පොලිස් ඉතිහාසයේ අන්කවරම දාකවත් නොවු ආකාරයෙන් රාජපක්ෂලා තම පවුලේ නඩු උඩු යටිකුරු කරමින් ඇත. ඒ වර්තමාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂක ලෙසට පසු ගිය දා පත්ව පැමිණි ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහලා එකතුවයි.
පසු ගිය 28 වනදින රාත්‍රි 11 ට පමණ CID යට උදයංග වීරතුංග හා නිතිඥයන් 03 දෙක් පැමිණ ඇත. ඒ පැමිණි වහාම මිග් යානා කොමිස් ගැසීමේ අපරාධ විමර්ෂණයට අදාල සියලුම විමර්ෂණ ෆෑඩ් හා ඊට අදාලව සටන් පිටපත් ගෙන ඇත. රාත්‍රි 11ට පමණ පැමිණි උදයංග ඇතුළු පිරිස පිටව ගොස් ඇත්තේ අළුයම කාලයේදීය .
ඒත් 30 වන දින රාත්‍රි නැවත වරක් ඒ ආකාරයටම පැමිණ විවිධ අපරාධ විමර්ෂණ සටහන් කියවමින් ඒවා පිටපත් කොට ඇත. මේ ආකාරයේ පාසැල් ළමුන් 11 ක් පැහැර ගෙනයාම හා තවත් අපරාධ දෙකක විස්තර ලබාගෙන ඇත. මේ වනවිට පාසැල් ළමුන් 11ක් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා නොදුන් විට අතුරු දහන් කිරීමේ චුදිතයන් ලෙසට අධිකරණයේ චෝදනා ලැබ ඇත්තේ නාවික හමුදාවේ හිටපු හමුදාපති ඇතුළු පිරිසකි. මිග් යානා ගනුදෙම්නුවේ චුදිතයන් ජනාධිපති ගේ උවමනාවට හා දැනුම් දීම මත මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ සටහන් හා රහසිගත තොරතුරු කියවා බලා පිටපත් ගැනීමට ඉඩ දෙනවානම් දැන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙනි ඉන්නේ මිනිමරුවන් හා චුදිතයන් වෙනුවෙන් දැයි රටේ ජනතාවට ප්‍රශ්ණයක් ඇත.
එහි වරදක් නැත. ඒ රටේ ජනාධිපතිත් අපරාධ චෝදනාවට ලක්වු අපරාධකරුවෙකි. ඒත් ජනාධිපති මුක්තිය නිසා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් විය. අපරාධකරුවෙකු තම රැහේ උන් වෙනුවෙන් පෙනි සිටීම උන්ගේ ක්‍රමවේදයයි .
ඒ නිසා හෙට අනිද්දා……
” සාක්ෂි නොමති නිසා පැමිණිල්ල ඉදිරියට ගෙනයාමට නොහැකි බව…”
නිතිපතිය අධිකරණයට කියනු ඇත. එවිට පාසැල් ලමුන් 11 දෙනා පැහැරගෙනයාමේ හා මිග් ගනු දෙනුවේ සියලු චුදිතයන් නිදොස් කොට නිදහස් වෙන බව එයද ඔබ පැතු සෞභාග්‍යය.