අලි පැටව් නීති විරෝධී ජාවාරම් කිරීම යලි ඇරඹී තිබේ.මහින්ද ජනපතිවරයා ගේ කාලයේදී ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනගේ සහයෝගයෙන් සිදු කළ අලි පැටවු ජාවාරම යහපාලනය යුගයේදී නැවැත්වීමට කටයුතු කෙරිණි.එතෙක් ජාවරම්කරුවන් විසින් නීති විරෝධීව අල්ලාගෙන ව්‍යාජ බලපත්‍ර මත රඳවා ගෙන සිටි ඇත් පැටවුන් ගණනාවක් පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කෙරිණි.
නන්දසේනගේ නිවසේ ඇත් පැටවුන්….
එහිදී මිල්ටෙරි නන්දසේනගේ නිවසේ බලපත්‍ර රහිතව රඳවාගෙන සිටි ඇත් පැටවුන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.මහේස්ත්‍රාත් වරයෙකුද නීති විරෝධීව ඇත් පැටවකු ළඟ තබා ගෙන සිටින බවට එම පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.උඩුවේ ධම්මාලෝක නම් චීවරධාරියා වෙසෙන ඇලන් මැතිනියාරාමයේද රහසේ රඳවා ගෙන සිටි ඇත් පැටවකුද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙරට ගණිකා අධිකරණය……
මේ චීවරධාරියා අධිකරණය වෙත ප්‍රකාශකර සිටියේ තමන් විසින් නොදන්නා අයකු මේ ඇත් පැටවා විහාරස්ථානයට ගෙන ගොස් දමා ඇති බවය.මෙරට ගණිකා අධිකරණයද උඩුවේ චීවරදාරියා විසින් කළ එම විකාර රෑපී විත්ති වාචිකය පිළිගන්නා ලදී.
මහින්ද ජනපතිවරයාගේ කාලයේදී සිදු කළ මෙම ඇත් පැටවු ජාවාරමේ මූලස්ථානය උඩුවේ ධම්මාලෝක නම් වූ මෙම චීවරධාරියාගේ විහාරස්ථානයයි.මේ ගනින්නාසේ බුද්ධ චීවරයෙන් සිය තිරිසන් ආත්මය වසාගෙන මෙරට සමාජය තුළ ප්‍රබල සංවර ආගමික චරිතයක් ලෙස බැබළෙන වංචනිකයෙකි.මේ චීවරධාරියාගේ සංවරකම ඇත්තේ මාධ්‍ය වල නිරූපනයෙන් හා දේශන වලින් පමණි.අමුම අමු තිරිසනෙක් වන මෙම චීවරධාරියා බෞද්ධ දර්ශනය සිය පැවැත්මට ආධාරක ආවරණයක් ලෙස තබාගනිමින් ඇත් පැටවු අලෙවි කොට කෝටි ගනන් ආදායම් උපයන කෂඩයෙකි.
කාමාතුර සමලිංගිකයෙකි .විහාරස්ථානයේ රූමත් තරුණයන් කිහිප දෙනෙකු රදවා ගනිමින් කාමභෝගී ජීවිතයක් ගෙන යන මේ උඩුවේ චීවරධාරියා ගේ ඇත් පැටවු ජාවාරම පිටුපස සිටින ප්‍රබලයා වන්නේ මිල්ටෙරි නන්දසේනය.
නීති විරෝධීව ඇත් පැටවුන් අල්ලා ගෙන විහාරස්ථානයට ගෙන එන්නේ මහරගම පදිංචි අලි රොෂාන් නැමැත්තාය.මහින්ද ජනපති කාලයේ ඇත් පැටවුන් ඇල්ලීමට අලි රොෂාන්ගේ ආරක්ෂාවට හා සහයෝගය සදහා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පිරිසක් යොදවා තිබුණේ ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්ද සේන ගේ උපදෙස් මතය.
අලි රොෂාන් ඇතුළු මෙම කණ්ඩායම……..
අලි රොෂාන් ඇතුළු මෙම කණ්ඩායම ඇත් පැටවුන් ඇල්ලීම පමණක් නොව දළ ඇතුන් මරා දමා දළ ලබා ගැනීමද සිදු කරන ලදී.ඒ කාලයේදී කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ හබරණ දී අලි ඇතුන් දිගින් දිගටම දුම්රියට හැපී මිය යන ලද්දේ මෙම අලි රොෂාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරකමි හේතුවෙනි.ඇත්පැටවුන් සිටින කණ්ඩායමකින් පැටවුන් වෙන් කොට මහ ඇතුන් දුම්රිය එන වේලාවට දුම්රිය මාර්ගය දෙසට පන්නා දැමීම මේ කණ්ඩායමේ උපාය උපක්‍රම ව්ය .ඉතා මෙලෙච්ඡ සහගතව හා අනුකම්පා විරහිතව අලි රොෂාන් හා විශේෂ කාර්ය බලකා නිළදාරීන් සිදු කළ මේ අලි මෙහෙයුම නිසා දුම්රියේ හැපී මරණයට පත්වූ අලි ඇතුන් සංඛ්‍යාව විශාලය.
මේ අමානුෂික ක්‍රියාව සඳහා මිල්ටෙරි නන්දසේනගේ ආරක්ෂාව හා රැකවරණය නොඅඩුව ලැබුණි.වනජීවී දෙපාර්තමේන්තුවෙි නිළධාරීන් තිරිසන් ආකාරයෙන් සිදු කරමින් තිබූ අලිි ජාවාරම ගැන අකුරක් නෑර දැන සිටියහ.
උඩුවේ චීවරධාරියා හා මහරගම අලි රොෂාන්……
එහෙත් ඒ පිළිබඳව වූ සත්‍යය අනාවරණය කිරීම සිය මරණ සහතිකය ලියා ගැනීමක් වන බවද ඔවුන් වටහා ගෙන තිබුණි. ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන විසින් සිදුකළ තිරිසන් ජාවාරමකට එරෙහිව යන්නට තරම් ශක්තියක්ද ඔවුන් හට නොවීය.
යහපාලනය සමයේදී සිදුකළ පොලිස් පරීක්ෂණ වලදීද එම නීති විරෝධී අලි ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ ඉතා සුළුවෙනි.කෙසේ වෙතත් යහපාලන යුගයේදී අලි ජාවාරම් වලට වැට බැඳුනි.
උඩුවෙි චීවරධාරියා දේශප්‍රේමිත්වය හා සිංහල බෞද්ධ ජාතිකත්වය උපයෝගි කරගනිමින් ඉතා අහිංසක නිර්දොශී සාසනකාමී භික්ෂූ චරිතයකට ප්‍රවේශ වීමෙන් එතෙක් සිදු කළ නීති විරෝධී අලි ජාවාරම් සම්බන්ධයෙන් වූ අධිකරණ නිදහස් වන්නේය.එම චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය සඳහා අළුත්කඩේ අධිකරණයට ඇතුළුවෙද්දී හා පිටවෙද්දී මෙම චීවරධාරියා මාධ්‍ය වෙත සිදු කළ අහිංසක ප්‍රකාශයන් මෙරට සමාජය දැඩි ලෙස කම්පාවට පත් කරන සුළු විය.
එහෙත් මේ ගනින්නාන්සේ අමුම අමු තිරිසනෙකි.සිත්පිත් නැති සත්ව ඝාතකයෙකි.නීතියට වංගු ගසා සමාජය ගොනාට ඇන්දීමට මේ මෙලෙච්ඡ චීවරධාරියාට හැකි වූවද හබරණ දුම්රිය මාර්ගයේදී දුම්රියට යට කොට මරා දැමූ අලි ඇතුන්ගේ සාපය නම් කවදා හෝ හෙණයක් ලෙසින් හෝ පාත්වන බව කිව යුත්තේමය.
යහපාලනය යුගයේදී වැට බැඳි ඇත්පැටවු ජාවාරම ජනපති මිල්ටෙරි නන්දසේනගේ උපදේශකත්වයෙන් හා අවසරයෙන් උඩුවේ චීවරධාරියා හා මහරගම අලි රොෂාන් විසින් නැවත අරඹා ඇත.වර්තමානයේදී අලි ජාවාරමට ආරක්ෂාව සපයන්නේ ගජබා රෙජිමෙන්තුවයි.අපරාදේ කියන්නට බැරිය.ගජබා යන්න අලි ඇල්ලීම යනුවෙන්ද නිර්වචනය කළ හැක්කේය.ඒ ගජ යනු හස්තියාය.බා යන්නෙන් බා ගැනීම නැතහොත් ඇල්ලීමයි.ඒ කෙසේ වෙතත් මේ වන විට මෙරට සිදුවන ඕනෑම අසික්කිත හා අමානුෂික රාජකාරියකට ජනපති මිල්ටෙරි නන්දසේන යොදවන්නේ ගජබා රෙජිමෙන්තුව වීම විශේෂයකි.
ජෙනරාල් මොහාන් රත්නායක හා අලිරොෂාන්………
පසුගියදා හබරණ වනෝද්‍යානයේදී සිදුවූ සිදුවීමකින් නැවත නීති විරෝධී ඇත් පැටව් ජාවාරම සිදුවන බවට තහවුරු වේ.හබරණ වනෝද්‍යාන රාජකාරියේ නිරත වනජීවී නිළධාරීන්ට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව ගජබා රෙජිමෙන්තුවේ නිළධාරීන් පිරිසක් සමග අලි රොෂාන් නැමැත්තා නීති විරෝධීව ඇත් පැටවකු අල්ලා ගැනීමට සැළසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට හෙළිදරව් වී තිබුණි.එතැන් සිට සති දෙකක කාලයක් තිස්සේ වනජීීීවී නිළධාරීන් හබරන වනෝද්‍යානය ආවරණය කරමින් රාජකාරියේ නිරත වූයේ මේ අලි ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීීම සදහාය.එම රාජකාරියේ යෙදී සිටියදීී එක් අවස්ථාවක වනෝද්‍යානයේ සිට එළියට පැමිණි සැක සහිත වාහනයක් නවතා ගැනීමට වනජීවී නිළධාරීන් උත්සාහ කළද එම වාහනය නොනවත්වා ධාවනය කෙරිණි.එහිදී වනජීවී නිළධාරීන් ගල්කුලම යුද හමුදා පොලිස් මුර පොළ දැනුවත් කොට එම වාහනය නවතා දෙන ලෙස ඉල්ලීමක් කළද එම මුරපොළ මගින් ඒ ඉල්ළීම ප්‍රතික්ශේප කොට ඇත්තේ එම වාහනයේ සිටින්නේ මේජර් ජනරාල් වරයකු බව ප්‍රකාශ කරමිනි. එහෙත් වනජීවී නිළධාරීන් එම වාහනය පසුපස හඹා ඒම නතර නොකොට අනුරාධපුරය දක්වා පැමිණීමෙන් පසුව හඹා ආ වාහනය හමුදා කඳවුරට ඇතුළුවන අයුරු නිරීක්ෂණය කර ඇත.ඉන්පසු අනුරාදපුරයේ සිට ආපසු එමින් සිටි වනජීවී කණ්ඩායම පලුගස්වැව ප්‍රදේශයේදී හමුදා කණ්ඩායමක් විසින් නතර කොට තිබේ.ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ගජබා රෙජිමෙන්තුවේ මේජර් ජනරාල්වරයකු අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් වනජීවී නිළධාරියෙකුගේ කණට පහරදීමක් සිදු කළ බව වාර්තාවේ.මෙම මේජර් ජනරාල් වරයා විසින්ම තමන් ආඥාපති මේජර් ජනරාල් රත්නායක බව හදුන්වාදෙමින් තර්ජනාත්මකව හා සැහැසිව හැසිරෙමින් වනජීවී නිළධාරීන් උස්සන බවට හා මරා දමන බවටද ප්‍රකාශ කර ඇත.
ඇත්පැටවු ජාවාරම ජනපති මිල්ටෙරි නන්දසේන ගේ නියෝගයකි……..
මේජර් ජනරාල් වරයා තර්ජනාත්මකව සිදු කළ ප්‍රකාශය අනුව වැඩිදුරටත් අපට හෙළිවී ඇත්තේ ඔහු සිදු කළ රාජකාරිය ජනපති මිල්ටෙරි නන්දසේන ගේ නියෝග හා අනුදැනුම යටතේ ඉටු කළ රාජකාරියක් බවය.
ඒ මේ නීතිවිරෝධී ඇත් පැටවු ජාවාරම පිටුපස ඇති නිරාවරණය නොවූ සත්‍යයයි .මෙම නීතිි විරෝධී ඇත්පැටවු ජාවාරම නැවත ආරම්භ කර ඇත්තේද ජනපති මිල්ටෙරි නන්දසේන ගේ නියෝගයෙනි.එය අපි හොඳාකාරව දනිමු.නීති විරෝධී අලි ජාවරම් නඩු කිහිපයක විත්තිකරුවකු වන අලි රොෂාන්ට හමුදා ආඥාපතිි මේජර් ජනරාල් වරයෙකු ගේ ආරක්ෂාව හා සහයෝගය ලැබෙන්නේද ඒ නිසාය.
මේ හමුුුදා මේජර් ජනරාල් වරයා ජනපති මිල්ටෙරි නන්දසේනගේ හයිය ගෙන වනජීවී නිළධාරීන්ගේ රාජකාරියට සිදු කළ බාධාව පිළිබඳව අද කවුරුත් කටක් අරින්නේ නැත. එහෙත් මේ සිදුවෙමින් යන දේශපාලන විපර්යාසයන් දෙස බලන විට අපට වැටහෙන්නේ මෙහි අවසානය වන්නේ රාජපක්ෂ වරු හැඳි ගෑවී යාමක් බවය .
එහිදී මෙරට පැතිරී තිබෙන රණවිරු මාන්දමද අවසන් වෙන බව සහතිකය.ආං එදාට ඔය ගොන් පාට් දැමූූ මේජර් ජනරාල් වරයා බේරා ගන්නට කිසිවෙකු නොසිටිනු ඇති බවත් කිව යුතුමය.