උණුසුම් පුවත්

හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ ඝාතනය විහිළුවට ගෙන, ගුවන් හමුදාවේ කීර්ති නාමය වැනසූ මෝඩ තකතිරු අපතයෙක් (විඩියෝ සහිතයි )

Spread the love

පසුගියදා ස්වර්ණවාහිනීය විකාශනය කරන ලද හිත ඉල්ලන තරු විශේෂාංගයේදී සිදුවූ ඉතා අසික්කිත අවමන් සහගත ක්‍රියාවක් පිළිබඳව අප අපගේ දැඩි පිළිිකුළ හා අප්‍රසාදය පළකර සිටිමු.රංගන සිල්වා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනට එදින සහභාගි වී සිටියේ යුද ගුවන් නාවික හමුදාවලට අයත් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් තිදෙනෙකුත් පොලිස් පරීක්ෂක වරයෙකු  හා වෛද්‍යවරියන් දෙදෙනෙකු හා හෙදියකි.

රසාස්වාදය සඳහා සිල්ලර සංගීත වැඩ සටහන…..
මෙම වැඩසටහන  හුදු රසාස්වාදය සඳහා විකාශනය කෙරෙන සිල්ලර සංගීත වැඩ සටහනකි.නරඹන්නන්ගේ හැඟීම් අවුුුුස්සමින් වැඩ සටහන මෙහෙයවන කට වාචාල රංගන සිල්වාට එම වැඩ සටහනේදී සිදුවූ මේ පිළිකුල් සහගත සිදුවීම පිලිබඳව අදහසක් නැතුවා වන්නට පුළුවන. ඒ මන්ද යත් රංගන සිල්වා යනු සිල්ලර තුට්⁣ටු දෙකේ නිවේදකයෙක් යැයි අපට තක්සේරුවක් ඇති බැවිනි.
⁣එදින වැඩසටහනට සහභාගි වූ ගුවන් හමුදාවේ නිළධාරියා ගුවන් හමුදා නිළ ඇඳුමේ ගෞරවය හා අභිමානය කෙලසාලමින් නාසයෙන් හා කටින් දැක්වූ විකාරරූපී රංගනය හා නිවේදනය අසා සිටින්නට බැරි තරමට අවමන් සහගතය.
ජනපති ආර් ප්‍රේමදාස මහතා ඝාතනය…..
සැබවින්ම ඔහු එහිදී විකාරරූපීව නිවේදනය කරමින් පෙන්වූයේ මෙරට සිටි ජනපති ආර් ප්‍රේමදාස මහතා ඝාතනය වූ දින ගුවන්  විදුලි සංස්ථාව අපහාසත්මකව එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලදැයි මතුවෙන අදහසකි.⁣මේ ගුවන් හමුදාවේ කබ්බෙක් නොවේ.වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.එහෙත් මේ අවස්ථාවේ ඔහුගේ නිරූපනය නම් අමුම අමු ගොබ්බය.රණවිරු කම පාවා දෙන්නකි.
මේ ගුවන් හමුදා ගොබ්බයා ඒ ආකාරයෙන් දෙකේ පන්තියේ රංඟනය පි⁣ටු පස දේශපාලනික කතන්දරයක් ඇති බව ලංකා දවසට අනාවරණය විය.මෙය  ස්වරණවාහිනියේ රංඟන සිල්වා නිවේදක බබා ගේ පූර්ණ දැනුවත්  භාවය මත සිදුවූවක් බවද අපට තොරතුරු හෙළි වී තිබේ.ඒ මෙම වැඩසටහන විකාශය කිරීමට පෙර ඒ හා පෙරහුරු වැඩසටහනක් පවත්වා තිබෙන බැවිනි.
තීනියාවල පාලිත උන්නාසේ⁣ට සජබ නායක සජිත් ඇලජික්……..
සැබැවින්ම මේ ගුවන් හමුුදා මොංඟල් ගොබ්බයා ඉතා සැළසුම් සහගතව  ගන්නේ සිය පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයේ අවශ්‍යතාව සපුරාලීමටය.මෙි නරුමයා වෙන කවුරුත් නොවේ.එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවය නියෝජනය කරන තීනියාවල පාලිත උන්නාන්සේගේ එක කුස උපන් සහෝදරයාය .තීනියාවල පාලිත උන්නාසේ⁣ට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇලජික්ය.
එම සජිත් විරෝධය ඒ උන්නාන්සේගේ  සොහොයුරා විසින් ප්‍රකාශනයට පත් කෙරුවේ මෙවැනි අවලම් ක්‍රමයට බව අපගේ අදහසයි.රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වූයේ එල්ටීටී බෝම්බ ප්‍රහාරයකිනි.එය එසේ වන විට මේ ගුවන් හමුදා මෝඩ තකතිරුවා එම එල්ටීටී ප්‍රහාරය අද දවසේ අගය කරන්නේය යන්නද යමෙකුට සිතිය හැක.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙරට දුප්පත් ජනතාව නියෝජනය කල එදා මෙදා තුර බිහිවු විශිෂ්ඨ නායකයෙකි. එවනි රාජ්‍ය නායකයෙකු ගේ වියෝවක් තිනියාවල පාලිත උන්නාන්සේගේ පවුලේ උන්ට විහිළුවක් වුවත් එම වියෝවය අදටත් මෙරට දේශපාන ආරථික හා සාමාජීය හිදසකි. එය තිනියවල පාලිතලා ගේ තුට්ටු දෙකේ විරුවන් ගෙන් පිරවිය නොහැකි බව අපි දනිමු.
සැබැවින්ම මේ ගොබ්බ ගුවන් හමුදා ඡ්‍යෙෂ්ඨයාගේ එදින වූ ගෝත හැසිරීම් ප්‍රකාශනය පිළිබඳව ස්වර්ණවාහිනිය හා ගුවන් හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් සමාව ගත යුත්තේය
එය එසේ කරන ලෙසට ස්වර්ණවාහිනියට හා ගුවන් හමුදාපති වරයාට බල කරන ලෙසටද ලංකා දවස ඔබ සැමගෙන් ඉල්ලා සිටී.

 

 



Spread the love

Leave a Comment

You may also like