි පූර්ව වශයෙන් පෙන්වා දෙමින් ඔබතුමන්ටද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය ලේකම්තුමා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සහ අවශ්‍යතා පිළිබඳව මගේ අංක JCPSM/Gen/2021 (15) දරණ 2021.07.01 ලිපිය හා අංක JCPSM/Gen/2021 (14) දරණ 2021.06.25 ලිපිය පිළිබඳවත් හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාලව 2019.08.07 දින ගරු සෞඛ්‍ය ඇමාත්‍ය වරයා සමඟ පැවති සාකච්ඡාවට අදාල සාකච්ජා සටහන පිළිබඳවද ඔබගේ කාරුණික අවධානය යොමු කරවමි.
ඒ අනූව සමාන්තර සේවා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොදක්වමින් අදාල ඉල්ලීම් පිළිබඳව ඔබතුමා විසින් ගනු ලැබූ තීන්දු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි මඟ පෙන්වීමක් සිදු නොකිරීම හේතුවෙන් අදාල ඉල්ලීම් පිළිබඳව බරපතල අසාධාරණයක් සහ නව අර්බුධ රැසක් නිර්මාණය කර ඇත.
පරිපූරක වෛද්‍ය සේවාවට සිදු කරන ලද එකී නොසලකා හැරීමට එරෙහිව අපගේ විරෝධතාවය පළ කරන අතරම, තීන්දු ගැනීම්දී සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
ඊට අදාලව අප සාමාජිකත්වය බරපතල නොසන්සුන්තාවයකට පත්ව ඇති බැවින් හෙට උදෑසන 8.00 සිට සියළු පරිපූරක වෛද්‍ය සේවාවන් වලින් ඉවත් වන බවත්, 2021.07.05 දින සිට අදාල නිවැරදි කිරීම් සිදු කරන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවත් ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.
ස්තුතියි!
මෙයට විශ්වාසී
රවී කුමුදේශ්
සභාපති       
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය   

Spread the love

Leave a Comment

You may also like